ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙනුත් ක්‍රීඩකයින්ට ගෙදර වැඩ

101
Sri Lanka Cricket
Sri Lanka Cricket

කොරෝනා (COVID-19) වසංගත තත්වය හේතුවෙන් නිවෙස්වලට වී කාලය ගත කරන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසික හා ශාරීරික යෝග්‍යතා මට්ටම් නිසි ලෙස පවත්වා ගෙන යෑම සඳහා, දිනපතා පුහුණුවේ යෙදීම සඳහා වූ විශේෂ මාර්ගෝපදේශන වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහයෝගය ද ඇතිව හඳුන්වා දීමට බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය පසුගිය දා පියවර ගෙන තිබුණි. 

T20 කිරුල දිනා 6 වැනි සංවත්සරය සමරද්දී මාලිංග කියපු කතාව

ක්‍රිකට් ක්‍රීඩාව හරහා ලොව ප්‍රසිද්ධියට පත් රටවල් අතර ඉදිරියෙන්ම පසුවන්නේ ශ්‍රී…

ඕනෑම පුද්ගලයෙක් දීර්ඝ කාලීනව යම් කාර්යයක නිරත වී කෙටි කලකට හෝ බැහැර වී නැවතත් එම ක්‍රියාව ආරම්භ කරන විට ශාරීරිකව සහ මානසිකව ද විවිධ ගැටලු ඇතිවීමට වැඩි ඉඩක් තිබෙන අතර ක්‍රිකට් ක්‍රීඩකයින්ට ද එය එසේමය. 

ඔවුන් ද දීර්ඝ කාලයක් ක්‍රීඩාවේ නිරත නොවුනහොත් නැවතත් සිය ක්‍රියාකාරකම් ආරම්භ කිරීමේ දී දැඩි අපහසුතාවයකට මෙන්ම ආබාධවලට ඔවුන් ලක්වීමේ ප්‍රවණතාවක් ඇත. එමනිසා පවතින තත්වය ද සැලකිල්ලට ගනිමින් නිවසේ සිටම අභ්‍යාසයේ නිරත විය හැකි ආකාරයේ මාර්ගෝපදේශන වැඩසටහන් ඔවුන් වෙත ලබා දීම කටයුතු කර ඇත.  

මයිකල් ක්ලාක්ගෙන් ප්‍රබල චෝදනාවක්

ඩොලර් මිලියනයක ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ ගනුදෙනු ලබා ගැනීමේ අපේක්ෂාව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ‘මෘදු’…

මේ සම්බන්ධව මේ වන විට දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් සියලුම පුහුණුකරුවන් දැනුවත් කිරීමට බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය පියවර ගෙන ඇත. ක්‍රීඩකයින් එදිනෙදා සිදු කරනු ලබන සියලුම පුහුණුවීම් සහ ව්‍යායාම් කටයුතු පිටිගත කොට පුහුණුකරුවන් මාර්ගයෙන් බස්නාහිර පළාත් ක්‍රිකට් සංගමය වෙත යොමු කරන ලෙස ද වැඩිදුරටත් දැනුම් දී තිබේ.

මෙම වැඩසටහනට අමතරව ක්‍රීඩකයින්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳව මෙන්ම මානසික තත්ත්වය ද යහපත් තත්ත්වයක පවත්වා ගෙන යෑම පිළිබඳව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<