පන්දු යැවීමට හෝ පන්දුව විසිකිරීමට නොහැකි ක්‍රිකට් ක්‍රීඩකයා

137
Getty Images

ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතැම් සිදුවීම් විසඳාගත නොහැකි අභිරහස් වශයෙන් ඉතිරි වී තිබෙනවා. අද අපි කියන්නට යන සිදුවීමත් එවැන්නක්.

1999 වසරේ සංචාරක පාකිස්තානු කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නවක මුහුණු දෙකක් එක් කරන්නට ඕස්ට්‍රේලියානු තේරීම් කමිටුව තීරණය කර තිබුණා. 

මේ ආකාරයෙන් ටෙස්ට් වරම් දිනූ ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු තම ක්‍රිකට් දිවිය නිමා කළේ ක්‍රිකට් වංශ කතාවේ පුරාවෘත්තයක් වෙමින්. ඔහු නමින් ඇඩම් ගිල්ක්‍රිස්ට්. සිය රට වෙනුවෙන් ටෙස්ට් තරග දෙකක් පමණක් ක්‍රීඩා කිරීමට වරම් ලද ස්කොට් මුලර් නම් අනෙකාගේ කතාව ගිල්ක්‍රිස්ට්ගේ කතාව තරම්ම සුන්දර වුනේ නෑ.

1971 වසරේ ජූලි එකොළොස් වැනිදා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දී උපත ලද ස්කොට් මුලර් තමන් නියෝජනය කළ ප්‍රාන්තය වෙනුවෙන් දක්වපු විශිෂ්ට දස්කම් නිසාම 1999 වසර අග ආරම්භ වූ ටෙස්ට් තරග තුනකින් සමන්විත පාකිස්තානු තරගාවලියේ බ්‍රිස්බේන්හි පැවති පළමු ටෙස්ට් තරගයේ දී ටෙස්ට් වරම් දිනා ගන්නවා. 

තම මංගල කඩුල්ල ලෙස පාකිස්තානු පළමු ඉනිමේ දී අබ්දුල් රසාක්ගේ කඩුල්ල දවා ගත් මුලර් තම තරග දිවියේ දවා ගත් කඩුලු සංඛ්‍යාව හතක්. ඔහු සිය කෙටි තරග දිවියේ දවා ගත් සියලුම ක්‍රීඩකයින් ප්‍රතිවාදී පාකිස්තානු කණ්ඩායමේ සැලකිය යුතු මට්ටමේ කඩුලු වුනා. මංගල තරගයේ දී ම සැලකිය යුතු මට්ටමේ දස්කම් දක්වපු මුලර්ට අදාළ තරගය අමතක නොවන තරගයක් වුනේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 10කින් පාකිස්තානය පරාජය කළ නිසා. 

සිරිමත් ගති නැති ක්‍රිකට් ක්‍රීඩාවේ හොලිවුඩ් තරුව

රන්වන් හිසකේ ඇති අප කතානායක ඕස්ට්‍රේලියානු තරුණයා තරමක් තරබාරුය. ඔහුගේ වයස දහඅට…

මේ ආකාරයට ආරම්භ වෙච්ච මුලර්ගේ ක්‍රිකට් දිවියට කණකොකා හඬන්න පටන්ගත්තේ හොබාර්ට් හි පැවති දෙවැනි ටෙස්ට් තරගය අතරතුර වෙච්ච සිදුවීමක් එක්ක. වරෙක ෆයින්ලෙග් කලාපයේ පන්දු රකිමින් හිටපු මුලර්ගේ පන්දු නැවත බාර දීමක් කඩුලු රකින ක්‍රීඩක ඇඩම් ගිල්ක්‍රිස්ට්ගේ හිසට ඉහළින් ඉවත ඇදී ගියා. ඒ අවස්ථාවේ  “He can’t bowl, and he can’t throw” (ඔහුට පන්දු යැවීමට හෝ පන්දුව නිසි ආකාරයෙන් විසි කළ නොහැකියි) යන්න ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකුගේ මුවින් පිටවෙනවා චැනල් නයින් රූපවාහිනී සේවය ගුවනට මුසු කරනවා.

කුමන ක්‍රීඩකයාගේ මුවින් එම වදන් පිටවූවා දැයි සොයාගත නොහැකිවුවද සියල්ලන්ගේම සැකය යොමු වුනේ ෂේන් වෝන් වෙත. ෂේන් වෝන් මේ චෝදනා එක හෙලා ප්‍රතික්ෂේප කළත් මුලර් ඇතුළු බොහෝ දෙනා වෝන්ගේ වදන් පිළිගැනීමට කැමති වූයේ නෑ. තත්වය තවත් දරුණු කරමින් ඕස්ට්‍රේලියානු ජනමාධ්‍ය මේ සිද්ධියට පුළුල් ප්‍රචාරයක් ලබා දෙද්දී, පර්ත් නුවර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයෙන් මුලර්ව ඉවත් කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් ක්‍රියා කර තිබුණා. ෂේන් වෝන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මුලර් කටයුතු පිළියෙළ කරන්නේ ඊළඟ තරගයට තමා වෙනුවට මයිකල් කැස්ප්‍රොවික්ස් කණ්ඩායමට එකතු වෙද්දී.

වාතාවරණය මේ ආකාර වෙද්දී සියල්ල උඩුයටිකුරු කරමින් චැනල් නයින් රූපවාහිනියේ සේවයෙන් යුතු ජෝ නම් කැමරාකරුවෙකු වරද පිළිගනිමින් ඉදිරියට එන්නේ මේ අතරේ. තමා සහෝදර කැමරා ශිල්පියෙකුට පැවසූ වදන් කඩුල්ලේ මයික්‍රෆෝනයෙන් ඇසී ඇති බවත් සිතාමතා පාවිච්චි කළ වචන නොවන බවත් ඔහු පාපොච්චාරණය කළා. නමුත් මුලර් ඇතුළු බොහෝ දෙනාගේ සිත වෙනස් කිරීමට ජෝට හැකි වුනේ නෑ.

එදා ස්කොට් මුලර් සමඟ අනෙක් පසින් ටෙස්ට් වරම් දිනා ගත් ඇඩම් ගිල්ක්‍රිස්ට් පසුව ස්කොට් මුලර් ගැන පැවසුවේ මෙවැන්නක්.

ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්කල් දුටු නවසීලන්ත ප්‍රාඥයා

1962 වසරේ සැප්තැම්බරයේ දිනක නවසීලන්ත ඕල්බ්ලැක්ස් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු…

“ඇත්තටම මම ස්කොට් ගැන දැන සිටියේ ඉතාම කුඩා කාලයේ ඉඳල. 1987 වසරේ ඕස්ට්‍රේලියානු දාහතෙන් පහළ කණ්ඩායමට අප දෙදෙනාම ක්‍රීඩා කළා. මට ටෙස්ට් වරම් හිමි වෙද්දී ඔහුටත් අනෙක් පසින් ටෙස්ට් වරම් ලැබීම ගැන මට ඇති වුනේ විශාල සතුටක්. ස්කොට් ඔහුගේ පළමු ටෙස්ට් තරගයේ දී ඉතා හොඳින් පන්දු යැව්වා. ඔහු දවා ගත් කඩුලු ද ඉතාම හොඳ මට්ටමේ ඒවා. 

©Getty Images

හොබාර්ට්’හී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයටත් පෙර තරඟයේ කණ්ඩායමම සහභාගී වන බව නායක ස්ටීව් වෝ දැනුම් දුන්නා. මට පෙර පුහුණුවීම් අතරතුර ස්කොට් මුණ ගැසුණා. ඇති යාන්තම් දැන් ඕස්ට්‍රේලියාව වෙන එක ටෙස්ට් තරගයකට වඩා ක්‍රීඩා කළා කියන්න පුළුවන් කියා මා ඔහුට විහිළුවකුත් කළා. නමුත් සිදුවෙන්නට යන විනාශය අපි දෙදෙනාම දැන සිටියේ නෑ.

ස්කොට් මුලර්ගේ මෙම සිද්ධිය ක්‍රීඩා පිටිය තුළ පමණක් රැඳුණේ නැහැ. එය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව දක්වාත් ඇදඔී ගියා. ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ මාක් ලැතම් මේ සිද්ධිය ලෙහෙසින් බැහැර නොකළ යුතු බවට දැඩි හඬක් නැගූ අයෙක් වුනා. 

“මේ සිදුවීම ලෙහෙසියෙන්ම බැහැර කරන්න බෑ. චැනල් නයින් සේවය ෂේන් වෝන් ආරක්ෂා කිරීමක් මෙතන සිදුවන්නේ. චැනල් නයින් සේවය මේ ආකාරයෙන් ඕස්ට්‍රේලියානු ජනතාව මුලාවට පත් කරන මුල්ම අවස්ථාවත් මෙය නොවෙයි. මෙය තනිකරම ෂේන් වෝන් ආරක්ෂා කිරීමට චැනල් නයින් ගෙතූ බොරුවක්.”

ඒ වන විටත් වෝන් චැනල් නයින් නාලිකාව සමඟ සේවයේ යෙදෙමින් සිටි නිසා මාක් ලැතම්ගේ චෝදනාව පහසුවෙන් බැහැර කළ නොහැකි බවත් බොහෝමයක් දෙනා පැවසුවා.

පසුව ඉන්දියානු කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගයක දී සචින් තෙන්ඩුල්කාර්ගේ කඩුල්ල ඇතුළු කඩුලු කිහිපයක් දවා ගන්නට මුලර් සමත් වුනා .එසේ කඩුල්ලක් දවා ගැනීමෙන් අනතුරුව කඩුල්ල අසලට පැමිණි මුලර් “Six for the Game, Warnie” (මේ තරගයට කඩුලු හයක් වෝනි) පැවසීමෙන් ඔහු වෝන් ගැන තම අදහස වෙනස් නොකළ බැව් පැහැදිලි වෙනවා.

සනී නොකී කතා!

ඉන්දියාවෙන් බිහි වූ සුපිරිතම පිතිකරුවෙකු වූ සුනිල් ගවස්කාර් ගැන ඔබ නෑසූ කතා කිහිපයක්. ක්‍රිකට්…

එතැන් පටන් නැවත කිසිම දිනක ස්කොට් මුලර් ඕස්ට්‍රේලියානු ජර්සිය හැඳ ක්‍රීඩා කළේ නෑ. පළමුපෙළ තරගවලට ගිය මුලර් එහි දී සාර්ථක වූයේ නෑ. ජෝ නම් කැමරාකරුවා ඊට පසුවත් චැනල් නයින් හා සේවයේ යෙදුණු අතර මුලර් පිළිබඳ මතකය බොහෝ දෙනාගෙන් ගිලිහී ගියා. 

පසු කාලෙක Six & Out කියන බ්‍රෙට් ලීගේ සංගීත කණ්ඩායමෙන් “Can’t Bowl, Can’t Throw” යනුවෙන් ගීතයක් පවා නිර්මාණය වෙනවා. එහි පද රචනාවේ එක් තැනක ” Don’t ask Warnie, it was Cameraman Joe, who said you can’t bowl and you can’t throw” මේ ආකාරයේ පද පෙළකුත් ඇතුළත්. වෝන්- මුලර් සිද්ධිය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් සංස්කෘතිය ගැන මෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ගෙන් තම සහෝදර ක්‍රීඩකයින් සමග පවත්වන සම්බන්ධතාවය ගැන අපිට කියා දෙන්නේ ලොකු පාඩමක්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<