ඔමල්කට තරග තහනමක්!

125

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 13 වැනි සතියේ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේ දී, විනිසුරු තීරණ නොතකා තරගයෙන් ඉවත් වීම හේතුවෙන් නායක ඔමල්ක ගුණරත්න ප්‍රමුඛ CR&FC කණ්ඩායමට රග්බි ලීගය තහනමක් පැනවීමට ඊයේ (17) ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ විනය කමිටුව කටයුතු කළා.

CR කණ්ඩායමට ලීගය තහනම්!

මීට සති දෙකකට ඉහත දී 2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිස් ක්‍රීඩා …..

මාර්තු 04 වැනිදා පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති තරගයේ දී විනිසුරු ප්‍රනීත් වෙරංග CR ක්‍රීඩකයෙක්ට අක්ෂි ආශ්‍රිත රෝගී තත්වයක් (ඇස් ලෙඩ) තිබීම හේතුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා නොදුන් අතර එම තීරණයට විරෝධය පාමින් CR කණ්ඩායම පිටියෙන් ඉවත් වීම හේතුවෙන් පැවැත්වූ විනය පරීක්ෂණයේ දී CR කණ්ඩායම වැරදිකරුවන් ලෙස සනාථ වීමෙන් අනතුරුව මෙම තරග තහනම ඔවුන්ට පනවා තිබෙනවා.

එසේම CR&FC කණ්ඩායමේ නායක සහ ශ්‍රී ලංකා ජාතික සංචිතයේ නායක ඔමල්ක ගුණරත්නට ද තරග 8ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රග්බි කමිටුවේ විනය කමිටුව තීරණය කර ඇත. 

ඔමල්ක ගුණරත්නට පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය පැවැත්වෙන දින අක්ෂි ආශ්‍රිත රෝගී තත්වයක් තිබී ඇති බවත්, එවැනි රෝගී තත්වයක් සමඟ ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට අවසර ලබා දීමට නොහැකි බවත් තරග විනිසුරු ප්‍රනීත් වෙරංග පැවසු අවස්ථාවේ දී තරගයේ 65 වැනි විනාඩියේ දී CR&FC කණ්ඩායම පිටියෙන් ඉවත් වීමට තීරණය කර ඇත.

පාසල් රග්බි ලීගය කල් දැමේ

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා හෙවත් COVID-19 වයිරසය වසංගතයක් ……

ඒ හේතුවෙන් කණ්ඩායමේ නායක ඔමල්ක ගුණරත්නට තරග 8ක තහනමක් පැනවි ඇති අතර එසේම කණ්ඩායමේ කළමනාකරු ෂෙයික් හුසේන්ට ද වහාම ක්‍රියාත්මක වන පරිදි සති 12ක තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ විනය කමිටුව කටයුතු කළා. තරග තහනමට අමතරව CR&FC කණ්ඩායමට රුපියල් 350,000ක දඩයක් ද පැනවීමට ද ශ්‍රී ලංකා රග්බි කමිටුව කටයුතු කර තිබෙනවා.

COVID19 වයිරස් තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව වටා පැවැත්වීමට නියමිතව තිබූ තරග විශාල ගණනක් අත්හිටුවා ඇති අතර ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සුපිරි වටය ද අහෝසි කරමින් තරගාවලියේ ජයග්‍රහණය මහනුවර ක්‍රීඩා සමාජයට ලබා දීමට සංවිධායක කමිටුව කටයුතු යොදා තිබුණා.

ශූරතාවය මහනුවරට!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරයන් ලෙස කිරුළු පැලඳීමට මහනුවර…….

එසේම ඩයලොග් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තරග දෙකක් පමණක් ක්‍රීඩා කළ අතර ඉතිරි තරග සියල්ලක්ම දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය ඇතුළුව පාසල් රග්බි කමිටුවට සිදු විය.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<