ගෙවුනු දවස: ඔක්තෝම්බර් 28 – ජයග්‍රහණය තර්ස්ටන් විදුහලට

461

ඊයේ (28) පැවති ත්‍රිත්ව විද්‍යාලය සහ වෙස්ලි විද්‍යාලය අතර පැවති තරගයේ ඡායාරූපයක් ©ThePapare.comවෙලඳ සංගම් පිටියේදී නිමාවු MCA 20-20 තරගාවලියේ ඩිමෝ කණ්ඩායමට එදිරිව සම්පත් බැංකු කණ්ඩායම් තරග වැදුනු තරගයේ ඡායාරූපයක් ©ThePapare.comනිහාල් මෙන්ඩිස් අනුස්මරණ පාපන්දු තරගාවලියේ අතරතුර ලබා ගත් ඡායාරූපයක් ©ThePapare.com(1)

කාර්යයබහුල ජීවිතය අතරතුර ඔබට මඟහැරෙන ක්‍රීඩා පුවත් සාරාංශ ගත කර සෑම උදෑසනකම “ගෙවුනු දවස” ලිපි මාලාව හරහා අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම පසු දින ඉරිදා පුවත් වලට අමතරව එම සතියේ සිදුවු විශේෂ පුවත් ද “ගෙවුනු දවස” හරහා අප ඔබට සමීප කරයි.

පාපන්දු

නිහාල් මෙන්ඩිස් කුසලානය කඳානට

කඳාන ද මැසිනොද් විද්‍යාලය හා කොටහේන  ශාන්ත බෙනඩික් විද්‍යාලය අතර කඳාන මැසිනොද් විද්‍යාලය පාපන්දු ක්‍රීඩාංගණයේදී ඊයේ (ඔක්තෝබර් මස 28) දින පැවති නිහාල් මෙන්ඩිස් අනුස්මරණ කුසලාන තරඟයේදී ගෝල  2-1 ලෙස තියුණු ජයක් ලබා ගැනීමට  සත්කාරක මැසිනොද් ක්‍රීඩකයන් සමත් විය.

ප්‍රථම අර්ධය – ද මැසිනොද් විද්‍යාලය 01 : 01 ශා .බෙනඩික් විද්‍යාලය

අවසන් ලකුණු – ද මැසිනොද් විද්‍යාලය 02 : 01 ශා .බෙනඩික් විද්‍යාලය

ThePapare.com තරඟයේ වීරයා ප්‍රමුදිත ගුණසේකර

සම්පූර්ණ ලිපිය බලාපොරොත්තු වන්න


ක්‍රිකට්

තර්ස්ටන්, වෙස්ලි විදුහල් වලට ජය

සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (28) පැවැත්වුනු තරග අතුරින් පූර්ණ තරග ජයක් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ හිමිවුණු අතර ත්‍රිත්ව විද්‍යාලයට මුල් ඉනිමේ ජයකින් සෑහීමකට පත්වන්නට සිදුවිය. අනෙක් තරග ප්‍රථම දිනයට ක්‍රියාත්මක විය.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 82 (පන්දුවාර 33.2)

සඳරු ඩයස් 5/11, තුශාල් මධුශංක 2/19.

තර්ස්ටන් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 191 (පන්දුවාර 48.5)

චරණ නානායක්කාර 44, යෙශාන් වික්‍රමාරච්චි 37, නිමේෂ් ලක්ෂාන් 23, ජනිඳු ජයවර්ධන 3/41, පසිඳු බණ්ඩාර 2/18, සසිරි අධිකාරි 2/27.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 137 (පන්දුවාර 47.3)

ශහිරු රොෂේන් 32, හසිත තිමල් 32, අරෝෂ මදුෂාන් 23*, සඳරු ඩයස් 4/44, තුෂාල් මධුශංක 4/39, චරණ නානායක්කාර 2/06.

තර්ස්ටන් විද්‍යාලය (දෙවන ඉනිම) කිසිවෙකු නොදැවී ලකුණු 29 (පන්දුවාර 5.3)

වෙස්ලි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 85.4)

මොවින් සුබසිංහ 86, ශමෝද් ඇතුලත්මුදලි 55, නරේන්ද්‍රනාත් 4/43, රෂ්මික ඩිල්ශාන් 3/32, සුසිල් ට්‍රෙවෝන් 2/11.

ත්‍රිත්ව විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 210 (පන්දුවාර 59.4)

හසින්ත ජයසූරිය 59, පූර්ණ නෙත්මාල් 51, ශමෝද් ඇතුලත්මුදලි 2/10.

වෙස්ලි විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 6ක් දැවී ලකුණු 122 (පන්දුවාර 41.1)

තිසුරක අක්මීමන 76, ශැනොගීත් ශම්මුගනාදන් 3/19, නරේන්ද්‍රනාත් අශෝකුමාර් 2/30.

සම්පූර්ණ ලිපිය: සඳරුගේ මැජික් පන්දුව තර්ස්ටන් විදුහල ජයග්‍රහණයකින් සරසයි


MAS යුනිචෙලා – කොමර්ෂල් ක්‍රෙඩිට් අවසන් මහා සටනට

වෙළෙඳ සේවා 20-20 ක්‍රිකට් තරගාවලිය පසුගිය 26 වනදා ආරම්භ වූ අතර, එදින පැවැත්වූ මූලික තරඟ වලින් ජයග්‍රහණය කල කණ්ඩායම් ඊයේ (28) කටුනායක වෙළෙඳ පිටියේදී අවසන් පූර්ව තරඟය සඳහා සහභාගී විය. මෙම තරඟ වලින් MAS යුනිචෙලා හා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරමින් අවසන් තරගයේ අසුන් වෙන්කර ගන්නා ලදි.

MAS යුනිචෙලා කණ්ඩායම – 194/08 (20): චාමර සිල්වා 59*, තිලකරත්න ඩිල්ශාන් 36, මහේල උඩවත්ත 26, තිලක්ෂ සුමනසිරි 21, සචිත්‍ර පෙරේරා 3/17, හසන්ත ප්‍රනාන්දු 2/24

සම්පත් බැංකු කණ්ඩායම – 175/09 (20): රුමේෂ් බුද්ධික 41, දිනුක වික්‍රමනායක 37, හසන්ත ප්‍රනාන්දු 28, චතුර පීරිස් 3/13, දුනිල් අබේදීර 2/28, ලහිරු ජයරත්න 2/34

ඩිමෝ කණ්ඩායම – 172/07 (20): හශාන් දුමිදු 82, නිපුන් කරුණානායක 33, මලින්ද පුශ්පකුමාර 2/16, අශාන් ප්‍රියන්ජන 2/21, ලහිරු මදුසංක 2/29

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම – 175/06 (19.4): අශාන් ප්‍රියන්ජන 65*, චාමර කපුගෙදර 40, මලින්ද පුශ්පකුමාර 32, රමේශ් මෙන්ඩිස් 2/34

සම්පූර්ණ ලිපිය: කොමර්ෂල් ක්‍රෙඩිට් හා MAS යුනිචෙලා අවසන් තරඟයට

දිනයක නිමාව