ජය පැරදුමකින් තොරව නිමාවු තරඟයක් සමඟ අවසන් වු දස වැනි සතිය

711
Dialog Rugby League - Week 10

අභිශේකගත රග්බි කණ්ඩායම් කිරුළු දරණ ඩයලොග් රග්බි ලීග් තරඟාවලියේ දසවන සති අන්තයේ පැවති තරඟ වලින් අපරාජිත මහනුවර, යුධ හමුදා සහ CR&FC කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරිමට සමත් විය. හැව්ලොක්ස් සහ නාවික ගැටුම ජය පරාජයෙන් තොර විය.

දෙවන වටයේ තෙවැනි සති අන්තය ආරම්භ කරමින් ප්‍රබල හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදා කණ්ඩායම විදුලි ආලෝක ධාරා මැද හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී තරඟ වැදුණු අතර කණ්ඩායම් දෙකම ගෝල දෙකක් සහ දඩුවම් පහර දෙකක්  බැගින් සාර්ථක කරගැනිමත් සමග ලකුණු තත්වය 20-20ක් ලෙස සම විය.

  තරඟයේ ඡායාරෑප සඳහා මෙතනින් පිවිසෙන්න  

විනිසුරු අරුණ රන්කොතගේගේ ආරම්භක සංඥාවෙන් ආරම්භ වු තරඟයේ පළමු මිනිත්තු පහ ගෙවිගිය තැන හැව්ලොක්ස් ක්‍රීඩක රොහාන් ත්‍යාගරාජා තරඟයේ පළමු උත්සහක දිනුම වාර්තා කළ අතර රම්සි ජමාල්ඩීන් එය ගෝලයක් කරමින් හැව්ලොක්ස් ලකුණු පුවරුව 07-00ක් ලෙස සටහන් කලේය. නාවික හමුදා ක්‍රීඩක තිළිණ විරසිංහ විසිවැනි මිනිත්තුවේදී 25වැනි මිටර් කණුවේ සිට එල්ල කරන ලද දඩුවම් පහර සාර්ථක විමත් සමග නැවියන්ද ලකුණු ලබාගැනිම ආරම්භ කලේය. 25 මිනිත්තුවේදී  40වැනි මිටර කණුවේදි හැව්ලොක්ස් පිළට ලැබුණු දඩුවම් පහර සාර්ථක කරගන්නට රම්සි ජමාල්ඩීන් සමත් විමත්  සමග ලකුණු තත්වය ලකුණු 10-03ක් විය. ප්‍රථම භාගය නිමාවිමට සුළු මොහොතක් තිබියදි ක්‍රියාත්මක වු නැවියන් ප්‍රති ප්‍රහාරාත්මක උත්සහක දිනුමක් තැබු අතර තිළිණ  විරසිංහ විසින් එය ගෝලයක් බවට පරිවර්තනය කළේය. තරඟයේ  ප්‍රථම භාගය නිමාවුයේ ලකුණු 10-13ක් ලෙස නැවියන් තරඟයේ ඉදිරිය ගනිමින්ය.

විදුලි ආලෝක ධාරාවේ ගැටළුවක් හේතුවෙන් තරඟය විනාඩි 25ක පමණ කාලයක් ප්‍රමාද වු අතර දෙවැනි අර්ධය ආරම්භයේ දිම හැව්ලොක්ස් පිළට ලැබුණු  දඩුවම් පහර සාර්ථක කරගන්නට ජමාල්ඩීන් සමත් විමත් සමග ලකුණු තත්වය 13-13ක් ලෙස සමවිය. තරඟය සමවිමත් සමඟ දෙපිළම කරට කර තරඟයක සිටියේය. හැව්ලොක්ස් පිළ තම  ප්‍රභල සටන් රටා සහ ප්‍රයෝග දියත් කළ අතර නැවියන්ද ඔවුනට හොද අභියෝගයක් ලබාදුනි. එය මනාවට කියාපාමින්  නාවික හමුදා ක්‍රීඩක ස්ටෙපන් ගේග්‍ර්‍රි උත්සහක දිනුමක් වාර්තා කළ අතර විරසිංහ විසින් එය ගෝලයක් බවට පරිවර්තනය කරන ලදි. ලකුණු 13-20ක් ලෙස ජයග්‍රහණයේ මාවත නැවියන්ට විවර වු අතර හැව්ලොක්ස් පිළට පරාජයේ අදුරු සෙවනැලි පතිත විය. නමුත් බලාපොරොත්තු අත් නොහැරි හැව්ලොක්ස් ක්‍රීඩකයින් තරඟය නිමාවිමට මිනිත්තු 10කට පෙර ගෝලයක් වාර්තා කිරිමට සමත් විය. එම ගෝලයත් සමග තරඟය නිමාවුයේ ලකුණු 20-20ක් ලෙස් ජය පරාජයෙන් තොරවය.

හැව්ලොක් පිළ වෙනුවෙන්  රිම්සි ජමාල්ඩීන් පරිවර්ථනයන් 02ක් සහ දඬුවම් පහර 02ක් සාර්ථක කරගන්නට සමත් වු අතර  රොහාන් ත්‍යාගරාජා සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන  එක් උත්සහක දිනුම බැගින් වාර්තා කරන්නට සමත් විය.

නාවික හමුදා පිල වෙනුවෙන්  තිළිණ වීරසිංහ එක් උත්සහක දිනුමක් පරිවර්ථනයන් 02ක් සහ දඬුවම් පහර 02ක් සාර්ථක කරගන්නට සමත් වු අතර ස්ටෙපන් ගේග්‍ර්‍රි එක් උත්සහක දිනුමක් වාර්තා කරන්නට සමත් විය.

හැව්ලොක්ස් ක්‍රීඩක ලසිදු ඉෂාන් තරඟයේ විරයා විය.


මේ අතර ඩයලොග් රග්බි ලීග් තරඟාවලියේ කැපි පෙනුණු කණ්ඩායමක් වන CR&FC කණ්ඩායම  සහ ප්‍රසාද ලකුණු සටහනේ අවසානයේ රැදි සිටින CH&FC කණ්ඩායම  සී.ආර් පිටියේදී තරඟ වැදුණු අතර එහිදි ලකුණු 66-11ක් ලෙස දැවැන්ත ජයක් ලැබිමට CR&FC පිළ සමත් විය.

CR&FC කණ්ඩායම තරඟය පුරා උත්සහක දිනුම් 10ක් වාර්තා කළ අතර ඉන් 8ක් ම ගොලයන් බවට පරිවර්තනය විම කැපිපෙනුණු සිදුවීමක් විය. CH&FC පිළට ලබාගත හැකිවුයේ එක උත්සහක දිනුමක් සහ දඩුවම් පහර 02ක් පමණි. තරගය පුරාම තම ස්වකිය දස්කම් ප්‍රදර්ශනය කළ CR&FC ක්‍රීඩක   ප්‍රින්ස් චාමර උත්සාහක දිනුමක් තවත් උත්සාහක දිනුම් 4ක් ගෝල බවට පත්කරමින් CR&FC පිළ  ජයග්‍රහණය කරා මෙහෙයවිය. CR&FC ක්‍රීඩක  තරින්ද රත්වත්තේද උත්සාහක දිනුමක් වාර්තා කළ අතර තවත් උත්සාහක දිනුම් 3ක් ගෝල බවට පරිවර්තනය කරන්නට සමත් විය.

  තරඟයේ ඡයාරෑප සඳහා මෙතනින් පිවිසෙන්න  

ශේෂාන් මොහොමඩ් සහ සසංක ආරියරත්න උත්සාහක දිනුම් ද්විත්වය බැගින් වාර්තා කරමින් CR&FC ජයග්‍රහණයට තමදායකත්වය සැපයිය. පරාජිත CH&FC කණ්ඩායම  වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කිවේ දිමල් ජයසිංහය. ජනිත චන්දිමාල් දඬුවම් පහර 02ක් සාර්ථක කරගන්නට සමත් විය.

කොකිල සමන්දප්පා තරගයේ වීරයා විය


රග්බි ලීග් තරගාවලියේ  තමන් සහභාගි වු දසවැනි තරඟයද ජයගන්නට අපරාජිත මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.  මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී  පැවැති තරගය  ලකුණු 44-17 ලෙස පරාජය වුයේ පොලිස් කණ්ඩායමයි. තම සුපුරුදු දක්ෂතා පෙන්නුම් කරමින් අභියෝගාත්මක තරඟ රටාවක් පෙන්නුම් කළ මහනුවර ක්‍රීඩකයින් තරඟයේ ප්‍රථම අදියර නිමා කළේ ලකුණු 18-9 ක් ලෙස ප්‍රබල තත්වයක පසුවෙමින්‍ ය.

ප්‍රතිවාදින්ව තම ග්‍රහණයට නතුකර ගැනීමට උපන් හැකියාවන් ඇති මහනුවර ක්‍රීඩා සමාජය තම ප්‍රයෝග මැනවින් විද්‍යමාන කරවමින් දෙවන අර්ධයේදී තවත් ලකුණු 26ක් තම ලකුණු පුවරුව මත සටහන් කළ අතර එම අර්ධයේදී පොලිස් ක්‍රීඩකයින්ට ලබාගත හැකිවුයේ ලකුණු 08ක් පමණි. ඒ අනුව ලකුණු 44-17ක් ලෙස විශිෂ්ට ජයක් මහනුවරට හිමිවිය.

  තරඟයේ ඡයාරෑප සඳහා මෙතනින් පිවිසෙන්න  

ජයග්‍රාහී මහනුවර ලකුණු සටහන ගෝල ත්‍රිත්වයකින්, උත්සාහක දිනුම් 4 කින් සහ එක් දඩුවම් පහරකින් වර්ණවත් වු අතර මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් නයිජල් රත්වත්තේ, ගයාන් වීරරත්න, ගයාන් රත්නායක  ගෝල රැස් කළ අතර රිචඩ් ධර්මපාල විසින් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කිරිමට සමත් විය. අර්ෂාඩ් ජමාල්ඩීන් දඩුවම් පහරක් සාර්ථක කරගත් අතර  නයිජල් රත්වත්තේ විසින් ප්‍රවර්ථන සාර්ථක කරගත්තේය.

පරාජිත පොලිස් පිළේ ලකුණු සටහන උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 4 කින් වර්ණවත් වු අතර පොලිස් පිළ වෙනුවෙන් මුශින් ෆිලේල් විසින් උත්සාහ දිනුමක් වාර්තා කළ අතර රීසා මුබාරක් විසින් දඩුවම් පහර 04ක් සාර්ථක කරගත්තේය.


තරඟ සති අන්තය නිමාකරමින් යුධ හමුදා පිල සහ ගුවන් හමුදා පිල රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී තරඟ වැදුණු අතර එහිදි ලකුණු 20-16 ක් ලෙස  තියුණු ජයක් ලැබීමට යුධ හමුදා ක්‍රීඩකයින්  සමත් විය. දෙපිළෙහිම ප්‍රභල ක්‍රීඩකයින් රැසක් පිටියේ ස්ථානගත වි සිටි අතර දෙපිළෙහිම ඉතා  තියුණු තරඟ විලාසයක් දැකගත හැකි වුවත් තරඟයේ ප්‍රථම භාගය නිමා වුයේ ලකුණු  13-10 ක් ලෙස ගුවන් භටයන් තරඟයේ පෙරමුණේ තබමින්‍ ය.

ඉතා උද්වේගකාරි වු දෙවන වටයේ අවසන් මිනිත්තු 8 ගෙවියන විටත් ගුවන් හමුදාව ලකුණු 16-15 ක් ලෙස පෙරමුණේ පසුවිය.  එහෙත් අවසන් මොහොතේදී යුධ හමුදාව ලබාගත් උත්සාහක දිනුමත් සමඟ තරගයේ ජය  යුධ හමුදාවට හිමිවිය.

  තරඟයේ ඡයාරෑප සඳහා මෙතනින් පිවිසෙන්න  

ජයග්‍රාහී  යුධ හමුදා පිළ එක් ගෝලයකින්, උත්සාහක දිනුම් 2 කින් සහ එක් දඩුවම් පහරකින් ලකුණු ලබාගත් අතර ගුවන් හමුදාව එක් ගෝලයකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබිය.

තරගයේ වීරයා ලෙස ගුවන් හමුදා ක්‍රීඩක චරිත් සෙනෙවිරත්න සම්මානයට පාත්‍ර විය