රිනවුන් සහ සොන්ඩර්ස් කණ්ඩායම් වලට ප්‍රභල ජයක්

279
dialog champions league week 7

ඩයලොග් ශූරයින්ගේ පාපන්දු කුසලානයේ තවත් වටයක නිමාව ඊයේ පැවති තරගත් සමඟ සනිටුහන් විය. පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දිනයන්හි තරග 6යක් දිවයිනේ ප්‍රමුඛ පාපන්දු ක්‍රීඩාගාර කිහිපයක් කෙන්ද්‍ර කර ගනිමිනි.

පැවති තරග වලින් රිනවුන් ක්‍රීඩා සමාජය, කොළඹ පාපන්දු සමාජය, ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය සහ සොන්ඩර්ස් ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් සත්වැනි සතියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.

ජාවා ලේන්ට එදිරිව නිව් යන්ග්ස්

සත්වැනි සතියේ අාරම්භක තරගය වූ මෙය 30වැනි සෙනසුරාදා සිටි පාපන්දු සංකීර්ණයේදි පැවති අතර ජය පරාජයකින් තොරව නිමාවට පත් විය.

තරගයේ ප්‍රථම අර්ධයේදි 01 – 00 ලෙස පෙරමුණ ගැනීමට නිව් යන්ග්ස් කණ්ඩායම සමත් විය. වාර්තා වු ගෝලය 27වැනි මිනිත්තුවේදි මොහොමඩ් මුෂිකන් විසින් ලබා ගත් අතර දෙවැනි අර්ධයේදි ප්‍රතිවාදීන් සම කරමින් 81වැනි මිනිත්තුවේදි ජාවා ලේන් ක්‍රීඩක නවීන් ජූඩ් ගෝලයක් දැල වෙත එල්ල කරන ලදි.

අවසන් ලකුණු – ජාවා ලේන් ක්‍රීඩා සමාජය 01 : 01 නිව් යන්ග්ස් ක්‍රීඩා සමාජය

පසුගිය ලිපි: ක්‍රිස්ටල් පැලස් පරදවා මීගමුව තරුණයෝ ඉදිරියට


රිනවුන්ට එදිරිව පොලිසීය

ඉකුත් සෙනසුරාදා (30) පැවති අනෙක් එකම තරගය වු මෙය පොලිස් ක්‍රීඩකයින්ට පරාජයේ අත්දැකීම විදින්නට සිදුවෙමින් ගෝල 06 – 02 ලෙස නිමා වු අතර තරගය කැළණිය පාපන්දු පිටියේදි පැවැත්විය.

රිනවුන් ක්‍රීඩා සමාජ ක්‍රීඩක ජොබ් මයිකල් විසින් අගනා ගෝල 4ක් සිය කණ්ඩායමට එක් කිරීමට සමත් විය. ඒ තරගයේ 51, 60, 80 සහ 87 වැනි මිනිත්තුවලදීය. රිනවුන් සමාජයේ අනෙක් ගෝල ද්විත්වය පිලිවෙලින් මොහොමඩ් ෆාසිල් (45+1 මිනිත්තුව) විසින් සහ ෆසුල් රහුමාන් (68 වැනි මිනිත්තුව) විසින් වාර්තා කරන ලදි.

තරගයේ පොලිස් සමාජය වෙනුවෙන් 53වැනි මිනිත්තුවේදි කෙල්වින් කානු සහ 85වැනි මිනිත්තුවේදි නිලන්ත පතිරණ යන ක්‍රීඩකයින් ගෝල රැස් කිරීමට සමත් විය.

තරගයේදි සුජිත් සංජීව සහ දුමිත් ශෂික යන පොලිස් සමාජ ක්‍රීඩකයින් දෙදෙනාටත්, අෆාම් අක්‍රම් සහ මොහොමඩ් හමයිඩ් යන රිනවුන් ක්‍රීඩකයින් දෙදෙනාටත් විනිසුරුවරයා කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු – රිනවුන් ක්‍රීඩා සමාජය 06 : 02 පොලිස් ක්‍රීඩා සමාජය


කොළඹට එදිරිව අප් කන්ට්‍රි ලයන්ස්

31වැනි ඉරිදා පැවති තරගයේදි කොළඹ පාපන්දු සමාජය, ප්‍රතිවාදීන්ට එකදු ලකුණක හෝ පහසක විඳිමීට ඉඩ නොතබමින් ගෝල 01 : 00 ලෙස නිමාව දුටුවේ කොළඹ සිටි පාපන්දු ක්‍රීඩාංගණයේදී ය.

තරගයේ වාර්තා වූ එකම ගෝලය තුවාන් රිස්නි විසින් 45+2 මිනිත්තුවේදි කොළඹ සමාජය වෙනුවෙන් රැස් කලේය. ඉන්පසු කණ්ඩායම් දෙකම තරග නිමාවන තෙක් කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අපොහොසත් විය.

තරගයේදි විනිසුරුතුමන් විසින් අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩක ඊ. අයිකීහ් හට කහ කාඩ්පතක් ලබා දෙන ලදි.

අවසන් ලකුණු – කොළඹ පාපන්දු සමාජය 01 : 00 අප් කන්ට්‍රි ක්‍රීඩා ලයන්ස් සමාජය

තරගවල ඡායාරූප අැල්බම සඳහා පිවිසෙන්න


නාවික හමුදාවට එදිරිව ගුවන් හමුදාව

වැලිසර නාවික හමුදා ක්‍රීඩා පිටියේදි පැවති තරගයෙන් සත්කාර කණ්ඩායම වූ නාවික හමුදා කණ්ඩායම ගෝල 04 : 01 ලෙස පරාජයට පත් විය. ඒ ප්‍රතිවාදීන් වු ගුවන් හමුදාව හමුවේය.

තරගයේ ප්‍රථමයෙන් ගෝල රැස් කිරීම අාරම්භ කරන නාවික ක්‍රීඩකයෝ තරගයේ 4වැනි මිනිත්තුවේදීම ගෝලයක් වාර්තා කරන අතර ඉන්පසු කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අපොහොසත් විය. වාර්තා වූ එකම ගෝලය රැස් කරගනු ලැබුවේ ක්‍රීෂාන්ත පෙරේරා විසිනි.

8වැනි මිනිත්තුවේදි නිපුන බණ්ඩාර ද, 62වැනි මිනිත්තුවේදි කවින්දු ඉෂාන් ද, 79වැනි මිනිත්තුවේදි කැළුම් පෙරේරා ද ගුවන් හමුදාවට ගෝල රැස් කිරීමට සමත් වු අතර චමීර ක්‍රිෂාන්ත සිය කණ්ඩායමේම දැල වෙත ගෝලයක් එල්ල කිරීම නිසාවෙන් ගුවන් හමුදාව තවත් ලකුණක් හිමි විය. ඒ තරගයේ 43වැනි මිනිත්තුවේදීය.

නාවික හමුදා ක්‍රීඩක චලන චමීර, නිර්මාල් විජේතුංග, චතුරංග සිල්වා සහ ධම්මික රත්නායක යන අයටත් ගුවන් හමුදා ක්‍රීඩක පී. ඒ. ඊ. රොෂාන් යන අයට විනිසුරුවරයා කහ කාඩ්පත් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය 04 : 01 නාවික හමුදා ක්‍රීඩා සමාජය


ක්‍රිස්ටල් පැලස්ට එදිරිව සිවිල් අාරක්ෂකයෝ

ගෝල 05 – 02 ලෙස මෙම තරග නිමා වූයේ ජයතිලක ක්‍රීඩා පිටිය පුරා ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩකයෝ ජය කෙහෙලි නන්වමිනි.

තරගය අාරම්භ වී මිනිත්තු 4ක් වන තැන සිවිල් අාරක්ෂක ක්‍රීඩක ඩබ්. ඩී. ඩී. වීරමන්ත්‍රි විසින් ගෝලයක් රැස්කිරීමට සමත් විය. ඉන් මිනිත්තු දෙකකට පසු ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩක ශමිල් හිල්මි විසින් ගෝලයක් රැස් කිරීමට සමත් විය. ඉන්පසුව පිලිවෙලින් ජීන් ෆ්‍රැන්සිස්කෝ 8වැනි මිනිත්තුවේදී ද, ක්‍රිස්ටොෆර් එරාස්ටස් 13වැනි මිනිත්තුවේදී ද ගෝල රැස් කිරීමට සමත් විය. 84වැනි මිනිත්තුවේදි අයසැක් අබා දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් තවත් ලකුණක් ක්‍රිස්ටල් පැලස් සමාජය වෙත පිරිනැමීය.

තරගයේ 58 වැනි මිනිත්තුවේදි එස්. එන්. අයි. ඩී. කුමාර සිය කණ්ඩායමේ දැල වෙතම ගෝලයක් යොමු කිරීම නිසා ක්‍රිස්ටල් පැලස්ට ලකුණක් හිමිවිය. තරගයේදි ඩබ්. ඩී. ඩී. වීරමන්ත්‍රි 58වැනි මිනිත්තුවේදි තවත් ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.

ජීන් ෆ්‍රැන්සිස්කෝ, අංජන වික්‍රමසිංහ යන ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩකයින්ටද, සිවිල් අාරක්ෂක ක්‍රීඩක එන්. ඩී. ඩී. වීරමන්ත්‍රි හටද කහ කාඩ්පත් නිකුත් කිරීමට විනිසුරුවරයා තීරණය කරන ලදි.

අවසන් ලකුණු – ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජය 05 : 02 සිවිල් අාරක්ෂක ක්‍රීඩා සමාජය

තරගාවලියේ සියළු තොරතුරු සඳහා පිවිසෙන්න – DCL Hub එකට


තිහාරිය යූත්ට එදිරිව සොන්ඩර්ස්

කැළණිය පාපන්දු ක්‍රීඩා පිටියේදි ඉරු දින පැවති මෙම තරගය තිහාරිය සමාජය කිසිදු ගෝලයක් වාර්තා නොකරමින්ද සෝන්ඩර්ස් කණ්ඩායම ගෝල 04ක් වාර්තා කරමින්ද නිමාවට පත් විය.

තරගයේදි සෝන්ඩර්ස් සමාජය වෙනුවෙන් සුන්තරාජ් නිරේෂ් විසින් 42 වැනි සහ 47වැනි මිනිත්තුවලදි ගෝල දෙකක් වාර්තා කල අතර ට්‍රඔරේ මොහොමඩ් 56වැනි මිනිත්තුවේදී ද, අබ්දෙල් මොහොමඩ් 74වැනි මිනිත්තුවේදී ද ගෝල වාර්තා කිරීමට සමත් විය.

තරගයේදි තිහාරිය සමාජ ක්‍රීඩක පී. ටී. ම්මඩුඅබුරුච්චි හට කහ කාඩ්පතක් නිකුත් කරන ලදි.

අවසන් ලකුණු – තිහාරිය යූත් ක්‍රීඩා සමාජය 00 : 04 සොන්ඩර්ස් ක්‍රීඩා සමාජය

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට