විද්‍යාර්ථ – සිල්වෙස්ටර් සටන ජය පරාජයෙන් තොරයි

394
SInger U19 Schools Cricket

අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් එක් තරගයකින් මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්  හිමි වූ අතර, තවත් පාසල් ක්‍රිකට් මහා තරග දෙකක් ජය පරාජයෙන් තොරව අද (4) අවසන් විය.

නාලන්දාව ජයග්‍රහණයට මාන බලද්දී, මහා තරගයේ වැඩි වාසි ආනන්දයට

<මේ වසරේ සුලෝහිත සංග්‍රාමයට පිවිසෙන ආනන්ද කණ්ඩායම නාමිකව ගත් කල වඩාත් ප්‍රබල කණ්ඩායමයි. මෙවර තරග වාරය…

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා කොළඹ මහානාම විද්‍යාලය

මලිදු මදුරංගගේ විශිෂ්ට පිතිහරඹයත් සමඟින් වර්ණවත් වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල මහානාම විද්‍යාලය ධර්මපාල තණතීරුවේ දී පළමුව පිතිකරණයට අවස්ථාව ලබාගන්නා ලදි.

ධර්මපාල විද්‍යාලයේ පළමු ඉනිම සමඟින් අද දිනයට තරගය ආරම්භ වූ අතර, එම ඉනිමට මලිත් සඳකැලුම් හා කනිෂ්ක ජයසුන්දර මහානාම විද්‍යාලයේ පන්දු යැවීමේ රටාව හොඳින් අවබෝධ කරගෙන ලකුණු 50ක් හා ලකුණු 48ක් රැස්කර ගන්නා ලදි.

වත්සර පෙරේරා ධර්මපාල විද්‍යාලයේ ප්‍රබල කඩුලු කඩුලු 5ක් ලකුණු 66ක් තුල දවාලමින් මහානාම විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණයක් කරා ලඟා කරවිය. පිළිතුරු දෙවන ඉනිම ක්‍රීඩා කල මහානාම විද්‍යාලයට දිනය අවසානයේ ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 172ක් පමණක් වන අතර, එම ලකුණු අතරට නොදැවී ලකුණු 72*ක් එක් කිරීමට පවන් රත්නායක සමත් විය.

මහානාම විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 371 (76.3): මලිදු මදුරංග 184, නිදුක වැලිකල 53, පැතුම් බොතේජු 49*, ශසික ඩිල්ශාන් 5/72, මහීම වීරකෝන් 2/82

ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 258 (74.3): මලිත් සඳකැලුම්  50, කනිෂ්ක ජයසුන්දර 48, දුලාජ් එගොඩගේ 32, අමිල දයංක 21, වත්සර පෙරේරා 5/66, හේශාන් හෙට්ටිආරච්චි 2/39, හර්ෂන විතාන 2/41

මහානාම විද්‍යාලය දෙවන ඉනිම – 172/04 (34): පවන් රත්නායක 72*, කවිදු මුණසිංහ 50


58 වැනි සුරතුරුන්ගේ සටන (දෙවන දිනය)

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය හා මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය

පළමු දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 37ක් ලබා ගැනීමට විද්‍යාර්ථ විද්‍යාලය සමත් වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල විද්‍යාර්ථ කණ්ඩායම පළමුව පන්දු යවන ලදි.

දෙවන දිනය වූ අද දිනයේ බොහෝ වේලාවක් වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා වැඩි පන්දුවාර ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමට නොහැකි විය. එහි දී සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයේ තුසිත් ද සොයිසා විද්‍යාර්ථ විදුහලේ කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. දිනය අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 104ක් ලබා ගැනීමට විද්‍යාර්ථ විද්‍යාලයට හැකි විය. තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගය පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 134 (63): මන්ජිත් රාජපක්ෂ 40, නිමේෂ් සේනානායක 3/23, රවිශ්ක උපනන්ද 2/14, නිපුන කුමාරසිරි 2/27

විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉනිම – 104/8 (52): තුසිත් ද සොයිසා  4/21


කන්ද උඩරට නිල් මහා සටන (දෙවන දිනය)

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය

ජය පරාජයෙන් තොරව අවසන් වුනු මෙම පාසල් ක්‍රිකට් ගැටුම මහනුවර අස්ගිරි විදුහල් පිටියේ දී පැවැත්විය. කාසියේ වාසිය ජයග්‍රහණය කල ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් අතර, එම ඉනිමට ලකුණු 137කදී නැවතීමේ තිත තැබීමට නිමංක ජයතිලක ඇතුළු සාන්ත අන්තෝනි පන්දු යවන්නන්ට හැකි විය.

නමුත් එම ඉනිම යම් සැනසිලි දායක මට්ටමකට ගොඩ නැංවූ භාතිය දිසානායක මනරම් පහර කිහිපයක් සමඟින් ලකුණු 39ක් තම ගිණුමට බැර කර ගන්නා ලදි. අශාන් ලොකුසූරිය ලකුණු 29යි.

පිළිතුරු පළමු ඉනිම දියත් කල සාන්ත අන්තෝනි විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකියාව ලැබෙන ලෙසින් තම පිත්ත ක්‍රියාත්මක කර වූ ලසිත වරෙල්ලගම තම විද්‍යාලයට වැදගත් ලකුණු 42ක් එක් කරවිය. කලන ද සොයිසා සාන්ත අන්තෝනි කඩුලු 4ක් තම නමට ඉදිරියෙන් සටහන් කර ගත්තේය.

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 137 (51.5): භාතිය දිසානායක 39, අශාන් ලොකුසූරිය 29, නිමන්ක ජයතිලක 3/19, ගිහාන් අචින්ත 2/14, මොහොමඩ් අලවි 2/38

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – 138/08 (64): ලසිත වරෙල්ලගම 42, තමාශන අබේකෝන් 30, කලන ද සොයිසා 4/35

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට