ඉන්දීය කණ්ඩායමේ පුහුණු තරගය අද සිට

India Tour of Sri Lanka 2026

1
Cricket

සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තෙදින පුහුණු තරගය අද (7) කොළඹ  NCC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි.

Shubman Gill ගේ නායකත්වයෙන් යුත් මෙම ඉන්දීය කණ්ඩායම ගාල්ලේ දී සහ කොළඹ දී ටෙස්ට් තරග ද්විත්වයකට සහභාගී වීමට නියමිතයි.

ඔවුන් සමඟින් එක් වෙන පුහුණු තරගයේ නායකත්වයට තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන සොනාල් දිනූෂ නම් කර තිබෙනවා. ඊට අමතර ව මෙම කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් ක්‍රීඩකයන් වන නිශාන් මදුශ්ක, පවන් රත්නායක, රමේෂ් මෙන්ඩිස්, ලහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු ද නම් කර තිබෙනවා.

SLC XI කණ්ඩායම

 

සොනාල් දිනූෂ (නායක), නිශාන් මදුශ්ක, රවිඳු රසාන්ත, පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක, අහන් වික්‍රමසිංහ, අංජල බණ්ඩාර (කඩුලු රකින්නා), නිපුන් ධනංජය, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, අසංක මනෝජ්, ඉසිත විජේසුන්දර, රමේෂ් මෙන්ඩිස්, කේසර නුවන්ත, දිලුම් සුදීර.

 

ඉන්දිය කණ්ඩායම

 

Shubman Gill (නායක), KL Rahul (උප නායක), Yashasvi Jaiswal, Dhruv Jurel (කඩුලු රකින්නා), Devdutt Padikkal, Rishabh Pant (කඩුලු රකින්නා), Sai Sudharsan, Ravindra Jadeja, Saransh Jain, Manav Suthar, Auqib Nabi, Gurnoor Brar, Kuldeep Yadav, Mohammed Siraj, Prasidh Krishna.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<