ජාතික සංචිතයේ ක්‍රීඩකයන්ට කාලගණන තරගාවලියකට වරම්

172
Time Counting Athletic Trials Held in October

මෙම මස පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග ඊයේ (07) කල් දැමීමට තීරණය කළ නමුත් ජාතික සංචිතයේ සිටින සහ සුපිරි ක්‍රීඩක සංචිතයේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එම පෙර සැලසුම් කළ දිනයන්හීම කාලගණන තරගාවලියක් පැවැත්වීමට තීරණය කර ඇත.

මේ මස 23 වැනිදා සිට 25 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතව තිබූ එම තේරීම් තරග කොරෝනා වසංගත තත්වය නිසාවෙන් දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කළ බව ඊයේ (07) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දැනුම් දෙන ලදි.

එසේ නමුත් පසුව ක්‍රීඩා අමාත්‍යාංශය සහ මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන් අතර සිදු කළ විශේෂ සාකච්ඡාවලින් අනතුරුව තේරීම් තරග පෙර පරිදි කල් දැමීමට කටයුතු කළ නමුත් ජාතික සංචිතයේ සහ සුපිරි ක්‍රීඩක සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ තෝරාගත් ඉසව්වන් සඳහා පමණක් එම දිනවල දී ම කාල ගණන තරගාවලියක් ලබා දීමට තීරණය කර ඇත

තවත් මලල ක්‍රීඩා පුවත්:

කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හී පුහුණුවීම් කටයුතුවල නිතර වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා නේවාසිකාගාරයේ සිය නවාතැන් පහසුකම් සලසා ගැනීමට ද සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට දැනට පුහුණුවීම කටයුතු සිදු කරන ස්ථානයන්හීදීම පුහුණුවීම් කටයුතු සිදු කළ හැකි අතර සියලූම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම අනිවාර්ය වේ

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<