දිමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි තවත් ඉදිරියට

2844
Dimuth Karunaratne

නවතම ICC ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 7 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සමත්ව තිබෙනවා. ඒ සඳහා ඔහුට හිමිව ඇති ශ්‍රේණිගත ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 754ක්.

ICC ටෙස්ට් පිතිකරුවන් වර්ගීකරණයේ තවදුරටත් ඉදිරියෙන් පසුවන ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු Marnus Labuschagne ශ්‍රේණිගත ප්‍රසාද ලකුණු 924ක් ලබාගෙන තිබෙනවා. එම ලැයිස්තුවේ මෙතෙක් 6 වැනි ස්ථානයේ පසු වූ ඕස්ට්‍රේලියාවේ David Warner 7 වැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා. එසේම ඉන්දීය නායක Virat Kohli මේ වන විට ටෙස්ට් පිතිකරුවන් අතර රැඳී සිටින්නේ 9 වැනි ස්ථානයේයි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Steve Smith සිව්වැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර නවසීලන්ත නායක Kane Williamson සිව්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයක් පසු බැස තිබෙනවා. දකුණු අප්‍රිකානු නායක Dean Elgar ද ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 4ක් ඉදිරියට පැමිණ එහි 10 වැනි ස්ථානය දිනාගෙන සිටිනවා.

මේ අතර, ICC ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණීමට නවසීලන්තයේ Kyle Jamieson සමත්ව තිබීම විශේෂත්වයක්. දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Kagiso Rabada පස්වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<