ප්‍රබලයින් දෙදෙනෙක් එංගලන්ත එක්දින සංචිතයෙන් හැලේ

එංගලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය 2020

621
England Squad for South Africa

දකුණු අප්‍රිකාවේ සීමිත පන්දුවාර තරගාවලි සංචාරයක නිරත වන එංගලන්ත එක්දින හා විස්සයි විස්ස සංචිත ඊයේ (3) නිවේදනය කර තිබුණා. 

මේ දිනවල ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කරන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක Ben Stokes හා වේගපන්දු යවන ක්‍රීඩක Jofra Archer එංගලන්ත එක්දින සංචිතයට ඇතුළත් කර නොතිබීම විශේෂත්වයක්. තරගාවලිය මේ මස අවසානයේ දී ආරම්භ වීමට නියමිතයි.

Rajasthan Royals නියෝජනය කරන Stokes හා Archer එක්දින තරගාවලියට විවේක ගන්වා තිබුනත්, 2021 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදානම් වීමේ අරමුණින් ඔවුන් දෙදෙනාව එංගලන්ත විස්සයි විස්ස සංචිතයට ඇතුළත් කර තිබෙනවා. 

කෙසේ වෙතත් ඔවුන් සමඟම Rajasthan Royals කණ්ඩායමේ ක්‍රීඩා කරන Jos Butler හා Kolkata Knight Riders කණ්ඩායමේ ක්‍රීඩා කරන එංගලන්ත නායක Eoin Morgan විස්සයි විස්ස හා එක්දින යන සංචිත දෙකටම ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. 

තවත් ක්‍රිකට් පුවත්:

එංගලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයින් 15 දෙනෙකු එංගලන්ත එක්දින සංචිතයට නම් කර තිබෙනවා. Joe Root, Chris Woakes, Olly Stone, Lewis Gregory හා Liam Livingstone එක්දින සංචිතයට පමණක් නම් කර ඇති අතර ක්‍රීඩකයින් 10 දෙනෙකු විස්සයි විස්ස හා එක්දින සංචිතයන් දෙකටම නම් කර තිබීම විශේෂත්වයක්.  

එංගලන්ත විස්සයි විස්ස සංචිතය – Eoin Morgan (නායක), Moeen Ali, Jofra Archer, Jonathan Bairstow, Sam Billings, Jos Buttler, Sam Curran, Tom Curran, Chris Jordan, Dawid Malan, Adil Rashid, Jason Roy, Ben Stokes, Reece Topley හා Mark Wood

එංගලන්ත එක්දින සංචිතය – Eoin Morgan(නායක), Moeen Ali, Jonathan Bairstow, Sam Billings, Jos Buttler, Tom Curran, Lewis Gregory, Liam Livingstone, Adil Rashid, Joe Root, Jason Roy, Olly Stone, Reece Topley, Chris Woakes හා Mark Wood

ජූලි මාසයේ අයර්ලන්තයට එරෙහිව පැවැත්වුණු එක්දින තරගාවලියේ දී ඉහළ දස්කම් දක්වන්නට සමත් වූ David Willey, ආබාධයක් නිසා මේ සංචාරයට එක්වන්නේ නැහැ. ඒ වෙනුවට වසර හතරකට පසුව පසුගිය ජූලි මාසයේ දී එංගලන්ත කණ්ඩායමට එක්වුණු Reece Topley එක්දින හා විස්සයි විස්ස සංචිත දෙකටම නම් කර තිබෙනවා. 

Mark Wood හට සංචිත දෙකේම ස්ථානය වෙන් වෙද්දී, නිමා වුණු අයර්ලන්ත තරගාවලියේ දැක්වූ දක්ෂතා නිසා IPL තරගාවලියට ද තෝරා ගැනුණු Tom Banton මෙවර නම් කර ඇත්තේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙසයි.

එංගලන්ත කණ්ඩායම නොවැම්බර් 16 වැනිදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව යෑමට නියමිතයි. නොවැම්බර් 27 වැනිදා තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<