වසර 20ක ලෝක වාර්තාවක් බිඳ වැටේ

155

Alusaka Zambia හී පැවති මලල ක්‍රීඩා තරගාවලියකට එක්වූ නැමීබියානු යොවුන් ක්‍රීඩිකා Christine Mboma මීටර් 400 කාන්තා ඉසව්වේ යොවුන් (අවුරුදු 20න් පහළ) ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වුනා.

තරගාවලියේ කාන්තා මීටර් 400 ඉසව්ව සඳහා සහභාගි වූ ඇය එම තරගය තත්පර 49.24ක කාලයකින් අවසන් කරමින් එම වාර්තාව පිහිටුවීමට සමත් වුනා.

ඒ අනුව මීටර් 400 කාන්තා ඉසව්වේ යොවුන් ලෝක වාර්තාව දශක දෙකකට පසු බිඳ හෙළීමට ඇයට හැකි වූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් දැරුවේ 1991 වසරේ දී තත්පර 49.53ක කාලයකින් ඉසව්ව අවසන් කළ ජර්මානු ක්‍රීඩිකා Grit Breuerය.

තවත් ක්‍රීඩා පුවත්:

එමෙන්ම එම තරගය තත්පර 49.53ක කාලයකින් අවසන් කළ Beatrice Masiling දෙවැනි ස්ථානය දිනා ගත් අතර එම කාලය ඇයගේ පෞද්ගලික හොඳම කාලය ලෙස ද සටහන්ව තිබුණා.

තවමත් 17 වැනි වියේ පසුවන Christine Mboma මෙම වසරේ මීටර් 400 කාන්තා ඉසව්වට මෙතෙක් වාර්තා වූ හොඳම කාලයන් අතර ද පෙරමුණේ සිටින ක්‍රීඩිකාවකි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<