නාවිකයින් අවසන් මිනිත්තුවේ දී යුධ හමුදාව මෙල්ල කරයි

93

තරගයේ අවසන් මිනිත්තුවේ එක ළඟ එක වාර්තා වූ දක්ෂ උත්සාහක දිනුම් දෙකකින් නාවික හමුදා ක්‍රීඩා සමාජය ලකුණු 35-34ක් ලෙස යුධ හමුදා ක්‍රීඩා සමාජය පරාජය කරන්නට සමත් වුනා. තරගය පැවැත්වුණේ වැලිසර දීයි.

ගුවන් සිහින කටුගා දමමින් පොලිස් මෙහෙයුම ඉදිරියටම

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තවත් එක් තීරණාත්මක සති අන්තයක ආරම්භය සනිටුහන්…..

අශාන් බණ්ඩාර යුධ හමුදාව වෙනුවෙන් තරගය ආරම්භ කිරීමේ පා පහර අසාර්ථක කර ගත් නමුත් Tomasi Caqusua වේගවත් ධාවනයක යෙදෙමින් පළමු මිනිත්තු 5 තුළ තරගයේ පළමු උත්සාහක දිනුම යුධ හමුදාව වෙනුවෙන් රැස් කළා. පසුව සචින් ගමගේ අමතර ලකුණු ද එකතු කළා. (නාවික 00-07 යුධ) 

ඊට මිනිත්තු කිහිපයකට පසුව නැවත වතාවක් යුධ හමුදා ක්‍රීඩකයින් ක්‍රියාත්මක වුණු අතර අශාන් බණ්ඩාර මෙවර ධවල රේඛාව ඉක්මවා යමින් ලකුණු රැස් කළා. සචින් ගමගේ හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට නොහැකි වුණු අතර එම ලකුණු දෙක යුධ හමුදාවත් තරගයේ ජයග්‍රහණයත් අතර එකම වෙනස වේවි යැයි ඔහු ඒ මොහොතේ දැන සිටියේ නැහැ. (නාවික 00-12 යුධ) 

දිගින් දිගටම ආක්‍රමණයේ යෙදුණු යුධ හමුදාව වෙනුවෙන් ලහිරු රත්නායක තුන්වැනි උත්සාහක දිනුමත් වාර්තා කළා. සචින් ගමගේ ගේ දීර්ඝ පන්දු යොමු කිරීමකින් රත්නායක ලකුණු රැස් කරද්දී ගමගේ අමතර ලකුණු එකතු කළා. (නාවික 00-19 යුධ) 

යුධ හමුදා ඉදිරිපෙළ ක්‍රීඩක නිරෝෂන් දිලීප හට කහ කාඩ්පතක් හිමි වුණු අතර එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් නාවික හමුදා ක්‍රීඩක රදිෂ සෙනෙවිරත්න තරගයේ පළමු වරට නාවික හමුදාව වෙනුවෙන් ධවල රේඛාව ඉක්මවා ගියා. ඉසුරු කෝන්ගහවත්ත එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගත්තා. (නාවික 07-19 යුධ) 

අනතුරුව කණ්ඩායArmy SC v Navy SCම් දෙකම තරමක් දුර්වල ක්‍රීඩා විලාසයක නිරත වුණු අතර තිලිණ වීරසිංහ දිනා ගත් දඬුවම් පහරක් නාවික හමුදා ක්‍රීඩක සචිංක අබේසේකර උත්සාහක දිනුම් සීමාවෙන් එපිටට රැගෙන ගියේ නැවතත් නාවිකයින් තරගයට රැගෙන එමින්. ඉසුරු කෝන්ගහවත්ත අමතර ලකුණු එකතු කළා. 

පළමු අර්ධය: යුධ හමුදාව 19 (3T, 2 C) – 14 නාවික හමුදාව (2T, 2C)

තරගයේ දෙවන අර්ධය ඉතාම උණුසුම් වුනා. චතුර සෙනෙවිරත්න දෙවන අර්ධය සුපිරි ලෙස ආරම්භ කළේ ප්‍රතිවාදී ක්‍රීඩකයින් තිදෙනෙක් අභිබවා ගොස් උත්සාහක දිනුම් රේඛාව ඉක්මවා යමින් තරගයේ පළමු වතාවට නාවික හමුදාව ඉදිරියට ගෙන එමිනුයි. කෝන්ගහවත්ත අමතර ලකුණු එකතු කළා. (නාවික 21-19 යුධ) 

නාවික හමුදාව දරුණු අගාධයකට ඇද දමමින් අමිත් ගුරුසිංහ කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් වුණු අතර චරිත් සිල්වා ප්‍රතිවාදීන්ට දඬුවම් උත්සාහක දිනුමක් ලබා දෙමින්ම පිටියෙන් ඉවත් වුනේ නාවික හමුදාව ක්‍රීඩකයින් 13 දෙනෙකුට සීමා කරමින්. (නාවික 21-26 යුධ) 

එතෙර විනිසුරුගේ සේවාව තවදුරටත්!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ පැවති පොලිස් – CH&FC සහ CR&FC……

අවසන් මිනිත්තු 10 දී තරගය ඉතාම වේගවත් වුනා. සචින් ගමගේ ඩ්‍රොප් ගෝලයක සඳහා උත්සහ කළත් පන්දුව ගෝල කණු වල වැදී ආපසු පැමිණියා. එම අවස්ථාවේ පන්දුව ලබා ගත් තුසිත සේනානායක ක්ෂණිකව තවත් උත්සාහක දිනුමක් වාර්තා කළා. යුධ හමුදාවට තවත් දඬුවම් පහරක් ලැබුණු අතර එම ලකුණු තුන ද ලබා ගත් ඔවුන් සිතුවේ තරගය අවසන් කියායි. (නාවික 21-34 යුධ) 

කෙසේ වෙතත් අදිශ වීරතුංගගේ සුපිරි උත්සාහක දිනුමත් සමඟින් නාවික හමුදා ක්‍රීඩා සමාජය නැවත තරගයට පිවිසුණා. කෝන්ගහවත්ත අමතර ලකුණු එකතු කළේ තත්පර කිහිපයක් ඉතිරිව තිබිය දී නාවික හමුදාව ජයග්‍රහණය පෙනෙන මානයට රැගෙන යමින්. (නාවික 28 – 34 යුධ) 

විනිසුරු Markovitz තවත් වෙලාව ඉතිරිව තිබේ යැයි පැවසු හෙයින් දිගින් දිගටම නාවික හමුදාව ආක්‍රමණයේ යෙදුණා. චතුර සෙනෙවිරත්න නැවත වතාවක් දක්ෂ ධාවනයක යෙදුණු නමුත් ඔහුට ධවල රේඛාව ඉක්මවා යන්නට යුධ හමුදාව ඉඩ ලබා දුන්නේ නැහැ. 

  • අවසානයේ සෑහෙන උත්සහයකින් පසුව තිළිණ වීරසිංහ ධවල රේඛාව ඉක්මවා ගිය අතර තරගයේ ප්‍රතිඵලය ප්‍රවර්තනය සමඟින් කෝන්ගහවත්ත ගේ පාදයට පැවරුණා. අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් ස්ථානගත කළ ඉසුරු කෝන්ගහවත්ත තරගයේ ජය නාවික හමුදාවට ගෙන ආවා.

අවසන් ලකුණු තත්වය: යුධ හමුදාව 34 (5T 3C 1P) – නාවික හමුදාව 35 (5T 5C)

තරගයේ වීරයා – චමත් ප්‍රනාන්දු  

ලකුණු ලබාගත් ක්‍රීඩකයෝ

  • යුධ හමුදාව – Tomasi Caqusua (1T), අශාන් බණ්ඩාර (1T), ලහිරු රත්නායක (1T), තුසිත සේනානායක, සචින් ගමගේ (2C), අශාන් බණ්ඩාර (1P)
  • නාවික හමුදාව – රදිෂ සෙනෙවිරත්න (1T), සචින්ක අබේසේකර (1T), චතුර සෙනෙවිරත්න (1T), අදීශ වීරතුංග (1T), තිළිණ වීරසිංහ (1T), ඉසුරු කෝන්ගහවත්ත (5C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<