ක්‍රිකට් ප්‍රමාද දෝෂයට එංගලන්තයෙන් සැලසුමක්

61

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය තවදුරටත් ප්‍රමාද වීම නොවැළැක්විය හැකි බව එංගලන්ත කණ්ඩායම් ප්‍රධානී ඇෂ්ලි ගිල්ස් මහතා සඳහන් කර සිටියේ මේ වන විටත් COVID-19 වසංගතය නිසාවෙන් එංගලන්තය ඇතුළු සමස්ත යුරෝපාකරයටම එල්ල වී ඇති බලපෑම සැලකිල්ලට ගනිමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙනුත් ක්‍රීඩකයින්ට ගෙදර වැඩ

කොරෝනා (COVID-19) වසංගත තත්වය හේතුවෙන් නිවෙස්වලට වී කාලය ගත කරන …

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියකින් ආරම්භ කිරීමට සැලැසුම් කොට තිබූ කොදෙව්වන්ගේ එංගලන්ත තරග සංචාරය දියත් කිරීමට අපේක්ෂා කරන නිශ්චිත දිනයක් පිළිබඳ තවමත් දෙපාර්ශවය එකඟතාවකට පැමිණ නොමැති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය දන්වා සිටියි. 

කෙසේ නමුත් මෙම තත්වය සමථයකට පත්වූ වහාම ඉදිරි තරගාවලි කාලසටහන් පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව හැකිතාක් ඉක්මනින් තරගාවලිය පැවැත්වීමට අවශ්‍ය කටයුතු දෙරටේම ක්‍රිකට් ආයතනයන් එක්ව සම්පාදනය කෙරෙමින් පවතින බව වාර්තා වේ.

සිව්දින තරග ආකෘතියෙන් ක්‍රියාත්මක වන එංගලන්ත ප්‍රාන්ත ශූරතාවලීන් සියල්ලම පාහේ මේ වන විට නවතා දමා තිබෙන්නේ ක්‍රීඩකයින් ඇතුළු සියලු දෙනාගේම ආරක්ෂාවට පළමු තැන ලබා දීමේ අරමුණෙනි. මැයි මස 28 වැනිදා තෙක් එරට දී කිසිදු අන්තර්ජාතික හෝ දේශීය මට්ටමේ ක්‍රිකට් තරගාවලියක් නොපැවැත්වීමට ගත් තීරණයත් සමඟින් පැවැත්වීමට තිබූ තරගාවලි රැසක් අවලංගු කර දැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය හට සිදු විය.

දැනට පවතින තත්වය සලකා බැලීමෙන් අනතුරුව ඉදිරි සති කිහිපය තුල දී රෝග ව්‍යාප්තියේ යම් අඩුවක් නිරීක්ෂණය නොවුනහොත් තවදුරටත් සියලුම තරගාවලි ආරම්භයන් ප්‍රමාද කිරීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් තීරණය කොට තිබේ. 

මේ පිළිබඳ තම අදහස් මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් ගිල්ස් මහතා සඳහන් කර සිටියේ එසේ අඛණ්ඩව මාස කිහිපයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට වුවහොත් වෙනත් විකල්ප ක්‍රියා මර්ගයන් අනුගමනය කිරීමට සූදානම් විය යුතු බවයි.

වසර 3ක කෝලිගේ ආධිපත්‍ය බිඳ වැටේ

පසුගිය වසරේ එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය සැබැවින්ම …

“අපිට මේ මඟ හැරෙන කාල සීමාවේ ක්‍රීඩා කරන්න තිබ්බ තරග කොහොම හරි ඉදිරි දිනයක දී පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. හැම තරගාවලියක්ම අපිට වැදගත්. ඒක නිසා කොහෙත්ම ඉඩ දෙන්න නැහැ නිකරුණේ තරග අවලංගු කරලා දාන්න. අපි බලමු මේ ගැන ඉස්සරහට කරන්න පුළුවන් දේවල් මොනවද කියලා.”

“මේ අවුරුද්දේ කැලැන්ඩරයේ තියෙන තරගාවලි සියල්ලම බාධාවකින් තොරව පවත්වන්න අවස්ථාවක් ලැබුණොත් ඇත්තටම හොඳයි. නමුත් අපිට ඒක ගැන 100%ක් විශ්වාසය තියන්න අමාරුයි. ඒ වගේ මේ අවුරුද්දට යෙදිල තියෙන මොකක් හරි තරගාවලියක් ක්‍රීඩා කරන්නම බැරි තත්වයක් උදා වුනොත්, අපි ඒ අදාළ ක්‍රිකට් පාලක ආයතනයත් එක්ක කථා කරලා ලබන අවුරුද්දෙදි හරි ඒ තරගාවලිය සම්පූර්ණ කරන්න වැඩ පිළිවෙළක් හදන එක ඉතාමත් වැදගත්.”

යම් හෙයකින් පවතින වතාවරණය ඉදිරි කාල සීමාව තුල දී යහපත් අතට හැරුණහොත් ක්‍රීඩකයින්ට එකවරම තරගාකාරී ක්‍රීඩා රටාවට අනුගත වීම තරමක් අපහසු නිසාවෙන් ඊට පිළියමක් වශයෙන් එංගලන්ත සංචිතය තුලින්ම කණ්ඩායම් දෙකක් නිර්මාණය කර පුහුණු තරග පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බව ගිල්ස් මහතා සඳහන් කර සිටියේය.

තවත් තරගාවලියක ඉරණම කෝවිඩ් විසඳයි

ICC ටෙස්ට් ශූරතාවය යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබූ තවත් එක් තරගාවලියක් දින නියමයකින්…

එංගලන්ත කණ්ඩායම මෙවැනි උපක්‍රමයක් අනුගමනය කරන පළමු අවස්ථාව මෙය නොවන අතර ඔවුන් මීට පෙර අවස්ථාවන් කිහිපයක දී ම මෙම උපාය ක්‍රියාවට නැංවීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට සමත්ව තිබේ. ඊට කදිම නිදසුනක් ලෙස ඔවුන්ගේ දෙවන පෙළ කණ්ඩායමත් සමඟ 2010 වසරේ දී අබුඩාබි හී පැවති පුහුණු විස්සයි විස්ස තරගය හඳුන්වා දිය හැක.

එම තරගයේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ දෙවන පෙළ කණ්ඩායමේ ක්‍රේග් කීස්වෙටර් සහ මයිකල් ලෑම්බ් ජාතික කණ්ඩායමේ දොරටු විවර කරගැනීමේ අවස්ථාව උදා කරගත්තේ 2010 වසරේ දී පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලානයේ හිමිකාරිත්වය එංගලන්ත කණ්ඩායමට උරුම කරදීමට ඉමහත් කාර්‍යභාර්‍යක් ඉටු කරමිනි.

“අපිට ඉදිරියේ දී පැවැත්වෙන ප්‍රධාන තරගාවලි වලට කලින් සැලකිය යුතු තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරන්න අවස්ථාවක් නොලැබුණොත් මේ ක්‍රමවේදය ක්‍රියාවට නංවන්න පුළුවන්.”

තවද කාලය ඉතිරි කරගැනීමේ අරමුණින් තම ටෙස්ට් කණ්ඩායමට සහ එක්දින කණ්ඩායමට එකම දිනයන්හී තරගාවලීන් දෙකකට මුහුණ දීමට සිදු වුවහොත් එයට ද ඔවුන් සූදානමින් පසුවන බව වැඩිදුරටත් කරුණු පහදමින් ගිල්ස් මහතා ප්‍රකාශ කර සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<