වසරේ අවසන් මැරතන් තරගයට ලෝක ශූරයන් එංගලන්තයට

109
Image Courtesy: Thomas Lovelock

කොරෝනා වසංගතය නිසාවෙන් මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මැරතන් තරග රැසක් අවලංගු කිරීමෙන් අනතුරුව මෙම වසරේ පැවැත්වීමට ඇති අවසන් ප්‍රධාන  මැරතන් තරගය වන ලංඩන් මැරතන් තරගය මෙම මස 04 (ඉරිදා) දින පැවැත්වීමට නියමිතව ඇත.

වසංගත තත්වය නිසාවෙන් මෙවර තරගාවලිය විශේෂ ක්‍රීඩකයන් කාණ්ඩයට පමණක් විවෘත කරමින් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කළ අතර එම මැරතන් තරගය සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහොමයක් මේ වන විටත් එංගලන්තයට පැමිණි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඒ අනුව ලෝක ශූර Eliud Kipchoge, Kenenisa Bekele, Brigid Kosgei සහ Ruth Chepngetich ඇතුළු කණ්ඩායමක් මුල්ම ක්‍රීඩක කණ්ඩායම ලෙස එංගලන්තයේ ලන්ඩන් නුවරට පැමිණ ඇති අතර ඔවුන් තරගාවලිය ආරම්භ වන දින තෙක් සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාවක (bio secure hotel bubble) සිය කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

තරගාවලියට පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු එයට සම්බන්ධ සියලුම පාර්ශවයන් නවාතැන් ගන්නා හෝටලයට පැමිණීමට දින හතරකට පෙර PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත අතර ඔවුන් පැමිණීමෙන් අනතුරුව තරගයට දිනකට පෙර නැවතත් ඔවුන් සියල්ල එම පරීක්ෂණයන්ට යොමු කිරීමට නියමිතව ඇත.

තවත් ක්‍රීඩා පුවත්:  

එංගලන්තයට පැමිණි පසු තරගාවලිය පිළිබඳව අදහස් දක්වමින් වත්මන් මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ක්‍රීඩක Eliud Kipchoge ගේ කළමනාකරු වන Valentijn Trouw ප්‍රකාශ කර සිටියේ තරගාවලියට සහයෝගය වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සපයන පහසුකම් ඉතා ඉහළ මට්ටමක තිබෙන බවයි.

“Eliud Kipchoge අවසන් වරට තරග වැදී වසරකට ආසන්න කාලයක් ගත වෙලා අවසන්, එහි දී ඔහු මුල්ම වරට පැය දෙකකට අඩුවෙන් මැරතන් තරගයක් නිමා කළ මුල්ම ක්‍රීඩකයා බවට පත්වුනේ. අප බොහෝ කලක් බලන් සිටියා නැවත තරග වදින්න, අප ඉරිදා වනතුරු දින ගනිමින් සිටින්නේ” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

ලොව ප්‍රකට මැරතන් තරගයක් වන ලන්ඩන් මැරතන් තරගය මෙම වසරේ අප්‍රේල් මස 26 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා වයිරසය ලොව පුරා ව්‍යාප්ත වීම නිසාවෙන් එම තරගය ඔක්තෝබර් මස 04 වැනිදා දක්වා කල් දැමීමට සංවිධායකයින් තීරණය කරන ලදි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<