ජයපැරදුම නැති ජොශුවා ගේ ප්‍රහාරය

339
Sri Lanka U19 v South Africa U19 cricket 3rd Test day 3 by Sachin Dananjaya

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ගාමිණී දිසානායක අභියෝගතා කුසලානය සඳහා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ තෙවන යොවුන් ටෙස්ට් තරඟය පෙරේදා (03) මහනුවර පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ඇරඹිනි. මෙම තරගයේ තෙවන හා අවසන් දිනය අද (05) ක්‍රියාත්මක වූ අතර මෙම තරඟය ද ජය පරාජයෙන් තොරව නිමාවිය.

පසුගිය ලිපි: 295න් නැවතු තෙවන ටෙස්ට් තරගයේ ප්‍ර‍ථම දිනය

මෙම තරගයේ දෙවන දිනය ඊයේ (04) නිමාවන විට ශ්‍රී ලංකා යොවුන් 19 න් පහළ කණ්ඩායම ලකුණු 262 කට සියලු දෙනාම දැවීගිය අතර අද දිනය දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දෙවන ඉණිම සමඟ තරඟය ආරම්භ විය.

තරගාවලිය පුරාම ඉතාම දක්ෂ ලෙස සාර්ථක වූ දක්ෂ පිතිකරු ජොශුවා වෑන් හර්ඩින් මෙම තරගයේ දී ද  රිකාඩෝ වැස්කොනලස් සමඟ ලකුණු 81 ක සාර්ථක  සබඳතාවයක්  ගොඩනැංවීමට සමත් විය. වැස්කොනලස් ලකුණු 48 කට ප්‍රවීන් ජයවික්‍රම යැවූ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යන ලද්දේ අර්ධ ශතකයට අභියස සිටමයි. ඉණිම 6 න් 4 කම සාර්ථක වූ ජොශුවා මෙම ඉණිමටද වර්ණවත් ප්‍රතිප්‍රහාරයක් දියත් කල අතර ඔහුගේ පිත්ත 4 පහරවල් 7 කට දායකත්වය දක්වන ලදි. ජොශුවා ලකුණු 78 කට දැවීයන ලදි. රේනාඩ් වෑන් ටොන්ඩර් ලකුණු 18 කට දවාලීමට ජයවික්‍රම සමත් විය. මෙම තරඟය අතරතුර ජෙරම් බූසර් අබාධයකට ලක්වීම නිසා තරඟයෙන් ලකුණු 2* ක් ලබා සිටියදී  ඉවත් වීමට ඔහුට සිදුවිය. ජේස් ක්‍රිස්ටින් එක් 4 පහරක් සමඟ ලකුණු 14 කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර දවාලීමට ජයවික්‍රම සමත් විය. එ්විට දකුණු අප්‍රිකානු 19 පහළ කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු 188 කට කඩුලු 4 ක් ලෙස දැක්විණි.

පසුගිය ලිපි: දකුණු අප්‍රිකානුවෝ පාලනය අතට ගනි

තරගයේ තෙවන හා අවසන් දිනය නිමාවන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම් නායක  වියාන් මුල්ඩර් 4 පහරවල් 2 ක් සමඟ නොදැවී ලකුණු 21* ක් හා වෙස්කුල් මුන්ටන්ගවා ලකුණු 4* ක් නොදැවී ලබාගන්නා ලදි. එවිට ලකුණු පුවරුව ලකුණු 201 කට කඩුලු 4 ක් ලෙස දිස්විය.

තරගයේ සම්පූර්ණ ලකුණු සටහන


දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉණිම  : 295/8 (84.1) ජෙසී ක්‍රිස්ටෙන්සන් – 67, වියාන් මුල්ඩර් – 66, රිකාඩෝ වැස්කොන්සෙලස් – 56, රේනාඩ් වැන් ටොන්ඩර් – 48,ජෙහාන් ඩැනියල් – 3/53, ප්‍රවීන් ජයවික්‍රම – 3/95

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම  : 262/10 (94) අවිශ්ක ෆර්නැන්ඩො 55, හසිත බෝයගොඩ 79*, අශේන් බණ්ඩාර 43, විශාඩ් රන්දික 24, විඅාන් මුල්ඩර් 4/28, විලියම් සෙන්ඩින් 3/59, ජේඩ් ඩි ක්ලේර්ක් 2/69

දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමු ඉණිම  : 201-4 (81) ජොශුවා වෑන් හර්ඩින් 78, රිකාඩෝ වැස්කොන්සෙලස් – 48, වියාන් මුල්ඩර් 21*, රේනාඩ් වැන් ටොන්ඩර් – 18, ප්‍රවීන් ජයවික්‍රම 3/50

ඒ අනුව තරඟ තුනකින් යුතු ටෙස්ට් තරඟය 0-0 ක් ලෙස නිමාවිය.

දෙරට අතර තරඟ 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලබන 9 වැනිදා පී සරවනමුත්තු පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට