මෝටර් රථ ධාවන ශූරයාගෙන් ලක්මවට තවත් ජයක්

813
Dilantha Malagamuwa Facebook

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෝටර් රථ ධාවන තරග පිටියේ ඉතා කැපී පෙනෙන දස්කම් දක්වන ඩිලන්ත මාලගමුව, අද (11) පැවති Lamborghini Super Trofeo ශූරතාවයේ දෙවැනි තරගයේ දී දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් විය.

ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවර පැවති මෙම තරගාවලියේ පළමු තරගයේ දී තෙවැනි ස්ථානය දිනා ගන්නට ද ඔහු සමත්ව තිබුණි.

සිය ජයග්‍රහණය පිළිබඳව ඔහුගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් ඩිලන්ත මාලගමුව ප්‍රකාශ කර සිටියේ, තමන් අද පැවති Lamborghini Super Trofeo ශූරතාවයේ දෙවන තරගයේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වූ බවත්, ඒ සඳහා උපකාර කළ සහ ඔහුට ආශීර්වාද එක්කළ සියලූම දෙනාට සිය ස්තූතිය පුද කරන බවත් ය.

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට නාමයක් ගොඩනගන්නට සමත් වූ නිහඬ විරුවෙකු ලෙස සැලකෙන ඩිලන්ත මාලගමුව 1995 වසරේ ජපානයේ පැවති N1 Championship තරගාවලිය ජයග්‍රහණය කරමින් ජාත්‍යන්තර ධාවන පථයට අවතීර්ණ වූ අතර වැඩි කලක් යාමට මත්තෙන් ආසියානු සහ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පිටියේ කැපී පෙනෙන දස්කම් දක්වන ක්‍රීඩකයෙකු වන්නට ඔහුට හැකි විය.

තවත් ක්‍රීඩා පුවත්;

පසුව Lamborghini Super Trofeo ධාවන පථයේ දැක්වූ සුපිරි දස්කම් නිසාවෙන් 2017 වසරේ පැවති Lamborghini Super Trofeo World Finals හී දෙවැනි තරගය තුන්වැන්නා ලෙස නිමා කරමින් එවැනි දස්කමක් දැක්වූ මුල්ම ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත්වන්නට ද ඔහු සමත් විය.

මේ වන විට 57 වැනි වියේ පසුවන ඩිලන්ත මාලගමුව තවමත් මෝටර් රථ ධාවන පිටියේ සුපිරි දස්කම් දක්වන අතර ඔහුගේ මෙම දස්කම් නිසාවෙන් අගෝස්තු මස ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කළ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වය ද ඔහුට හිමි විය.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<