කමිඳු බංග්ලාදේශයට

1785

ශ්‍රී ලාංකික තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් 2022/23 Dhaka Premier Division Cricket League තරගාවලියේ Mohammedan Sporting Club නියෝජනය කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා.

මෙය කමිඳු හට සිය දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට විශාල පිටිවහලක් වනු ඇති අතර බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් වන Mahmudullah Riyadh සහ Imrul Kayes වැනි ක්‍රීඩකයින් සමඟ එකට ක්‍රීඩා කිරීමට ද ඔහුට අවස්ථාව හිමි වනු ඇති.

මෙන්ඩිස් නියෝජනය කරන්නට සැරසෙන Mohammedan Sporting Club කණ්ඩායම දැනට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ පසුවන්නේ මෙතෙක් ඔවුන් සහභාගී වූ තරග 11න් 6ක් ජයග්‍රහණය කරමිනුයි.

Round-robin ආකෘතියට කණ්ඩායම් 12ක් මූලික වටයේ දී තරග කරන අතර ඉන්පසුව තෝරාගනු ලබන සුපිරි කණ්ඩායම් 6 play-offs වටයේ දී ශූරතාවය සඳහා තරග කිරීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<