හෙන්ඩසන්ට රන් පදක්කම් දෙකක්, ශෙලින්ඩාගේ ආබාධ සුවයි

97

2019 කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේ දෙවැනි දින වන අද (03) සදීපා හෙන්ඩසන් රන් පදක්කම් දෙකක් දිනා ගත් අතර ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ආබාධයකට ලක්වූ ශෙලින්ඩා ජැන්සන් නැවතත් තම සුපුරුදු දස්කම්වලට පැමිණීමට සමත් විය.

පළමු දිනම කනිෂ්ඨයෝ වාර්තා අටක් කඩයි

2019 කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව අද (02) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ අතර දිනය නිමා වන විට යොවුන්…..

2016 වසරේ දී කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ සංතුෂ වීරසිංහ විසින් මීටර් 200 වයස අවුරුදු 16න් පහළ ඉසව්ව සඳහා තත්පර 22.55ක කාලයක් වාර්තා කරමින් තබා තිබූ වාර්තාව අලුත් කිරීමට කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ ආර්. එස්. ජයසූරියට හැකි වූ අතර ඔහු වාර්තා කළ  කාලය තත්පර 22.36ක්.

ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ සංචිතය නියෝජනය කළ සදීපා හෙන්ඩසන් වයස අවුරුදු 18න් පහළ දුර පැනීම ඉසව්වේ නව තරග වාර්තාවක් තැබීමට සමත් වූ අතර එම වාර්තාව අවුරුදු 15ක් පැරණි වාර්තාවක් වීම විශේෂත්වයකි. ඇය වාර්තා කළ දුර මීටර් 5.82ක්. ඇය විසින් මෙසේ බිඳ දැමුවේ රත්නපුර ෆර්ගසන් කාන්තා විද්‍යාලයේ ඉශාලි චන්ද්‍රසේකර විසින් තබා තිබූ වාර්තාවයි. ඇය වාර්තා කළ තිබූ දුර මීටර් 5.77ක්.  

මාතර යටියන මධ්‍ය මහා විද්‍යාලයේ සෙව්මිණි සසිකලා 2014 වසරේ පිහිටුවා තිබූ වයස අවුරුදු 20න් පහළ මිටිය විසිකිරීම වාර්තාව බිඳ හෙළීමට සමත් වූ අතර ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 30.34ක්. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ කළුතර බාලිකා විද්‍යාලයේ ශමීමා රිෂාඩ් වාර්තා කළ දුර වන්නේ මීටර් 27.91ක්.

Photos: Junior National Athletics Championship 2019 – Day 02

ThePapare.com | Sithija De Silva | 03/09/2019 Editing and re-using images without permission of ThePapare.com….

2009 වසරේ සංජුන සුමනවීර විසින් පිහිටුවා තිබූ වයස අවුරුදු 16න් පහළ යගුලිය විසිකිරීම තරග වාර්තාව අලුත් කිරීමට මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ නවීන් මාරසිංහට හැකි විය. ඔහු දැක්වූ දක්ෂතාවය වන්නේ මීටර් 16.54ක්. පැවතුණු තරග වාර්තාව වන්නේ මීටර් 15.68ක්. 

ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික කණ්ඩායම නියෝජනය කළ දක්ෂ කෙටි දුර ධාවකයෙකු වන මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නවිෂ්ක සංදේශ් මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර ඔහු වාර්තා කළ කාලය තත්පර 53.91ක්. නවිෂ්කට තත්පර දෙකක් පසුපසින් සිටි පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ යොහාන් ශ්‍රී හංසකට දෙවැනි ස්ථානය හිමි විය (55.07).

දුර පැනීම වයස අවුරුදු 18න් පහළ කාන්තා ඉසව්වේ වාර්තාවට හිමිකම් කියූ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩසන් මීටර් 200 වයස අවුරුදු 18න් පහළ ඉසව්ව ද නියෝජනය කරමින් එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය. ඇය වාර්තා කළ කාලය වන්නේ තත්පර 25.48ක්. දෙවන ස්ථානය දිනා ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දනුෂා දහනායක සමත් වූ අතර ඇය වාර්තා කළ කාලය තත්පර 26.09ක්. 

ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී ආබාධයකට ලක්වූ ශෙලින්ඩා ජැන්සන් නැවතත් සුවය ලැබීමෙන් අනතුවරු 20න් පහළ කාන්තා මීටර් 200 ඉසව්වට සහභාගී වෙමින් එහි ප්‍රථම ස්ථානය දිනා ගත් අතර ඇය වාර්තා කළ කාලය වන්නේ 24.78ක්. වයස අවුරුදු 18න් පහළ මීටර් 200 වාර්තාවට ද හිමිකම් කියනු ලබන්නේ ඇයයි. 

හිමාෂ, අරුණ, සෆාන් එක පොකුරට දුවද්දී තුන් පිම්ම ශූරයා දුර පැනීමේ ශූරයා පරද්දයි.

ශ්‍රී ලංකා වාර්තාවක්, යුද හමුදා වාර්තාවක් ඇතුළුව නව තරග වාර්තා 5කින් ඇරඹුණු, 56 වැනි යුද හමුදා මලල ක්‍රීඩා….

තරගාවලියේ අවසන් දිනය හෙට (04) සුගතදාස ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලු පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<