දැල්පන්දු නිලවරණය වැට උඩ

245

විගණන වාර්තාවේ සහතික කරන ලද පිටපත ලබා ගැනීමේ සිදු වූ කිසියම් ප්‍රමාදයක් හේතුවෙන් එළඹෙන 29 වැනිදා පැවැත්වීමට තිබූ ශ්‍රී ලංකා දැල්පන්දු සංගම් නිලවරණය දින කිහිපයකින් කල් දැමූ බව 18 වැනිදා නිල වශයෙන් නිවේදනය කළේය.

ආසියානු යොවුන් දැල්පන්දු බල ඇණියේ නායකත්වය නදීට

දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත තුන් වන ආසියානු දැල්පන්දු තරගාවලිය නියෝජනය කිරීමට සැරසෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නදී ප්‍රනාන්දුට…

අප්‍රේල් මාසයේ යොදාගෙන තිබෙන ජාතික ක්‍රීඩා සංගම් නිලවරණ කිහිපයක්ම මෙසේ අත්හිටුවීමට සිදුව තිබෙන්නේ මෙවැනිම වූ හේතුකාරනා නිසාවෙනි.

මෙම නිලවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම ඉකුත් 12 වැනිදායින් අවසන් වූ අතර ඒ සඳහා කැඳවූ නාම යෝජනා විවෘත කිරීම ඊයේ (19) සිදු කිරීමට නියමිතව තිබුණි.

කෙසේ වුවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගෙන් උපදෙස් ලබා ගත් දැල්පන්දු සම්මේලනය, මෙම නිලවරණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය. එහි දී අමාත්‍යවරයා කියා සිටියේ විගණන වාර්තා ලබා ගත් සැණින් නිලවරණය යළි කැඳවන ලෙසත් එය ලබන මැයි මස 15 වැනිදාට පෙර පවත්වා අවසන් කිරීමට උනන්දු වන ලෙසත්ය.

දැල්පන්දු සම්මේලනයේ වත්මන් නියෝජ්‍ය සභාපතිනි යස්මින් ධර්මරත්න මහත්මිය ප්‍රමුඛ නිලවරණ කමිටුවක් ද මේ වන විට දැල්පන්දු නිලවරණය ඉලක්ක කරමින් පත් කර ඇත.

එම කමිටුවේ ලේකම් ලෙස කේ. ඩී. යූ. ධනවර්ධන මහත්මිය කටයුතු කරන අතර ඕලිවියා ගමගේ, රූපා ගුණසේකර හා ලයානි රේණුකා යන අය මෙහි සෙසු සාමාජිකාවන් වේ.

මෙවර සභාපති ධූරයට හිටපු සභාපතිනියක් වන ට්‍රික්ෂි නානායක්කාර හා ලක්ෂ්මි වික්ටෝරියා යන මහත්මීන් අතර පවතින්නේ දැඩි තරගයකි. ප්‍රධාන ලේකම් චම්පා ගුණවර්ධන මහත්මිය හා ජාතික දැල්පන්දු කණ්ඩායමේ හිටපු නායිකාවක් වන ජයන්ති සෝමසේකරම් ද සිල්වා මහත්මියත් නාම යෝජනා ඉදිරිපත් කර තිබේ.

දැල්පන්දු සම්මේලනයේ අනුබද්ධ සංගම් 34 සඳහාම මෙවර නිලවරණයේ දී ඡන්ද බලය ලබා දීමට දැල්පන්දු සම්මේලනය තීරණය කර ඇති බව වාර්තා වූ අතර විගණන වාර්තා නොමැතිව නිලවරණ නොපවත්වන ලෙස මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා ජාතික ක්‍රීඩා සංගම් වෙත උපදෙස් දී ඇත.

නිලවරණය කල් දැමීම සඳහා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අනුමැතිය ලබා දී ඇති බවත් ඒ අනුව මැයි 31 වන දිනට ප්‍රථම නිලවරණය සිදුකරන බවත් ප්‍රධාන ලේකම් චම්පා ගුණසේකර මහත්මිය ThePapare.com සමඟින් පවසා සිටියාය.

“අපි 2017 අප්‍රේල් 29 වැනිදා ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය පවත්වන්න හිටියේ. එ්ත් විගණන වාර්තා නියමිත වේලාවට ලබා ගැනීමට බැරි වුණු නිසා අප සම්මේලනය මේ නිලවරණය කල් දැමීමට තීරණය කළා” ඇය පැවසීය.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට