IPL අවසන් තරග ක්‍රීඩාංගණ දෙකක දී

186
Dubai to host IPL 2020 fina

Indian Premier League 2020 තරගාවලියේ අවසන් මහා තරගය සහ අවසන් පූර්ව තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව දැනුම් දීම පසුගිය දා සිදු කළ අතර ඒ අනුව මෙවර අදියරේ අවසන් මහා තරගය Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව මූලික වටයේ තරග අවසන් වීමෙන් අනතුරුව පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් මස 05 වැනිදාත්, Eliminator තරගය නොවැම්බර් මස 06 වැනිදාත්, දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් මස 08 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇති අතර අවසාන මහා තරගය නොවැම්බර් මස 10 වැනිදා පැවැත්වීමට සූදානම් කර ඇත.

මෙවර තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඊයේ (25) දිනයේ දී දැනුම් දීමට කටයුතු කළ අතර ඒ අනුව මුල්ම අවසන් පූර්ව තරගය සහ අවසන් මහා තරගය Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේත්, දෙවන අවසන් පූර්ව වටය සහ Eliminator තරගය Abu Dhabi හී දීත් පැවැත්වීමට තීරණය කර ඇත.

මෙවර තරගාවලියේ මේ දක්වා කිසිදු කණ්ඩායමක් තවමත් අවසන් පූර්ව වටය සඳහා තේරී පත්වීමට සමත් වී නොමැති අතර අවසන් වටයේ තරග සියල්ල මෙරට වේලාවෙන් රාත්‍රි 7.30ට ආරම්භ වීමට නියමිතව ඇත.

IPL Playoffs Schedule තරග කාලසටහන 

තරගය දිනය වේලාව  ක්‍රීඩාංගණය
අවසන් පූර්ව තරගය අංක 01 නොවැම්බර් 05 ප.ව. 7.30 Dubai
Eliminator නොවැම්බර් 06 ප.ව. 7.30 Abu Dhabi
අවසන් පූර්ව තරගය අංක 02 නොවැම්බර් 08 ප.ව. 7.30 Abu Dhabi
අවසන් මහා තරගය නොවැම්බර් 10 ප.ව. 7.30 Dubai

තවත් ක්‍රිකට් පුවත්:

Women’s T20 Challenge

එම තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා පන්දුවාර 20 තරගාවලියේ තුන්වැනි අදියර ද මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එහි සියලුම තරග Sharjah හිදී පැවැත්වීමට නියමිතව ඇත.

කණ්ඩායම් තුනක් තරග වදින මෙම තරගාවලිය නොවැම්බර් මස 04 වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර තරගාවලියේ දී සියලුම කණ්ඩායම් එකිනෙකා හා තරග වදිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණෙන කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇත.

එම තරගාවලියේ නොවැම්බර් 05 වැනිදා පැවැත්වෙන තරගය හැර අනෙකුත් සියලුම තරග පස්වරු 7.30ට ආරම්භ වීමට නියමිතව ඇති නමුත් IPL 2020 තරගාවලියේ අවසන් පූර්ව තරගයක් පැවැත්වෙන නිසාවෙන් නොවැම්බර් 05 වැනි දින තරගය පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතව ඇත.

Women’s T20 Challenge තරග කාලසටහන

තරගය කණ්ඩායම් දිනය වේලාව ක්‍රීඩාංගණය
තරග අංක 01 Supernovas vs Velocity නොවැම්බර් 04 පස්වරු 7.30 Sharjah
තරග අංක 02 Velocity vs Trailblazers නොවැම්බර් 05 පස්වරු 3.30 Sharjah
තරග අංක 03 Trailblazers vs Supernovas නොවැම්බර් 07 පස්වරු 7.30 Sharjah
අවසන් මහා තරගය  නොවැම්බර් 09 පස්වරු 7.30 Sharjah

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<