ශ්‍රී ලංකාවේ බර උසුලන්නන් තායිලන්තයට

17

ලෝක බර ඉසිලීමේ ශූරතාව මෙම වසරේ දී තායිලන්තයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර ශ්‍රී ලංකාවෙන් ද ඒ සඳහා සංචිතයක් නම් කර ඇත. 

හතරලියද්දෙන්ම යකඩ තුරුළු කරගත් හැඩකාරයා – ඉන්දික දිසානායක

පොඩි පොදකුත් ආවට අද නම් කොහොම හරි වැඩේ කරගන්නවා’මයි කියලා හිතාගෙන මං 138න් බැස්සේ ක්‍රීඩා අමාත්‍යාංශය ළඟ බස් නැවතුම්පොළින්. මීට කලින් මුහුණු පොතේ දැකලා තිබුනට….

ක්‍රීඩා අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට අවසර දී ඇති අතර ඒ සඳහා 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තේරී පත්ව ඇත. ඊට  ක්‍රීඩකයන් 6 දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඇතුළත්. 

පිරිමි 

  1. ඉන්දික දිසානායක – නායකයා 
  2. චින්තන ගීතාල් විදානගේ 
  3. ඩී. අයි. කුමාර 
  4. ඩබ්. කේ. පලගසිංහ 
  5. ඒ. සී. ලක්මාල් 
  6. කේ. ඒ. සුදේෂ් පිරිස් 

කාන්තා 

  1. ඩී. එච්. ගෝමස් 
  2. සී. එම්. වර්ණකුලසූරිය 

මෙම සංචිතයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය ජයග්‍රහණ රැසක් දිනා දුන් ඉන්දික දිසානායක සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් වරම් දිනා ගත් චින්තන විදානගේ වැනි ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් සහභාගී වන අතර ඔලිම්පික් වරම් දිනා ගැනීම සඳහා පරිසාධන මට්ටම් පරික්ෂා කරනු ලබන තරගාවලියක් ලෙස ද මෙය තරගාවලිය නම් කර ඇත. 

මෙවර ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය ගියවර මෙන්ම ඉන්දික දිසානායක සතු වන අතර ඔහු පවසා සිටියේ මෙම තරගාවලිය දකුණු ආසියානු තරගාවලියට සූදානම් වීමට සහ ඔලිම්පික් වරම් දිනා ගැනීමට හොඳ අවස්ථාවක් වන බවයි. 

පාකිස්තාන – එංගලන්ත තරගයෙන් පසු ක්‍රීඩකයින් තිදෙනෙකුට දඩ ගහයි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර එසවීමේ කණ්ඩායම් තුනක් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සහභාගි වීමට නියමිත අතර එය…

මෙවර ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ධුරය ආර්. බී. වික්‍රමසිංහ මහතා විසින් දරනු ලබන අතර සහය පුහුණුකරු ධුරයන් රුක්ෂාන් ගුණතිලක, එම්. බී. ජයතිලක යන මහත්වරුන් විසින් දරනු ඇත. මෙවර කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ලෙස එම්. යූ දිසානායක මහතා කටයුතු කරයි. 

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම මස 16 වැනි දා දිවයිනෙන් පිටත් වීමට නියමිත අතර 18 වැනි දින සිට 27 වැනි දින දක්වා මෙම ශූරතාවය තායිලන්තයේ දී පවත්වනු ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<