ලොව දිනූ වට්මෝර්ට ඉන්දීය ක්‍රිකට් සම්බන්ධ තනතුරක්

93

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම 1996 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස සේවය කළ ඩේව් වට්මෝර් හට ඉන්දීය ක්‍රිකට් පරිපාලනයට අනුබද්ධ Baroda ක්‍රිකට් සංගමයේ ක්‍රිකට් අධ්‍යක්ෂක තනතුර ලබා දී තිබේ.

“ඩි කොක්ට ටෙස්ට් නායකත්වය ගන්න අවශ්‍ය නැහැ” – ස්මිත්

පසුගිය පෙබරවාරි ……

Baroda ක්‍රිකට් සංගමයේ ලේකම් අජිත් ලෙලේ මහතා ඊයේ (19) සවස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම පත්වීම තහවුරු කර ඇත. එහි දී වැඩිදුරටත් අදහස් දක්වා තිබෙන ලෙලේ මහතාට අනුව ඩේව් වට්මෝර් ඉදිරි වසර දෙකක කාලය තුල Baroda ක්‍රිකට් සංගමයේ ක්‍රිකට් අධ්‍යක්ෂක මෙන්ම ඔවුන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙස ද කටයුතු කරනු ඇත.

“අපේ ක්‍රිකට් සංගමය වෙනුවෙන් ඩේව් වට්මෝර් මහතාව මම ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. ඔහු තමයි ඉදිරි වසර දෙකේ අපේ සැලසුම්වලට අනුව අපේ ක්‍රිකට් සංගමයේ ක්‍රිකට් අධ්‍යක්ෂක, ඒ වගේම ක්‍රිකට් පුහුණුකාර තනතුරකුත් ඔහුට අපි ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඔහුගේ වගකීම තමයි අපේ ක්‍රිකට් සංගමයේ 16න් පහළ, 19න් පහළ සහ 23න් පහළ කණ්ඩායම්වලට හොඳ ක්‍රීඩකයින් නිර්මාණය කිරීම, ඔවුන්ට කවදා හරි ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට යන්න වට්මෝර් මහතාගේ සහාය ගොඩක් හොඳ පිටිවහලක් වෙයි කියලා අපි හිතනවා.” යැයි එම මාධ්‍ය නිවේදනයේ අදහස් දක්වා තිබෙන ලෙලේ මහතා පවසා ඇත.

“මගේ ඉලක්ක සපුරා ගැනීමට මට තවමත් කාලය තියෙනවා” – ඇන්ජලෝ මැතිව්ස්

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ ශාරීරික යෝග්‍යතා මට්ටම්වල ……

වට්මෝර් 1996 ලෝක කුසලාන ශූරතාව දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරිත්වයට අමතරව, සිම්බාබ්වේ, බංග්ලාදේශ සහ පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම්වල ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ. 

එසේම  ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් පළමු පෙළ තරග වදින ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය 2016/17 තරග වාරය සහ මහා තරග සඳහා ඔවුන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු විශේෂඥයෙක් ලෙස වට්මෝර් මහතාගේ සහාය ලබා ගෙන ඇත. 

ලොව ප්‍රමුඛ පෙළේ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියක් වන ඉන්දියාවේ රංජි කුසලාන ක්‍රිකට් තරගාවලියේ 2017/18 තරග වාරය තුල කේරළ ක්‍රිකට් කණ්ඩායම ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසය තුල පළමු වරට අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේ ද වට්මෝර් මහතාගේ මඟ පෙන්වීම යටතේයි. 

වට්මෝර්ගේ පුහුණුකාරිත්වයේ පළමු වසර තුලම එලෙස දස්කම් දැක්වූ කේරළ ක්‍රිකට් කණ්ඩායම 2018/19 තරගාවලිය තුල අවසන් පූර්ව වටය දක්වා පැමිණියේය. ඉන්පසුව ඔහු එම තනතුරෙන් ඉවත් වීමත් සමඟම කේරළ කණ්ඩායම මූලික වටය පසු කොට පිළිමළුන් පිටුදැකීමේ තරග වටයක් සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්කම් දක්වා නොමැත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<