රත්නම් – බ්ලූ ස්ටාර් විසඳුමකින් තොරයි

96

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 11 වැනි සතියේ තරගයක් ලෙස ඊයේ (16) කොළඹ සුගතදාස පාපන්දු ක්‍රීඩාංගණයේ දී පැවති බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය සහ රත්නම් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී කණ්ඩායම් දෙකම කිසිදු ගෝලයක් වාර්තා කරගැනීමට අපොහොසත් වෙමින් තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්විය.

විශිෂ්ට හඹා යාමකින් සෝන්ඩර්ස් රිනවුන් පරදයි; ඩිෆෙන්ඩර්ස්ට තියුණු ජයක්

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 9 වන ….

තරගයේ පළමු අර්ධයේ දීම ක්‍රියාත්මක වූ අමාන් ෆයිසර් එල්ල කළ පහරක් ඉතා දක්‍ෂ ලෙස රැකගන්නට බ්ලූ ස්ටාර් ගෝල රකින ක්‍රීඩක මංජුල ප්‍රනාන්දු සමත් විය.

එතැන් පටන් පළමු අර්ධය තුළ තරගය ඉතා උදාසීන ස්වරූපයක් ගත්තේ කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරගැනීමට පැහැදිලි අවස්ථාවන් නිර්මාණය කරගැනීමට අපොහොසත් වීමත් සමඟයි.

කෙසේ නමුත් බ්ලූ ස්ටාර් කණ්ඩායම වෙනුවෙන් එබූසා චිගෝසේ පළමු අර්ධයේ දී දක්‍ෂ ක්‍රීඩා විලාශයක යෙදෙන්නට වූ අතර ඒ අනුව ඔහුට ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් හිමිවුවත් එහි දී ඔහු නිසි පරිදි පන්දුව පාලනය කර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් පන්දුව දැඩි අපහසුතාවයකින් තොරව ග්‍රහණය කරගන්නට ෆර්සීන් සමත් විය. තවදුරටත් රත්නම් ක්‍රීඩා සමාජයේ ‘center back’ ක්‍රීඩක මෙතේහන් විසින් චිගෝසේට ලැබෙන අවස්ථාවන් සීමිත කිරීමට වගබලා ගත්තේය.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

පළමු අර්ධයේ අවසාන භාගයට වන්නට රත්නම් ක්‍රීඩක පෙරියසාමි සිතිරකුමාර් හට ගෝල රාමුව ආසන්නයේ සිට පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාව හිමිවුවත් එහි දී ඔහු එල්ල කළ පහර ගෝල රාමුවට ඉහතින් ඇදී ගියේය.

එහි අවසන් මිනිත්තු කිහිපය තුළ කණ්ඩායම් දෙකටම සුළු අවස්ථා කිහිපයක් හිමිවුවත් ඒවා ගෝල බවට පරිවර්තනය කරගන්නට ඔවුන් සමත් වූයේ නැත.

පළමු අර්ධය: බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය 00 – 00 රත්නම් ක්‍රීඩා සමාජය

දෙවන අර්ධයට හොඳ ආරම්භයක් ලබා ගත් රත්නම් ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ගෝලයක් රැස්කර ගන්නට අවස්ථාවන් කිහිපයක්ම නිර්මාණය කර ගනු ලැබුවත් නැවතත් ඒවා සාර්ථක කරගන්නට ඔවුන් අසමත් විය. එහි දී මොහොමඩ් ආකිල් විසින් ගෝල රාමුව ආසන්නයේ සිට පන්දුව ගෝල රාමුව තුළට යොමුකිරීමට උත්සාහ දැරුවත් එය පහසුවෙන් රැකගන්නට මංජුල සමත් විය.  

අඛණ්ඩව තෙවන වසරටත් ශූරතාවය ජෝසප්වරුන්ට

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර අද (13) …

ඉන් අනතුරුව ද රත්නම් ක්‍රීඩකයින් විසින් බ්ලූ ස්ටාර් ක්‍රීඩකයින් හට ප්‍රබල පීඩනයක් එල්ල කරන්නට වූ නමුත් මංජුලගේ විශිෂ්ට ගෝල රැකීම හරහා ඔවුන්ට ගෝලයක් රැස්කර ගන්නට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ අනුව මංජුල විසින් දක්‍ෂ නවතාලීම් කිහිපයක්ම එහි දී සිදු කරන්නට සමත් විය.

බ්ලූ ස්ටාර් කණ්ඩායම විසින් පසුව ඊ. බී. චන්න තරගයට ආදේශ කරනු ලැබූ අතර ඒ හරහා තරගයේ පාලනය යම්තාක් දුරකට තමන් දෙසට යොමුකර ගන්නට ඔවුන් සමත් වුවත් චන්න ගෝලයක් වාර්තා කරගැනීමට දැරූ උත්සාහයන් දෙකක් අසාර්ථක විය.

චිගෝසේ හට පසුව ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් හිමිවූවත් එහි දී ක්‍රියාත්මක වූ මෙතේහන් ‘tackle’ කිරීමක් සිදුකරමින් එම අවස්ථාව ව්‍යර්ථ කර දමන්නට සමත් විය.

තරගයේ 83 වන මිනිත්තුවේ දී චන්න හට සෘජු රතු කාඩ්පතක් නිකුත් කිරීමට විනිසුරුවරයා තීරණය කළ අතර කෙසේ නමුත් ඉන් ප්‍රයෝජනය ලබාගනිමින් ගෝලයක් රැස්කර ගන්නට රත්නම් කණ්ඩායමට හැකි වූයේ නැත.

සම්පූර්ණ කාලය: බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය 00 – 00 රත්නම් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා – මංජුල ප්‍රනාන්දු (බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය)

රතු කාඩ්පත්

  • බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය – ඊ. බී. චන්න

කහ කාඩ්පත්

  • බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය – එස්. එම්. කුමාර, බී. සී. සම්පත්

  • රත්නම් ක්‍රීඩා සමාජය – හසීම් අබ්දුල්ලා, අමාන් ෆයිසර්

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<