නිරෝධායන නීති කැඩූ ආචර්ට සමාජ මාධ්‍යවලිනුත් හිරිහැර

363
Photo credits - www.cumnockchronicle.com

කොරෝනා වයිරසයෙන් පසුව ආරම්භ වූ පළමු ටෙස්ට් තරගාවලිය වන කොදෙව් – එංගලන්ත ටෙස්ට් තරගාවලිය මේ වන විට එංගලන්තයේ දී පැවැත්වේ.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන කණ්ඩායම් ජෛව ආරක්ෂක වටපිටාවක් තුල රැඳී සිටිය යුතු බව තරගාවලියට පෙර සියලු දෙනාට දැනුම් දී තිබුණි. කෙසේ වෙතත් පළමු ටෙස්ට් තරගයෙන් පසුව එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් එම නීති උල්ලංඝනය කිරීමක් නිසාවෙන් ඔහුව දෙවන ටෙස්ට් තරගයෙන් ඉවත් කිරීමටත්, දින 14ක ස්වයං නිරෝධායනයකට ලක් කිරීමටත් එංගලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කළේය.

තවමත් ස්වයං නිරෝධායනයේ පසුවන ආචර් එම කාල සීමාව තුල දී කොරෝනා වයිරසය සඳහා වන පරීක්ෂණ සඳහා දෙවරක් පෙනී සිටි අතර එම දෙවතාවේ දී ම ඔහුට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු විය.

ශ්‍රී ලංකාවට එන්න බංග්ලාදේශය මාන බලයි

Daily Mail වෙත අදහස් දක්වමින් ආචර් පවසා සිටියේ ඔහු වැරැද්දක් කළ නමුත් අපරාධයක් නොකළ බවයි.

COVID –19  සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නියෝග කළ ආරක්ෂක ක්‍රියාපටිපාටීන් මම අතින් බිඳ වැටුණා. ඊට පස්සේ තමයි මම ස්වයං නිරෝධායනයට යොමු වුනේ. මම කළ දෙය වැරැද්දක් කියලා මම දන්නවා. ඒකේ ප්‍රතිවිපාක මම අත්විඳිනවා. මම අපරාධයක් කරලා නෑ. මට නැවත මම ගැන හැඟීමක් ඇති කර ගන්න ඕනේ” ආචර් තවදුරටත් පැවසීය.

පසුගිය සති කිහිපය තුළ තමා ජාතිවාදී හිරිහැරයන්ට මුහුණ දුන් බවත්, ඒ සම්බන්ධයෙන් එංගලන්තය සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත පැමිණිලි කර ඇති බවත් ආචර් තවදුරටත් අනාවරණය කළේය.

“සමාජ මාධ්‍ය පසුගිය දින කිහිපය තුළ මට ලොකු බලපෑමක් කළා. මගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පුද්ගලයන් බොහෝදෙනෙකු ඉවත් කරන්න මට සිදු වුනා. මම ඒ ගැන ආපසු හිතන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මට එය අනවශ්‍ය කරදරයක් කියලා මට හිතෙනවා. මම කඩුලු 2ක් ගත්තම හැමෝම නැවතත් සුබපතන්න පටන්ගන්නවා. අපි ජීවත් වෙන්නේ හරිම ඉක්මනින් වෙනස්වන ලෝකයක.” 

2020 IPL සත්කාරකත්වය තීන්දුයි

ආචර් තවදුරටත් කියා සිටියේ තමා සිදු කළ වැරැද්ද සම්බන්ධයෙන් තමා දඬුවමකට ලක්වූ බවත් දැන් එය අමතක අර  ඉදිරියට යා යුතු බවත්ය.

“දැන් මම ඉස්සරහට යන්න උත්සාහ කරනවා. පසුගිය සිකුරාදා සවස මම මේ සම්බන්ධයෙන් පැවැත්වුණු විනය නඩු විභාගයට සහභාගී වුනා. එහි දී තීන්දු කළ දඩයකට මම එකඟ වුනා.”

තමාට අසීරු කාලයක් වූ පසුගිය කාලය තුල තමා සමඟින් රැඳී සිටි තම කණ්ඩායමේ සාමාජිකයින්ට ආචර් කෘතඥතාව පල කළේය.

“මගේ Xbox එක වගේම සහ ව්‍යායාම කරන්න ඕනෙ දේවල් මා ළඟ තිබුණ නිසා මේ කාලය ගත කරන්න පුළුවන් වුනා. ඒත් දින පහක් හෝටල් කාමරයට කොටු වෙලා ඉන්න එක ප්‍රසන්න අත්දැකීමක් වුනේ නෑ. නමුත් මගේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් මට කතා කළා. ඔවුන් මාත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ගේ සහයෝගය පෙන්වුවා. ඔවුන් කිහිප දෙනෙක් එක්ක පරිගණකයේ ක්‍රීඩා කරන්න යොමු වුනා. ඒ වගේම ජෝ රූට් හැමදාම මට කතා කළා. මා ගැන හොයලා බලපු හැමෝටම මම ස්තූතිවන්ත වෙනවා.”

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<