ප්‍රවීන් අභිබවා ගිය Mushfiqur Rahim ICC මාසයේ ක්‍රීඩකයා වෙයි

ICC Player of the Month

112

පසුගිය මැයි මාසය සඳහා වන Player of the Month සඳහා නිර්දේශිත වූ ක්‍රීඩකයින් තිදෙනා අතරින් පළමු ස්ථානය දිනා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩක Mushfiqur Rahim සමත් වී තිබෙනවා. 

මැයි මාසය සඳහා වන ක්‍රීඩක ලැයිස්තුව සඳහා Mushfiqur Rahimගේ නම ඇතුළත්ව තිබුණේ, ඔහු මැයි මාසය තුළ ශ්‍රී ලංකාව සමඟින් එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග 3කට ක්‍රීඩා කරමින් දස්කම් දැක්වූ නිසයි.

එහි දී ඔහු ශ්‍රී ලංකා බංග්ලාදේශ දෙවැනි එක්දින තරගයේ දී ලකුණු 125ක් වාර්තා කිරීමට සමත් වූ අතර බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ පළමු  එක්දින තරගාවලි ජයග්‍රහණය ද වාර්තා කළා.

තවත් ක්‍රිකට් පුවත්:

මීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නවක දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම සහ පාකිස්තානය නියෝජනය කරමින් Hasan Ali ද මෙවර Player of the Month සඳහා නිර්දේශ වූ ක්‍රීඩකයින් වන අතර එහි දී ඔවුන් අභිබවා වැඩිම ප්‍රේක්ෂක සහ ICC ඡන්ද ඇකඩමියේ මනාප දිනා ගැනීමට Mushfiqur Rahim සමත් වුනා.

මීට අමතරව මැයි මාසය තුළ කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩිකාව ලෙස ස්කොට්ලන්ත ක්‍රීඩිකා Kathryn Bryce ICC Player of the Month ලෙස තේරීපත්ව තිබෙනවා.

මේ සඳහා ද Kathryn Bryceට අමතරව අයර්ලන්තය නියෝජනය කරමින් Gaby Lewis සහ Leah Paul යන ක්‍රීඩිකාවන් ICC Player of the Month – මැයි මාසය සඳහා කාන්තා අංශයෙන් නිර්දේශ වී තිබුණා.

ඒ අතරින් වැඩිම මනාප දිනා ගත් Kathryn Bryce පසුගිය දා නිකුත් කළ නවතම ICC විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල මුල් ක්‍රීඩිකාවන් 10 දෙනා අතරට ද ඇතුළත් වුනා. එය ස්කොට්ලන්තය නියෝජනය කළ ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල මුල් දසදෙනා අතරට පැමිණි පළමු අවස්ථාව වීම විශේෂත්වයක්. 

ඇය මැයි මාසය තුළ අයර්ලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග 4කට ක්‍රීඩා කළ අතර එහි දී ලකුණු 96ක් සහ කඩුලු 5ක් දවා ගැනීමට ඇය සමත් වුනා. ඇගේ පන්දු යැවීමේ සාමාන්‍ය 4.76ක් ලෙස සටහන් වුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ Player of the Month සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේ ක්‍රියාවලිය මෙසේයි,

එක් එක් මාසයට අදාලව පැවති තරගවල දී ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා මත පදනම්ව කාන්තා හා පිරිමි කාණ්ඩ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු බැගින් තෝරාගනු ලබනවා.

එම ක්‍රීඩකයන් සඳහා ස්වාධීන ICC ඡන්ද ඇකඩමිය (ICC Voting Academy)  විසින් සිය මනාපය පළ කරන අතර ඒ සඳහා ක්‍රීඩාලෝලීන්ට ද අවස්ථාව හිමිවනවා. මෙම ICC ඡන්ද ඇකඩමිය සඳහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන්, හිටපු ක්‍රීඩකයන්, විකාශකයන් සහ ICC Hall of Fame හි සාමාජිකයන් ඇතුළත් වනවා.

මෙම ඡන්ද ඇකඩමිය සඳහා සහභාගී වන පුද්ගලයන් විසින් සිය මනාපය විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කරන අතර ඒ සඳහා මුළු ඡන්ද විමසීමෙන් 90%ක ප්‍රමාණයක් ඇතුළත් වනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නිල වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වන ක්‍රීඩාලෝලීන්ට සෙසු 10%ක ප්‍රමාණයට දායකත්වය ලබා දිය හැකියි.

ඒ අනුව Player of the Month ලෙස අභිෂේක ලබන ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සෑම මාසයකම දෙවැනි සඳුදා දිනයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

මෙම Player of the Month සඳහා ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් නම් කරන අතර එයට ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස සියලු තරග රටා ඇතුළත් වනවා. මෙලෙස නම් කළ ක්‍රීඩකයන් අතරින් ජයග්‍රාහකයා තෝරාගැනීම සඳහා වන ඡන්ද විමසීම සඳහා ක්‍රීඩාලෝලීන්ට ද සහභාගී වීමට අවස්ථාව හිමිවනවා. ඒ අනුව OFFICIAL ICC APP වෙබ් අඩවිය ඔස්සේ ඒ සඳහා සහභාගී විය හැකියි.

2021 මැයි මාසය සඳහා වුනු ICC ඡන්ද ඇකඩමිය,

ඇෆ්ගනිස්තාන: Hameed Qayoomi සහ Javed Hamim; Australia: Melinda Farrell සහ Lisa Sthalekar; බංග්ලාදේශය: Tarek Mahmoud සහ Mohammad Isam; එංගලන්තය: Elizabeth Ammon සහ Claire Taylor; අයර්ලන්ත: Ian Callender සහ Isobel Joyce; ඉන්දියා: Annesha Ghosh සහ VVS Laxman’ නවසීලන්තය: Mark Geenty සහ John Wright; පාකිස්තානය: Faizan Lakhani සහ Ramiz Raja; දකුණු අප්‍රිකාව: Firdose Moonda සහ Makhaya Ntini; ශ්‍රී ලංකා: නෙවිල් වික්ටර් ඇන්තනී සහ රසල් ආනල්ඩ්; බටහිර ඉන්දීය කොදෙව්: Ian Bishop සහ Merissa Aguilleira; සිම්බාබ්ව: Tristan Holme සහ Mpumelelo Mbangwa; සෙසු සාමාජිකයන්: Paul Radley සහ Dirk Nannes

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<