චමීර ඇතුළු Lucknowට ලොකු දඩයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

5642
KL Rahul and Lucknow Super Giants

Mumbai Indians සහ Lucknow Super Giants අතර ඊයේ (24) පැවති IPL තරගයේ දී නියමිත කාලය තුළ පන්දුවාර විස්ස ක්‍රියාත්මක නොකිරීමේ වරද නිසාවෙන් Lucknow කණ්ඩායමට දඩ නියම කිරීමට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.

KL Rahulගේ නායකත්වයෙන් යුත් Lucknow මෙවර තරගාවලිය තුළ අදාළ වරද සිදු කළ දෙවැනි අවස්ථාව මෙයයි. ඒ අනුව Lucknow නායක KL Rahul හට ඉන්දීය රුපියල් ලක්ෂ 24ක මුදලක් දඩ ලෙස නියම කර තිබෙනවා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියක පමණ අගයක් වෙනවා.

ඊට අමතරව එම තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇතුළු සෙසු ක්‍රීඩකයින් සියලුම දෙනා හට ඉන්දීය රුපියල් ලක්ෂ 6ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 26කට ආසන්න මුදලක්) හෝ තරග ගාස්තුවෙන් 25%ක දඩ මුදලක් නියම කර තිබෙන බව IPL සංවිධායකයින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.

Lucknow විසින් තරගාවලියේ ඉතිරි තරග තුළ දී ද මෙම වරද යළිත් වරක් සිදු කළහොත් කණ්ඩායමේ නායක Rahulට එක් තරගයක තහනමක් පැනවීමට ද කටයුතු කරනු ඇත.

Rahulගේ නායකත්වයේ සුපිරි ශතකයෙන් සවිබල ගැන්වුණු Lucknow කණ්ඩායම Mumbai Indians සමඟ පැවති මේ තරගයෙන් ලකුණු 36ක ජයක් වාර්තා කිරීමට සමත් වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<