ඉසුරු ඩිලංකට ආසියානු පදක්කමක්

176

මේ දිනවල පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ඉසුරු ඩිලංක එම තරගාවලියේ දී පදක්කම් ද්විත්වයක් දිනා ගැනීමට ඊයේ (18) සමත් වුනා.

කිලෝග්‍රෑම් 55 බර පංතිය යටතේ තරග වදිමින් සාර්ථක දස්කම් දැක්වූ ඉසුරු ඩිලංක ලෝකඩ පදක්කමක් සහ රිදී පදක්කමක් දිනා ගන්නට සමත් වුනා.

සමස්ත තරගයේ කිලෝග්‍රෑම් 241ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කමත්, “Clean & Jerk” කාණ්ඩයේ කිලෝග්‍රෑම් 137ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම දිනා ගැනීමටත් ඉසුරු සමත්ව තිබුණා.

ඉසුරුගේ ජයග්‍රහණය වෙනුවෙන් වත්මන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ද සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සුබ පැතුම් එක්කිරීමට කටයුතු කර තිබුණා.

එම කාණ්ඩයේ රන් සහ රිදී පදක්කම් ද්විතවයම කසකස්තාන ක්‍රීඩකයන් දිනා ගැනීමට සමත් වුනා.

තවත් ක්‍රීඩා පුවත්:

2021 ගිම්හාන ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස ක්‍රියාත්මක වූ මෙම තරගාවලිය සඳහා මෙරට නියෝජනය කරමින් ක්‍රීඩකයන් සිව්දෙනෙකු සහභාගි වී තිබුණා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<