ගෙවුණු දවස ජුනි 16 – පන්දු පළුදුවත් සමඟින් තෙවැනි දිනය නිමයි

285

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

    රග්බි    

සාන්ත ජෝසප් ප්‍රහාරයෙන් මලියදේවය තරගාවලියෙන් ඉවතට

මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය අද (16) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර පළමු අර්ධ අවසන් පූර්ව තරගයේ දී කුරුණෑගල මලියදේව විද්‍යාලය ලකුණු 45-17ක් ලෙස පරාජය කළ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලය සම්පූර්ණයෙන්ම පාහේ තරගයේ ලකුණු පුවරුව තමන් සතු කරගත්ත ද, මලියදේව ක්‍රීඩකයෝ දෙවන අර්ධයේ දී ඔවුන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය.

මයිලෝ පිළිමළුන් පිටුදැකීමේ ජනාධිපති කුසලානය සඳහා කණ්ඩායම් අටක් සහභාගී වන අතර නිමා වූ සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවයේ දෙවන ස්ථානයට පත්වන්නට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය. පළඟ ශූරතාවේ තෙවන ස්ථානය දිනා ගනිමින් පෙරළිකාර මලියදේව කණ්ඩායම ආනන්ද කස්තුරිආරච්චි (කැස්ට්‍රෝ) මහතාගේ පුහුණුකාරිත්වයෙන් මේ වසරේ B කාණ්ඩයේ සිට ලබන වසරේ ප්‍රථම වතාවට A කාණ්ඩයේ තරග වාරය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදි.

සම්පූර්ණ වාර්තාව: සාන්ත ජෝසප් හමුවේ මලියදේවය පරාජය වේ


    ක්‍රිකට්    

ධනංජය පන්දුව පළුදු කළා යැයි සැකයකින් තරගාරම්භය පමා වේ

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (16)  නිමාවේ දී තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සත්කාරක කොදෙව් ක්‍රීඩකයන්ට වඩා තවත් ලකුණු 13ක් පිටුපසින් සිටිති.

බාබඩෝස් හි පිහිටි ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ලබාගත් ලකුණු 253ට කොදෙව්වන්ගේ පිළිතුර ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 300කි.

පිටියේ විනිසුරුවන් වූ අලිම් ඩාර් (පාකිස්තානය) සහ ඉයන් ගුල් (එංගලන්තය) විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුව පළුදු කළේ යැයි කරනු ලැබූ චෝදනාවට විරෝධය පෑ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දිනයේ තරග ආරම්භයේ නියමිත වේලාවට පිටියට නොපැමිණිය හ. නායක දිනේෂ් චන්දිමාල් පිටියේ විනිසුරුවන් සමඟින් පිටියට පිවිස මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.

තරග තීරක ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ සමඟින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි එරට ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පෑ විරෝධතාව හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් තරග කාලයට අහිමි විය.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවට අනපේක්ෂිත චෝදනාවක්; කොදෙව්වෝ Overtake කරයි

දිනයක නිමාව