භානුක CPL පිටිය දෙවනත් කරයි!

CPL 2023

9481
CPL 2023

බටහිර ඉන්දීය කොදෙව් දුපත් වල දී පැවැත්වෙන Caribbean Premier League (CPL) තරගාවලියේ අද (15) උදෑසන පැවැත්වුණු තරගයේ දී භානුක රාජපක්ෂ විසින් St Lucia Kings කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් දියත් කිරීමට සමත් වුනා. 

තරගාවලියේ 26 වැනි තරගය ලෙස St Lucia Kings සහ Guyana Amazon Warriors කණ්ඩායම අතර පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Warriors නායක Imarn Tahir විසින් විසින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. මෙහි දී ඔවුන් නියමිත පන්දුවාර 20 අවසන් වන විට කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 167ක් ලබා ගැනීමට සමත් වූ අතර කණ්ඩායමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වීමට Azam Khan විසින් සමත් වුනේ පන්දු 25කින් ලකුණු 40ක් ලබා ගනිමිනුයි. 

ඊට අමතරව Shai Hope විසින් ලකුණු 38ක් Warriors ඉනිම වෙනුවෙන් එක් කළා. මෙහි දී Lucia Kings වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Alzarri Joshep විසින් ලකුණු 31කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

මේ අනුව ලකුණු 166ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් St Lucia Kings ආරම්භක පිතිකරුවන් ලෙස Colin Munro සහ Jhonson Charles පිටියට පිවිසුනත් ඉනිමේ මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 5ක් වන විට එක් ලකුණක් ලබා සිටි Charlesගේ කඩුල්ල බිඳ හෙළීමට Romario Shepherd විසින් සමත් වුනා. 

නමුත් ඉන් පසුව Munro සමඟ පිටියේ එක් වූ භානුක විසින් Warriors පන්දු යවන්නට දිගට හරහට පහර දීමට පටන් ගත්තා. එහි අවසන් ප්‍රතිඵලය වුනේ ඔවුන් දෙදෙනා විසින් පන්දු 80ක් තුළ ලකුණු 132ක දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට සමත් වීමයි. 

මෙහි දී ඉනිමේ දෙවන කඩුල්ල ලෙස භානුක රාජපක්ෂ දැවී යන විට ඔහු විසින් පන්දු 49කින් ලකුණු 86ක් ලබා ගැනීමට සමත් වී සිටියේ හයේ පහර 5ක් සහ හතරේ පහර 9ක් ද සමඟිනුයි.

මීට අමතරව Colin Munro විසින් පන්දු 43කින් ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වුනා. 

ඒ අනුව Lucia Kings පිතිකරුවන් විසින් පන්දුවාර 17 පන්දු 3ක් පමණක් වැය කරමින් ජයග්‍රාහී ඉලක්කය හඹා යමින් තරගය ජයග්‍රහණය කළා. 

  • Guyana Amazon Warriors: 167/5 (20) Azam Khan 40, Shai Hope 38, Alzarri Joshep 2/31, Sikandar Raza 1/14 
  • St Lucia Kings: 170/3 (17.3) භානුක රාජපක්ෂ 86, Colin Munro 55, Romario Shepherd 1/15, Imran Tahir 1/34 

තරගයේ වීරයා: භානුක රාජපක්ෂ 

මෙම තරගයෙන් පරාජය වුවත් තවමත් 2023 CPL ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටීමට Guyana Amazon Warriors කණ්ඩායම විසින් සමත් වී සිටිනවා. එමෙන්ම අද තරගය ජයග්‍රහණය කළ St Lucia Kings කණ්ඩායම ලකුණු සටහනේ තෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් වී තිබෙනවා. 

තරගාවලියේ තවත් තරග දෙකක් Jamaica Tallawahs සහ St Kitts And Nevis Patriots කණ්ඩායම් අතර අද රාත්‍රියේත්, Guyana Amazon Warriors සහ Trinbago Knight Riders කණ්ඩායම් අතර හෙට (16) අලුයමත් පැවැත්වීමට නියමිතයි. 

2023 CPL තරගාවලියේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<