Home Sinhala නිශාන් – ඕෂධගේ ද්විත්ව ශතක සබඳතාවය ශ්‍රී ලංකා බලාපොරොත්තු රැකදෙයි

නිශාන් – ඕෂධගේ ද්විත්ව ශතක සබඳතාවය ශ්‍රී ලංකා බලාපොරොත්තු රැකදෙයි

5037

ශ්‍රී ලංකා A සහ එංගලන්ත Lions කණ්ඩායම් අතර පැවැත්වෙන පළමුවැනි නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද (01) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ක්‍රියාත්මක වුනා.

දිනය අවසන් වන විට තම දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා A කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 228ක් ලබාගෙන සුබවාදී තත්වයක පසු වෙනවා.

අද තරගය ආරම්භ කරන විට එංගලන්ත Lions කණ්ඩායම තම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 3ක් දැවී ලකුණු 249ක් ලබා සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 113ක ඉදිරියක් සහිතවයි.

ඒ අනුව කිසිදු පීඩනයකින් තොරවූ Lions දිනය ආරම්භයේ සිටම තම ලකුණු පැස පුරවා ගැනීමට යුහුසුලු වුනා. අද දිනයේ පළමු කඩුල්ල ලෙස Josh Bohannon දැවී ගියේ ලකුණු 42කටයි.

ඊයේ දිනයේ ලකුණු 62 දී විරාමයක් ලබා ගත් Tom Haines අද උදෑසන සිට නව ජවයකින් යුතුව පන්දුවට පහර දෙමින් තම ශතකය කරා සාර්ථකව ගමන් කළා. පන්දු 138ක් තුල වාර්තා වූ ඔහුගේ ලකුණු 118ක ඉනිම හතරේ පහර 12කින් සහ එක් හයේ පහරකින් හැඩවුනා.

Tom Haines දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුව 389/7ක් ලෙස සටහන් වුව ද, ශ්‍රී ලංකාවට අවසන් කඩුලු 3 බිඳ දැමීම ඒ හැටි පහසු වුනේ නැහැ. ඒ පසුපෙළ පිතිකරුවන් ලෙස Patterson-White සහ Matthew Fisher සාර්ථක පිතිකරණයක නිරත වීම නිසයි. එහි දී White ලකුණු 41ක් රැස් කරද්දී, Fisher අංක 9 පිතිකරුවා ලෙස අර්ධ ශතකයක් වාර්තා කිරීම Lions කණ්ඩායමට අමතර සවියක් ගෙන දුන්නා.

මේ අනුව එංගලන්ත ඉනිම දිවා විවේකයෙන් පසු සියල්ලන් දැවී අවසන් වන විට ඔවුන් ලකුණු 467ක් රැස් කරගෙන අවසන්ව තිබුණා. පන්දු යැවීමේ දී ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය නියෝජනය කළ අම්ශි ද සිල්වා ලකුණු 59කට කඩුලු 3ක් බිඳ හෙළුවා. පන්දුවාර 30ක් යවමින් පන්දු යැවීමේ වැඩි බරක් ඇද දුන් ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 3ක් දවා ගන්නා විට ප්‍රතිවාදීන්ට ලකුණු 159ක් ලබා දී තිබුණා.

ලක්ෂිත මානසිංහ කඩුලු 2යි. පන්දුවාර 5ක් ක්‍රියාත්මක කළ ද, දුනිත් වෙල්ලාලගේට කඩුලු හිමි වුනේ නැහැ. විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම අත්හදා බැලූ පන්දු යවන්නන් සය දෙනාටම එරෙහිව එංගලන්තය පන්දුවාරයකට ලකුණු 4කට වැඩි ලකුණු ලබා ගැනීමේ වේගයක් පවත්වා ගැනීමයි.

මේ අනුව ශ්‍රී ලංකාවට සංචාරක එංගලන්ත Lions කණ්ඩායමට වඩා ලකුණු 331ක් පසුපසින් සිටිමින් තම දෙවැනි ඉනිම අරඹන්නට සිදු වුනා. මෙය දැවැන්ත අභියෝගයක් වුව ද ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු ඉනිමේ තමන් අතින් සිදු වූ වැරදි තේරුම් ගනිමින් ප්‍රශංසාත්මක පිතිකරණයක නිරත වුනා.

තේ විවේකය දක්වා නොබිඳුනු අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නංවා ගනිමින් ස්ථාවර වූ නිශාන් මදුශ්ක සහ ඕෂධ ප්‍රනාන්දු අවසන් සැසියේ දී තම ආත්ම විශ්වාසය වඩාත් වර්ධනය කර ගනිමින් පළමු කඩුල්ල වෙනුවෙන් ද්විත්ව ශතක සබඳතාවයක් ගොඩ නැගුවා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු අද ලකුණු 114ක් රැස් කළේ පන්දු 134කට මුහුණ දෙමිනුයි. ඒ අතරේ ඔහු දැකුම්කළු හතරේ පහර 18ක් එල්ල කළා. හෙට දිනයේ ශතකයක් ගැන බලාපොරොත්තු තබා සිටින නිශාන් මදුශ්ක මේ වන විට නොදැවී ලකුණු 91ක් ලබා සිටිනවා. පන්දු 126ක් ක්‍රීඩා කළ මදුශ්ක මේ වන විට හතරේ පහර 13ක් සහ එක් හයේ පහරක් වාර්තා කරගෙන තිබෙනවා.

දෙවැනි දිනයේ නිමාව සනිටුහන් වන විට ශ්‍රී ලංකා A දෙවැනි ඉනිම දැක්වෙන්නේ පන්දුවාර 48ක් අවසානයේ එක් කඩුල්ලකට ලකුණු 228ක් ලෙසයි. දිනයේ බිඳ වැටුණු එකම කඩුල්ලට Patterson-White හිමිකම් කිව්වා.

මේ අනුව දරුණු පරාජයක් කරා ගමන් ගන්නා බව පෙනුණු මෙම ටෙස්ට් තරගය මේ වන විට ශ්‍රී ලංකාවට යම්කිසි සහනදායී වටපිටාවක් නිර්මාණය කර තිබෙනවා. කඩුලු 9ක් අතැතිව සත්කාරක ශ්‍රී ලංකා A කණ්ඩායම මේ වන විට පිටුපසින් සිටින්නේ ලකුණු 103ක් පමණයි.

Result

Match drawn

Sri Lanka A Team
136/10 (35.4) & 663/9 (157.1)

England Lions
467/10 (87.5) & 221/7 (48)

Batsmen R B 4s 6s SR
Nishan Madushka lbw b Matt Fisher 1 2 0 0 50.00
Oshada Fernando c Jack Haynes b Liam Patterson-White 21 39 3 0 53.85
Nuwanidu Fernando st Jamie Smith b Liam Patterson-White 17 27 3 0 62.96
Nipun Dhananjaya c Haseeb Hameed b Sam Cook 15 21 2 0 71.43
Sadeera Samarawickrama c Liam Patterson-White b Matt Fisher 43 61 7 0 70.49
Sahan Arachchige c Jamie Smith b Tom Abell 3 20 0 0 15.00
Dunith Wellalage c Jamie Smith b Liam Patterson-White 0 4 0 0 0.00
Lakshitha Manasinghe c Jamie Smith b Liam Patterson-White 26 27 5 0 96.30
Amshi De Silva c Jamie Smith b Matt Fisher 0 4 0 0 0.00
Lasith Embuldeniya c Jamie Smith b Matt Fisher 3 9 0 0 33.33
Milan Rathnayake not out 1 5 0 0 20.00


Extras 6 (b 0 , lb 1 , nb 5, w 0, pen 0)
Total 136/10 (35.4 Overs, RR: 3.81)
Bowling O M R W Econ
Sam Cook 7 2 17 1 2.43
Matt Fisher 9.4 1 34 5 3.62
Liam Patterson-White 13 1 51 3 3.92
Tom Abell 4 0 17 1 4.25
Jack Carson 2 0 16 0 8.00
Batsmen R B 4s 6s SR
Alex Lees b Lasith Embuldeniya 56 69 7 1 81.16
Haseeb Hameed c Sadeera Samarawickrama b Sahan Arachchige 81 109 10 0 74.31
Tom Haines c Lahiru Udara b Lakshitha Manasinghe 118 138 12 1 85.51
Tom Abell lbw b Lasith Embuldeniya 7 7 0 1 100.00
Josh Bohannon c Milan Rathnayake b Lasith Embuldeniya 42 50 5 0 84.00
Jack Haynes c Sadeera Samarawickrama b Amshi De Silva 16 13 3 0 123.08
Jamie Smith b Lakshitha Manasinghe 22 23 3 0 95.65
Liam Patterson-White c Dunith Wellalage b Amshi De Silva 41 61 6 0 67.21
Matt Fisher c Sadeera Samarawickrama b Milan Rathnayake 53 46 2 2 115.22
Jack Carson c Nishan Madushka b Amshi De Silva 4 10 1 0 40.00
Sam Cook not out 2 6 0 0 33.33


Extras 25 (b 7 , lb 12 , nb 5, w 1, pen 0)
Total 467/10 (87.5 Overs, RR: 5.32)
Bowling O M R W Econ
Milan Rathnayake 16.5 1 81 1 4.91
Amshi De Silva 10 0 59 3 5.90
Lasith Embuldeniya 30 0 158 3 5.27
Lakshitha Manasinghe 17 1 85 2 5.00
Sahan Arachchige 9 1 44 1 4.89
Dunith Wellalage 5 0 21 0 4.20
Batsmen R B 4s 6s SR
Nishan Madushka c Matt Fisher b Jack Carson 241 423 25 4 56.97
Oshada Fernando c Alex Lees b Liam Patterson-White 114 134 18 0 85.07
Lakshitha Manasinghe c Sam Cook b Tom Abell 73 107 11 2 68.22
Nuwanidu Fernando b Jack Carson 80 90 11 2 88.89
Nipun Dhananjaya b Liam Patterson-White 128 170 18 1 75.29
Sadeera Samarawickrama lbw b Jack Carson 1 2 0 0 50.00
Sahan Arachchige c Tom Haines b Liam Patterson-White 4 11 0 0 36.36
Dunith Wellalage run out (Haseeb Hameed) 0 2 0 0 0.00
Amshi De Silva c & b Jack Carson 0 5 0 0 0.00
Lasith Embuldeniya not out 0 4 0 0 0.00


Extras 22 (b 11 , lb 6 , nb 5, w 0, pen 0)
Total 663/9 (157.1 Overs, RR: 4.22)
Bowling O M R W Econ
Sam Cook 19 1 95 0 5.00
Matt Fisher 15 3 57 0 3.80
Liam Patterson-White 50 7 231 3 4.62
Jack Carson 44.1 6 173 4 3.92
Tom Abell 20 7 55 1 2.75
Tom Haines 9 0 35 0 3.89


Batsmen R B 4s 6s SR
Alex Lees c Sadeera Samarawickrama b Milan Rathnayake 1 8 0 0 12.50
Haseeb Hameed c & b Milan Rathnayake 15 33 3 0 45.45
Tom Haines c Nishan Madushka b Milan Rathnayake 20 24 3 0 83.33
Tom Abell c Sadeera Samarawickrama b Amshi De Silva 11 21 1 0 52.38
Josh Bohannon lbw b Lakshitha Manasinghe 57 86 7 0 66.28
Jack Haynes lbw b Lakshitha Manasinghe 43 38 3 0 113.16
Jamie Smith not out 39 44 5 0 88.64
Liam Patterson-White run out (Lakshitha Manasinghe) 25 34 2 1 73.53
Matt Fisher not out 1 3 0 0 33.33


Extras 9 (b 4 , lb 0 , nb 3, w 2, pen 0)
Total 221/7 (48 Overs, RR: 4.6)
Bowling O M R W Econ
Lasith Embuldeniya 19 3 82 0 4.32
Milan Rathnayake 8 0 31 3 3.88
Dunith Wellalage 5 0 24 0 4.80
Amshi De Silva 5 1 25 1 5.00
Lakshitha Manasinghe 11 0 55 2 5.00



ඕනෑම පාර්ශවයක් දෙසට දෝලනය විය හැකි තරගයේ අතිශයින්ම තීරණාත්මක තෙවැනි දිනයේ සියලු තතු විත්ති එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<