ජපාන බලධාරියෙකුගෙන් ඔලිම්පික් ගැන ආන්දෝලාත්මක ප්‍රකාශයක්

32වන ගිම්හාන ඔලිම්පික් උළෙල -2021

204

කොරෝනා වසංගතයේ යළි ව්‍යාප්තිය හේතුවෙන් ඔලිම්පික් තරගාවලිය ආරක්ෂිතව පැවැත්වීම අපහසු වන බවක් පෙන්නුම් කළහොත් එය අවලංගු කිරීමට කටයුතු කළ යුතු බව ජපාන රජයේ නිලධාරියෙකු වන Toshihiro Nikai ප්‍රකාශ කර සිටියා.

Kyodo මාධ්‍ය ආයතනය වෙත අදහස් දක්වමින් Toshihiro Nikai ප්‍රකාශ කර සිටියේ ජූලි 23 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියේ ආරම්භයට දින 100කට අඩු කාලයක් තිබිය දී තරගාවලිය අවලංගු කිරීමේ අවදානමක් මතුව ඇති බවයි.

එය කිරීමට නොහැකි නම් අවලංගු කරන්න ඕන. මෙම වයිරසය පැතිරීමට ඔලිම්පික් වගකිව යුතු නම් එය පැවැත්වීමේ තේරුම මොකක්ද? ඒ නිසා මේ අවස්ථාවේ දී අපි තීරණයක් ගන්න ඕන. 

මම අදහස් කරන්නේ කුමක් වුනත්, ඔලිම්පික් හෝ පැරාලිම්පික් පැවත්වීමට අවශ්‍ය දැයි ඔබ මගෙන් ඇසුවොත් මම කියන්නේ අනිවාර්යයෙන්ම නැහැ කියලයි” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

තවත් ක්රීඩා පුවත්:

පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කොරෝන වසංගතය නිසා වසරක් පසුපසට දමමින් මෙම වසරේ ජූලි 23 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කළා.

එමෙන්ම මෙවර තරගාවලිය පෙර තරගාවලිවලට වඩා සරල ලෙස පැවැත්වීමටත්, ක්‍රීඩක බුබුළු නිර්මාණය කරමින් ඉතා සෞඛ්‍යාරක්ෂිතව තරගාවලිය පැවැත්වීමටත් ජපාන සංවිධායකයින් තීරණය කර තිබුණා.

කෙසේ නමුත් පසුගිය මාස කිහිපයේ සිට කොරෝනා වසංගතයේ නව ප්‍රභේද නිසාවෙන් එහි ව්‍යාප්තිය ඉහළ යාමත් සමඟ මෙවර ඔලිම්පික් තරගාවලිය නැරඹීමට විදේශීය ප්‍රේක්ෂකයන් හට ඉඩ නොදීමටත් ඔලිම්පික් සංවිධායකයින් පසුගිය මාසයේ දී තීරණය කළා.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<