සාන්ත සෙබස්තියන් – වේල්ස් කුමර සංග්‍රාමයට සියල්ල සූදානම්

මොරටු මහා රන් සංග්‍රාමය 2021

1377
Cambrians and Sebastianites

මොරටුව වේල්ස් කුමර හා සාන්ත සෙබස්තියන් විද්‍යාල අතර වාර්ෂිකව සංවිධානය කරන “මොරටු මහා රන් සංග්‍රාමයේ” 71 වැනි දිගහැරුම ජනවාරි 14 සහ 15 දිනවල මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඊට සමගාමීව පැවැත්වෙන, 36 වැනි එක්දින මහා තරගය මේ මස 16 වැනිදා ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. කොරෝනා වයිරසයේ බලපෑම නිසාවෙන් රන් සංග්‍රාමය පැවැත්වෙන්නේ වසර දෙකක නිහැඬියාවකට පසුව වන අතර මේ සඳහා ප්‍රේක්ෂකයින් යම් ප්‍රමාණයකට ක්‍රීඩාංගණයේ සිට තරග නැරඹීමට අවස්ථාව ලබා දීමට සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

2019 වසරේ පැවති 69 වැනි මොරටු මහා රන් සංග්‍රාමය 60 වැනි වරටත් ජය-පරාජයෙන් තොරව අවසන් වූ නමුත් 34 වැනි වතාවට පැවැත්වුණු එක්දින තරගය ජයග්‍රහණය කිරීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් වුනා.

වේල්ස් කුමර විදුහලේ නායකයා ලෙස ඩිනුර ප්‍රනාන්දු කටයුතු කරන අතර සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නායකයා ලෙස කටයුතු කරනු ලබන්නේ සුකිත ප්‍රසන්නයි.

71 වැනි මොරටු මහා රන් සංග්‍රාමය සඳහා මෙවර සාඩම්බර අනුග්‍රාහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සබඳතා සහකරු වන Dialog Axiata PLC සමාගම කටයුතු කරනු ලබනවා. 

Photos – Battle of the Golds 2021 Sponsorship Exchange

මොරටු මහා රන් සටනේ ඉතිහාසය 1933 තරම් ඈතට විහිදී යන අතර එම වසරේ දී වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් නායකත්වය දැරුවේ ඩන්කන් ප්‍රනාන්දු විසිනි. සාන්ත සෙබස්තියන් විද්‍යාලය මෙහෙය වනු ලැබුවේ ඉයුජින් ද සිල්වා විසිනි. කෙසේ නමුත් ප්‍රථම දෙදින මහා තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

එසේ ආරම්භ වූ මෙම පාසල් මහා ක්‍රිකට් තරගය හරහා පාසල් දෙකෙන්ම ක්‍රිකට් පිටියට නිර්මාණය කර දුන් විශිෂ්ටයින් ගණන අතිවිශාලයි.

මෙම මහා ක්‍රිකට් තරගයේ එක්දින තරගය සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානම්. එම තරගය ඩයලොග් TV නාලිකා අංක 140 සහ ThePapare.com වෙබ් අඩවිය හරහා සජීව ලෙස නැරඹීමට ඔබට හැකි.

මොරටු මහා රන් සංග්‍රාමයේ උණුසුම විඳගන්න, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<