එතෙර විනිසුරුගේ සේවාව තවදුරටත්!

74

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ පැවති පොලිස් – CH&FC සහ CR&FC හා මහනුවර තරගවල විනිසුරු වශයෙන් ක්‍රියා කළ ජොනතන් මාකොවිට්ස් හයවැනි සතියේ දීත් තරග දෙකක ප්‍රධාන විනිසුරු වශයෙන් කටයුතු කිරීමට නියමිතයි.

අසාර්ථක ප්‍රවර්තන මැදින් පොලිස් වැටලීම සාර්ථකයි!

2019/20 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ……

හොංකොං ජාතික ජොනතන් මාර්කොවිට්ස් එළඹෙන 10 වැනිදා වැලිසර දී පැවැත්වීමට නියමිත නාවික හමුදා සහ පොලිස් ක්‍රීඩා සමාජ අතර තරගය සහ ජනවාරි 11 වැනිදා පැවැත්වීමට නියමිත CR&FC හා හැව්ලොක් අතර තරගයේ ප්‍රධාන විනිසුරු වශයෙන් කටයුතු කරනු ඇත.

ඩයලොග් රග්බි ලීගයේ දෙවැනි ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායම කවුරුන්ද යන්න තීරණය කරන CR&FC කණ්ඩායම සහ හැව්ලොක් අතර තරගය මෙම තරග වාරයේ විදුලි ආලෝකය යටතේ ක්‍රීඩා කරන පළමු තරගය ද වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<