පාකිස්තානයෙන් එංගලන්තයට ආරාධනාවක්

එංගලන්ත කණ්ඩායමේ පාකිස්තානු ක්‍රිකට් තරගාවලිය 2021

164
England invited for a white-ball tour to Pakistan

සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියක් සඳහා පාකිස්තානය සමඟ ක්‍රීඩා කිරීම වෙනුවෙන් ලබන වසරේ ජනවාරි මාසයේ දී පාකිස්තානයට පැමිණීමට හැකි දැයි, පාකිස්තානු ක්‍රිකට් ආයතනය එංගලන්ත ක්‍රිකට් ආයතනයෙන් විමසා ඇත.

කෙසේ නමුත් එංගලන්තය ඔවුන්ගේ එම ඉල්ලීම සඳහා නිල ප්‍රකාශයක් තවමත් ලබා දී නොමැත. අවසන් වරට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට සංචාරය කර තිබෙන්නේ 2005 වසරේ දී වන අතර මේ තරගාවලිය සඳහා එංගලන්තය පාකිස්තානයට සංචාරය කළහොත් 2005 වසරට පසුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තානයට සංචාරය කළ පළමු අවස්ථාව මෙය වනු ඇත.

තවත් ක්‍රිකට් පුවත්: 

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ඉදිරි තරග වාර්තා (FTP) අනුව එංගලන්තය සහ පාකිස්තානය 2022 වසරේ දී පාකිස්තානයේ දී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

එංගලන්ත කණ්ඩායම ලබන වසර ආරම්භයේ දී ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින අතර අනතුරුව ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට සංචාරය කරනු ඇත. කෙසේ නමුත් ඉන්දීය තරගාවලිය හැරෙන්නට අනෙක් තරගාවලි කිසිවක් නිල වශයෙන් තවමත් තහවුරු කර නොමැත.

“මේ අවස්ථාවේ සිදු වන ඕනෑම යෝජිත සංචාරයක දී මෙන්, අපගේ ක්‍රීඩකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහ සුබසාධනය ඉතා වැදගත් වෙනවා. ඒ අනුව, සැලකිල්ලට ගත යුතු සාධක ගණනාවක් තිබෙනවා. 

COVID-19 ජෛව ආරක්ෂිත බුබුළු සම්බන්ධව යෝජිත ක්‍රියා පටිපාටිය, කණ්ඩායම වටා යෝජිත ආරක්ෂක මට්ටම් මෙන්ම එංගලන්ත කණ්ඩායම සඳහා දැනටමත් පවතින කාර්යබහුල ජාත්‍යන්තර කාලසටහනකට එරෙහිව මෙම සංචාරය කිරීමේ ශක්‍යතාව යන කරුණු අනුව නියමිත වේලාවට අවසන් තීරණයක් ගැනීමට පෙර, PCB සහ අනෙකුත් හවුල්කරුවන් සමඟ මෙම කරුණු සලකා බැලීමට අපි කටයුතු කරන්නෙමු” යැයි එංගලන්තය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන්ව තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<