ලකුණු 692ක් සමඟින් වෝනර් මෙවර IPL පිටියට සමුදෙයි

376

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර තවදුරටත් පෙරමුණේ රැඳී සිටින සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ඩේවිඩ් වෝනර් ඊයේ (29) කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමඟ පැවැත්වුණු තරගයේ දී ද ලකුණු 81ක් ලබාගෙන සිය කණ්ඩායමේ ජය තහවුරු කරමින් මෙවර IPL ක්‍රිකට් පිටියට සමුදුන්නේය.

වෝනර් දවාගැනීමට ස්මිත් රැකගත් සුපිරි උඩපන්දුව

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 45වන තරගය ……

තරගයේ කාසියේ වාසිය දිනා ගත් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් නායක රවිචන්ද්‍රන් අශ්වින් පළමුව පන්දුවට පහර දීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ආරාධනා කළේය. එහි දී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ වෝනර් හා විර්දිමන් සාහා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවූයේ පන්දු 38ක් තුලයි.

ලකුණු 28ක් ලබා සිටි සාහාගේ දැවී යාමට පසුව පන්දු 56ක් තුල 4 පහර 7ක් හා 6 පහර 2ක් එල්ල කරමින් ලකුණු 81ක් ලබා ගැනීමට වෝනර් සමත් විය. එහි සවියෙන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 212ක් රැස්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

එයට පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම ඔවුන්ගේ නියමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 167කට සීමා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් පන්දු යවන්නන් සමත් වූයේ ලකුණු 45ක ජයක් ලබා දෙමිනි.

වෝනර් මෙවර IPL පිටියෙන් සමු දුන් තරගය ජයගෙන ඔහුට ජයග්‍රාහී නික්ම යාමක් ලබා දීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය. මේ තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත් වෝනර් තරගයට පසුව මෙසේ පැවසීය.

“සත්කාරක ක්‍රීඩා පිටියේ දී ප්‍රේක්ෂකයින් ලබා දුන් ඔල්වරසන් හඬ අපේ කණ්ඩායමට වගේම මටත් ලොකු සවියක් වුනා. ඉදිරියේ දීත් ඔබලාගේ සහාය අපේ කණ්ඩායමට ලැබෙයි කියලා මම හිතනවා.”

දෙවන මට්ටමේ කණ්ඩායම්වලට වැදගත් තරගාවලි රැසක්

වෝනර්ට අමතරව මෙවර IPL ක්‍රිකට් පිටිය නියෝජනය කරන ලෝක කුසලාන සංචිතයේ සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් සියලුම දෙනා මේ සතිය තුල සිය මව් රට බලා පිටත්ව යනු ඇත.

අද (30) වන විටත් 2019 IPL ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන වෝනර් මෙවර IPL පිටියට සමුදෙන විට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් තරග 12ක දී ලකුණු 692ක් ලබාගෙන තිබෙන්නේ අර්ධ ශතක 8ක් ද සමඟයි.

වෝනර් 2018 මාර්තු මාසයට පසුව ජාත්‍යන්තර මට්ටමේ කිසිදු ක්‍රිකට් තරගයක් සඳහා ක්‍රීඩා නොකළේ පන්දුව පළුදු කිරීමේ වරදට හසුව තහනමට ලක්ව සිටි නිසාවෙනි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ලබා ගත් මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ මේ දක්වා ක්‍රීඩා කළ තරග 12න් තරග 6ක් ජයග්‍රහණය කර ඇති ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානයේ පසුවෙයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<