මධුමාදවගේ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් ජය විද්‍යා විද්‍යාලයට

991
A hat-trick of tries by Hashan Madumadava got Science to victory

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් පාසල් අංශයේ අවසන් මහා තරගයේ දී ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ හෂාන් මදුමාදව උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කර ගත් අතර ඔවුන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 19-05ක් ලෙස පරාජයට පත්කරමින් තරගාවලියේ පළමු අදියරේ ශූූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය.

දෙවන වසරටත් ශූරතාවය සාන්ත තෝමස් විද්‍යාලයට

නවීන් හේනකන්කානම්ගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය කණ්ඩායම අන්තර් පාසල් සත්සාමාජික රග්බි තරගාවලියේ අවසන් මහා තරගයේ දී…

තරගයේ ලකුණු තත්වය: විද්‍යා විද්‍යාලය 19 (3T 2C) – 05 (1T) ත්‍රිත්ව විද්‍යාලය

තරගාවලියේ පාසල් අංශය සඳහා කණ්ඩායම් 08ක් සහභාගී වූ අතර එහි පළමු වටයේ තරග නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී තරගාවලියේ පළමු දිනයේ දී අවසන් විය. ඒ අනුව තරගාවලියේ අර්ධ අවසන් තරග සඳහා සුදුසුකම් ලබන්නට කිංස්වුඩ් විද්‍යාලය, විද්‍යා විද්‍යාලය, ත්‍රිත්ව විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය සමත් විය.

අනතුරුව විද්‍යා විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය තරගාවලියේ පළමු අදියරේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ඒ අනුව කණ්ඩායම් දෙකටම මෙවර තරග වාරයේ දී කුසලානයක් ජයග්‍රහණය කර ගැනීමට අවස්ථාවක් හිමි විය.

තරගයේ ආරම්භයේ සිටම තමන්ට ලැබුණු සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගන්නට විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩකයින් සමත් විය. තරගය ආරම්භ වී පළමු මිනිත්තුවේ දී ම විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම වෙනුවෙන් හෂාන් මදුමාදව පළමු උත්සාහක දිනුම වාර්තා කර ගත්තේ ය.

තරගයේ ලකුණු තත්වය සම කරන්නට තරගාවලියේ පළමු දිනයේ දී දස්කම් අතර සිටි ත්‍රිත්ව විද්‍යාලයේ විශ්ව රණරාජා හට අවස්ථා කිහිපයක්ම ලැබුණත්, විද්‍යා විද්‍යාලයේ පසුපෙළ ක්‍රීඩකයින්ගේ දක්‍ෂ ක්‍රීඩා විලාශය හේතුවෙන් එම අවස්ථාවන් සියල්ලම ව්‍යර්ථ විය.

ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින්ගේ දුර්වල ක්‍රීඩා රටාවෙන් ප්‍රයෝජන ගත් හෂාන් මදුමාදව විද්‍යා විද්‍යාලය වෙනුවෙන් තරගයේ සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කර ගත්තේ ලකුණු තත්වය ලකුණු 12-00ක් ලෙස ඉදිරියට රැගෙන යමිනි.

තරගයේ අවසානයට මිනිත්තු 2කටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී ත්‍රිත්ව විද්‍යාලයට තරගය ජයග්‍රහණය කිරීමට තිබූ බලාපොරොත්තු බිඳ දමමින් හෂාන් මදුමාදව සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය සම්පූර්ණ කිරීමට සමත් විය.

කෙසේ නමුත් අනතුරුව ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රභාත් විමල් තම කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කර ගත්ත ද එය විද්‍යා විද්‍යාලයේ ජයග්‍රහණය වළක්වන්නට ප්‍රමාණවත් වූයේ නැත.

ඒ අනුව ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයින් මහනුවර දී ම පරාජයට පත්කරමින් නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් පාසල් අංශයේ කුසලාන ශූරතාවය ජයග්‍රහණය කරන්නට ගල්කිස්ස විද්‍යා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගයේ දී විශිෂ්ට අන්දමින් ක්‍රීඩා කළ හෂාන් මදුමාදව හට තරගයේ ජයග්‍රහණයේ සියලුම ගෞරව හිමි විය යුතු බව නොඅනුමානය.

විද්‍යා විද්‍යාලය 19 (3T 2C) – හෂාන් මදුමාදව 3T 1C, ධනංජය ෆොන්සේකා 1C

පළඟ ශූරතාවය දෙකට බෙදෙයි

තරගාවලියේ පළමු අදියරේ පළඟ ශූරතාවය සඳහා පැවති තරගය සාන්ත පීතර විද්‍යාලය සහ කිංස්වුඩ් විද්‍යාලය අතර පැවත්විය. ඉතා උණුසුම් තරගයකින් අනතුරුව තරගය ජය-පරාජයෙන් තොරව නිමාවට පත්වූයේ කණ්ඩායම් දෙකම ලකුණු 19 බැගින් රැස්කරමිනි. ඒ අනුව පළඟ ශූරතාවය කණ්ඩායම් දෙක අතරේ බෙදී ගියේය.

බඳුන ශූරතාවය අන්තෝනි විද්‍යාලයට

තරගාවලියේ බඳුන ශූරතාවය සඳහා පැවති තරගයේ දී තරගය ආරම්භයේ සිටම ප්‍රබල ක්‍රීඩා විලාශයක් ප්‍රදර්ශනය කළ සාන්ත අන්තෝනි විද්‍යාලයීය කණ්ඩායම ලකුණු 20-14ක් වශයෙන් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය කණ්ඩායම පරාජයට පත්කරමින් බඳුන ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

ඉසිපතනයට අවසන් ස්ථානය

ශ්‍රී ලංකා සුපර් සෙවන්ස් තරගාවලියේ පාසල් අංශයේ ගියවර ශූරයින් බවට පත්වූ ඉසිපතන විද්‍යාලයීය කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු අදියර අවසානයේ හිමි වූයේ ලකුණු සටහනේ අවසන් ස්ථානය යි. ඔවුන් පළිහ ශූරතාවය සඳහා පැවති තරගය මහනුවර ධර්මරාජ විද්‍යාලය හමුවේ ලකුණු 15-12ක් වශයෙන් පරාජයට පත්විය.

පළමු අදියර අවසානයේ ලකුණු සටහන

ස්ථානය

පාසැල

ලකුණු

1 විද්‍යා විද්‍යාලය 8
2 ත්‍රිත්ව විද්‍යාලය 7
3 සාන්ත පීතර විද්‍යාලය 6
3 කිස්වුඩ් විද්‍යාලය 6
4 සාන්ත අන්තෝනි විද්‍යාලය 5
5 සාන්ත ජෝසප් විද්‍යාලය 4
6 ධර්මරාජ විද්‍යාලය 3
7 ඉසිපතන විද්‍යාලය 2     

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<