සබරගමුව ක්‍රීඩා සංකීර්ණයට මුල්ගල් තබමින් සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවින් දිසානායක මහතා කළ කතාව

144

සාමාන්‍යයෙන් මම දේශපාලඥයෙක් හැටියට මුල්ගල් තැබීමේ උත්සව ලොකුවට කරන්නේ නැහැ. මක්නිසාද දේශපාලඥයෝ නොයෙක් අවස්ථාවල මුල්ගල් තියනවා.  නමුත් බොහෝ අවස්ථාවල වැඩේ අවසන් වන්නේ නෑ. මම මෙම වැඩ කටයුතු විශාල වශයෙන් ජනතාවට ඒත්තු ගන්වන්නේ වැඩ අවසන් කරලා.   මෙම ක්‍රීඩා සංකීර්ණය විවෘත කරන දවසේ.   නමුත් අද රත්නපුර පළාතටම විශාල සම්පතක් අපි ලබා දෙනවා.මෙම ක්‍රීඩා සංකීර්ණය මිලියන 250ක් වටිනා අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක්  කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික් දරුවන්ට. මේකෙන් විශාල ශක්තියක් ලැබෙනවා.  මම ඉල්ලන්නෙ ක්‍රීඩා ඇමති වශයෙන් මේ මිලියන 250ම මෙම ක්‍රීඩා සංකීර්ණයට යන්න ඕනි කියලා.  ඒ වගේම අනාගතේ බිහිවෙන ක්‍රීඩා සංකීර්ණවල ප්‍රමිතීන් ගැන මා සොයා බලනවා.  

මේ ක්‍රීඩා සංකීර්ණ හදන කොට තව අංග දෙකක් ඇතුලු කරන්න අවශ්‍යයි. එකක් තමයි මීටර් 400 ට්‍රැක් එකක්.  කෘතිම ට්‍රැක් එකක් දාන්න පුළුවන් නම් තවත් හොදයි.  ඊලගට ගෘහස්ථ ක්‍රිකට් ස්ටේඩියම් එකක්. අඩුම ගානෙ නෙට්ස් 05ක් වත් දාන්න පුළුවන් ස්ටේඩියම් එකක් හදන්න. මම හිතන්නෙ ඒකෙන් විශාල සෙතක් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලැබෙනවා. මේ සියළු දෙයක්ම අඩංගු කරලා හදන විශාල ගොඩනැගිලි සංකීර්ණ පමණක් නෙවෙයි. ක්‍රීඩාවෙ දියුණුව කියන්නෙ. මෙතන අපි මිලියන 250ක් වියදම් කරනවා. නමුත් අපි අපගේ ක්‍රීඩකයන්ව පෝෂණය කරන්න, ඒගොල්ලන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙන්න, දිරිමත් කරන්න, අපගේ කෝච්ලව හොදට දියුණු කරන්න, ඒගොල්ලන්ව හොද මානසිකත්වයකට ගේන්න ඒකට මිලියන 250ක් යන්නේ නෑ.  ඉතින් මිලියන 250ක් එක පැත්තකින් කරලා අනිත්දේ අපි අමතක කරන්න හොද නෑ.  මම ඒක දැඩි ලෙස ඉල්ලනවා. ක්‍රීඩා අමාත්‍යාංශයේ තියන මේ සම්පත් ප්‍රමාණය හරියාකාරව බෙදන්න මා උත්සාහ කරනවා. කොන්ට්‍රීට් ගොඩනැගිලි අපට අවශ්‍යයි. නමුත් අපි අපගේ දරුවන්ගේ මානසික තත්වය සහ හදවත දියුණු කරන්න අවශ්‍යයි. එමනිසා මම ක්‍රීඩා ඇමති වශයෙන් කටයුතු කරන සුළු කාලය තුල එක කරුණක් වැඩහුනා.  පුදුමාකාර දක්ෂකම් තියන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපේ මාතෘ භූමියේ සිටිනවා මගේ යුතුකම තමයි මගේ ක්‍රීඩා අමාතයාංශයේ නිලධාරීන් සමඟ මේ ක්‍රීඩ ක්‍රීඩිකාවන්ට ඉදිරියට එන්න පුළුවන් වාතාවරණයක් හදන එක.  ඒ ගොල්ලන්ට තිබෙන බාධක අපි අයින් කරන්න අවශ්‍යයි.   ආර්ථික ප්‍රශ්ණ ඇති වෙනවා.  සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමුතු ප්‍රශ්ණ තියෙන්නෙ. මම එක ප්‍රශ්ණයක් කියන්නම් කෝච්ලා කැමති නෑ තවත් කෝච් කෙනෙක් ඇවිල්ලා ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණු කරනවාට. මොකද මේ කෝච් හා දරුවා අතර විශාල බැඳීමක් තිබෙනවා. ඉතින් මේවා මානසික ප්‍රශ්ණ. දැඩි නීති රීති දාලා මේවා විසදන්න බෑ. මේවා මානුෂීය වශයෙන් බලලා විසදුම් දෙන්න ඕනි.  

ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් ඒ කැපිලි කෙටිලි වලට මම නම් ඉඩ තියන්නේ නෑ.  කොල, නිල්, රතු කියලා ක්‍රීඩා ක්ෂේත්‍රයේ නෑ. අපිට ඕනි දක්ෂ දරුවන්ටික ඉදිරියට ගන්න.  මම උදාහරණ දෙකක් දෙන්නම් එකක් තමයි ලසිත් මාලිංග, කොහෙද හිටියෙ, නිල වශයෙන් පුහුණුවක් ලැබුනද? නැද්ද? එහෙම ලැබුනේ නෑ.  ලසිත් මාලිංග ස්වාභාවික ක්‍රීඩකයෙක් එයාගෙ ඇක්ෂන්එක වෙනස් කරන්න ගියානම් අද ලසිත් මාලිංග නෑ.

නමුත් අපේ මේ ක්‍රිකට් කෝචිං ක්‍රමයෙන් එයාව හඳුනාගෙන උඩට ආවා. අනිත් එක්කෙනා සුසන්තිකා.  සුසන්තිකා ස්වභාවික ධාවන ශූරියක්.  උපතින්ම එයාට  ඒක තිබ්බා.  ඉතිං සුසන්තිකාල කීදෙනෙක් අපේ රටේ ඉන්නවද? අපි ඒ ක්‍රමය අදාගන්න ඕනි. එක සුසන්තිකා කෙනෙක්වත් අපිට අතහරන්න බැරි තත්වයකට අපි මේ ක්‍රමය හදන්න ඕනි. ඒකයි මගේ අරමුණ. ඒකට අපිට සුළු කාලයක් යනවා. මේ ක්‍රමය හරියට හදාගන්න. මම එක පොරොන්දුවක් දෙනවා අපිට මේ ලැබුන පළාත් ක්‍රීඩා සංකීර්ණ හා දිස්ත්‍රික්ක සංකීර්ණ අපි අනිවාර්යෙයන්ම අවසන් කරනවා.  ඒ ගැන කතා දෙකක් නැහැ.

 

අගමැතිතුමා සහ ජනාධිපති තුමා මට ඒ අවශ්‍ය සම්පත් ටික ලබා දෙනවා.  ඊට පසුව වැදගත්  මේ හදන ක්‍රීඩා සංකීර්ණ ටික කළමනාකරණය කරන්නෙ කොහොමද කියන එක. ඒකට අපේ ක්‍රීඩා සමිති ටික බද්ධ කරන්න අවශ්‍යයි.  මිලියන ගණනක පූල් එකක් හදනවා. නමුත් පූල් එක හරියට පාවිච්චි කරන්නෙ නෑ. මොකක්ද ඉතිං පූල්එක හදන එකේ තියන වටිනාකම.  එතකොට එතට අවශ්‍ය පිහිනුම් උදේශකවරු ටික දාන්න අවශයි.ඒක කළමනාකරණයේ ප්‍රශ්ණයක්. සංකීර්ණව හදනවා වගේම හදන සම්පත කළමනාකරණය කිරීමටත් වැඩ පිළිවෙලක් දාන්න අවශ්‍යයි.  මේක මහින්ද රාජපක්ෂ මහතා පටන්ගත්තා කියලා  අපි නවත්තන්න යන්නේ නැහැ. මේක හොඳ වැඩක්. අපි එක පැත්තකින් සම්පත් දියුණු කරන අතර අනෙක් පැත්තෙන් මානව කළමනාකරණය දියුණු කරන්න අවශ්‍යයි. අපට ඉතාමත් දක්ෂ දරුවන් පිරිසක් ඉන්නේ ක්‍රීඩාව සම්බන්ධයෙන්.  මේ දරුවන් නොයෙක් අපහසුකම් මැද තමාගේ දිරිය ශක්තියෙන් මානසිකව ඉදිරියට එන්න උත්සාහ කරනවා.  මා ප්‍රකාශ කරනවා මේ දරුවන්ට බයවෙන්න එපා දුවේ පුතේ ශක්තිමත්ව ඉදිරියට එන්න. ධෛර්ය කියනදේ ඔයගොල්ලන්ගේ ඇගේ තියනවා. ඒ ධෛර්ය තවත් දියුණු කරලා නොපසුබටව ඔයගොල්ලන්ගෙ ක්‍රීඩා ශක්තීන් මාතෘ භූමියට ලබාදෙන්න කියා මම ඉල්ලීමක් කරනවා. මෙම සංකීර්ණය අවුරුද්දක් ඇතුළත රත්නපුර දිස්ත්‍රික් ජනතාවට ලබාදෙනවා.