කොළඹ ක්‍රීඩකයෝ හරීන් බුද්ධිලගේ දක්ෂතාව යට යවයි

259

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ ක්‍රීඩකයෝ සමත් වූහ.

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට අවස්ථාව ලබා ගනිමින් තම පළමු ඉනිමට ලකුණු 92ක් ලබා ගත්තේ ය. එම ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක් එක් කර ගැනීමට එම්. ඒ. හර්ෂජිත් සහ ලහිරු ඩිල්ශාන් සමත් වූහ.

යොවුන් ක්‍රීඩකයෝ පිට පිටම දෙවැනි ජයත් ලබයි

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය යටතේ හොංකොං රාජ්‍යයට එරෙහිව පැවති තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට…

හර්ෂජිත් පන්දු 121කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේ ය. ඩිල්ශාන් පන්දු 62ක දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේ ය. ඔවුන්ගේ මෙම ලකුණු සබඳතාව පන්දුවාර 17ක දී වාර්තා වූ අතර ඔවුන් දෙදෙනාට අමතරව කවීශ් කුමාර පන්දු 32කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තේ ය. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට පැමිණීමට කොළඹ ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත. ඔවුන්ගේ අවසන් කඩුලු 4 ලකුණු 2ක් තුළ දවා ගැනීමට ද ඔවුන් සමත් වූහ.

කඩුලු ලබා ගැනීමේ දී මහේෂ් තීක්ෂණ ලකුණු 33කට කඩුලු 5ක් දවා ගනිමින් ගාල්ලට එරෙහිව හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව අයන සිරිවර්ධන ද කඩුලු 2ක් දවා ගත්තේ ය.

තම පළමු ඉනිමට පිටියට පිවිසි අගනුවර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 234ක් රැස් කළහ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු අකීල් ඉන්හාම් ය. ඔහු පන්දු 124කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 82ක් ලබා ගත්තේ ය.

කොළඹ ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 89ක සබඳතාවක් එක් කිරීමට අකීල් සහ සංජුල අබේවික්‍රම සමත් වූහ. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද විය. සංජුල පන්දු 112කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේ ය. කොළඹ ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 179ක් තිබිය දී අවසන් කඩුලු ත්‍රිත්වයේ දී ලකුණු 55ක් එක්විය.

යටි පෙළින් පිටියට පිවිසි ලක්ෂාන් ප්‍රනාන්දු පන්දු 66ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තේ ය.

කොළඹ ඉනිමට එරෙහිව විශිෂ්ට පන්දු යැවීමක නිරත වීමට හරීන් බුද්ධිල සමත් වීම කැපී පෙණුනි. ඔහු අගනුවර ක්‍රීඩකයෝ 7 දෙනෙක් ක්‍රීඩාගාරයට හරවා යැවුවේ පන්දුවාර 30.3ක් යවමින් නොයිඳුල් පන්දුවාර 4ක් ද සමඟින් ලකුණු 65ක් ලබා දෙමිනි.

කොළඹ ඉනිම පාලනය කිරීමට ගාල්ල නායකයා පන්දු යවන්නෝ 9 දෙනෙක්ම යොදා ගත්ත ද, බුද්ධිලට අමතරව සාර්ථක වූයේ නිපුන් රන්සික සහ චානුක ඩිල්ශාන් පමණි.

ලකුණු 142ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ එවර සියලුම දෙනා දැවී ලකුණු 162ක් ලබා ගත්හ. ගාල්ල පළමු ඉනිමේ දී ද අර්ධ ශතක සබඳතාවක් එක් කළ ආරම්භක පිතිකරුවෝ මෙම ඉනිමේ දී ද අර්ධ ශතක වාර්තාවක් ගොඩ නැගීම කැපී පෙණුනි.

එම්. ඒ. හර්ෂජිත් සහ ලහිරු ඩිල්ශාන් එක්ව වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 97කි. එහි දී ලහිරු ඩිල්ශාන් පන්දු 87ක දී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තේ ය. හර්ෂජිත් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 35කි. ඔහු ඒ සඳහා පන්දු 71ක් වැය කළ අතර හතරේ පහර 2ක් එම ඉනිමට ඇතුලත් කළේය.

පුස්සෙගොල්ල හා අක්‍රම්ගෙන් දක්ෂ පන්දු යැවීමක්

Fair and Lovely හා යුනිලීවර් ශ්‍රී ලංකා ආයතනය එක්ව සවිබල ගන්වනු ලබන වෙළඳසේවා වෙළඳ සංගම් B ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග (29) කිහිපයක් අදත් පැවැත්විය. 6 වැනි Red…

නැවත වතාවක් පළමු ඉනිමේ සේ ම මෙම ඉනිමේ දී යටිපෙළ පිතිකරුවන් අතුරින් එක් වූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 13යි. මෙවර එහි හිමිකාරිත්වය සසිත් මධුශංක සතු විය.

කඩුලු ලබා ගැනීමේ දී කෞමාල් නානායක්කාර ලකුණු 56කට කඩුලු 5ක් දවා ගත් අතර ලක්ෂාන් ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 21ක ඉලක්කයක් ලබා ගැනීමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයෝ එම ලකුණු සංඛ්‍යාව කිසිවෙකුත් නොදැවී ලබා ගත්හ. තරගය අවසන් වෙන විට හිමාෂ ලියනගේ (08*) සහ අකීල් ඉන්හාම් (13*) පිටයේ නොදැවී රැඳී සිටිය හ.   

ගාල්ල වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 92 (42.0) එම්. ඒ. හර්ෂජිත් 31, ලහිරු ඩිල්ශාන් 32, කවීශ් කුමාර 13,මහේෂ් තීක්ෂණ 5/33 අයන සිරිවර්ධන 3/18

කොළඹ වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 234 (86.3) අකිල් ඉන්හාම් 82, සංජුල අබේවික්‍රම 41, රිසිත් උපමාල් 20, ලක්ෂාන් ප්‍රනාන්දු 42,  හරීන් බුද්ධිල 7/65

ගාල්ල වයස අවුරුදු 23න් පහළ කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 162 (43.2) එම් .ඒ හර්ෂජිත් 35, ලහිරු ඩිල්ශාන් 60, සසිත් මධුරංග 13, කෞමාල් නානායක්කාර 5/56 ලක්ෂාන් ප්‍රනාන්දු 3/35

කොළඹ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 21 (12.0)  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<