ලෝක කුසලාන ඉතිහාසය 4- බෝඩර් සහ ඔහුගේ කණ්ඩායම ක්‍රිකට් ලොව සීමා මායිම් බිඳ දමති.

125
පලමු වරට එංගලන්තයෙන් පිටතදී පැවති ලෝක කුසලාන තරඟාවලිය සඳහා සිව්වන වරට අනුග්‍රාහකත්වය දැක්වූයේ ඉන්දියානු සමාගමක් වන “රිලයන්ස්” සමාගම විසිනි. මෙවර තරඟාවලිය ඉන්දියාවේදී හා පකිස්තානයේදී පැවැත්වුණි.
 
1983දී තිබූ තරඟ නීති විශේෂයෙන් වෙනස් නොවුනත්, එක් තරඟයකට තිබූ ඕවර ගණන 60ක සිට 50 දක්වා අඩු කල අතර එක් පන්දුයවන්නෙකුට පන්දු යැවිය හැකි වාර ගණන 10 දක්වා අඩු කර තිබුණි. සිම්බාබ්වේ 1986දී නැවතත් නවකයන් ලෙස තරඟාවලියට එක්වූයේ නෙදර්ලන්තය 1986දී අයි. සී. සී තරඟාවලියේදී පරාජය කරමිනි. තරඟ 27කින් සමන්විත වූ මෙවර තරඟාවලිය ඉන්දියාවේ හා පකිස්තානයේ තරඟ පිටි 19ක පැවැත්වුණි. ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට අපක්ෂපාතී විනිසුරුකරුවන් හදුන්වාදී තිබූ අතර, කල්කටාවේ ඊඩන් ගාර්ඩන්ස් ක්‍රීඩාගාරය අවසාන මහා තරඟය සඳහා සූදානම් වෙමින් තිබුණි.
 
සත්කාරකයෝ කාණ්ඩ දෙකෙහිම ඉදිරියට
 
ඔස්ට්‍රේලියාව හා කොදෙව් කාණ්ඩායම් හමුවේ පරාජය වුවත් ඉන්දියාව සහ පකිස්තානය “ඒ” කාණ්ඩයේ හා “බී” කාණ්ඩයේ ඉදිරියට පැමිණියේය. නවසීලන්තය හමුවේ  ඉන්දියාව කඩුළු 9ක ජයග්‍රහණයක් අත් කර ගත් හෙයින්, “ඒ” කාණ්ඩයේ සම ලකුණු තත්වයක සිටි ඔස්ට්‍රෙලියාව දෙවන ස්ථානයට පත්විය. ඉන්දියාව මෙම තත්වයට නඟා සිට වූයේ ගවස්කාර් ගේ ශතකය හා චේතන් ශර්මාගේ විශිෂ්ඨ පන්දු යැවීමත් ය.  
 
පළමු තරඟය හයිද්‍රාබාද්හි නියාස් ක්‍රීඩාංගණයේදී 1987 ඔක්තෝබර් 8 වැනි දින පකිස්තානය හා ඉන්දියාව අතර පැවැතවුනි. කාසියේ වාසිය දිනාගත් පකිස්තාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කලෝ ය. ඕවර 50 ඇතුලත සත්කාරකයෝ සය දෙනෙකු දැවී ලකුණු 267ක් රැස් කරගත්තේ ජාවෙඩ් ම්යන්ඩාඩ්ගේ ශතකයත් සමඟය. ඔහු පන්දු වාර 103කින්  ලකුණු සියයක් රැස් කරගත් අතර, රමීස් රාජා පකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ලකුණු 76ක් රැස් කර ගත්තේය. රුමේශ් හා රවී රත්නායක ශ්‍රී ලංකාව වෙනුවෙන් කඩුළු දෙක බැඟින් දවා ගත්තේය. පිලිතුරු ඉණිම ආරම්බයේදී සාර්ථක නොවුනත්, තරුණ ක්‍රීඩක මහානාමගේ ලකුණු 89 පකිස්තාන කණ්ඩායම අපහසු තත්වයකට පත් කලේය. ගුරුසිංහද කැටිව ඔහු එම ඉණිමට ලකුණු 79ක සම්බන්ධතාවක් ගොඩනැගුවේය. ඉම් රාන් ඛාන්ගේ ක්‍රිකට් දිවියේ 100වැනි විකට්ටුව ලෙස අරවින්ද සිල්වා ලකුණු 42කකට දැවී ගියේ ය. මෙයත් සමඟම පකිස්තානයට ලකුණු 15ක ජයක් අත් විය.
 
ගුජ්‍රන්වාලා පිටිය ආලෝකමත් වෙයි.
 
1983දී අනු ශූරයන් හා දෙවතාවක් ශූරයන් වූ කොදෙව්වන් හට ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන එංගලන්තය මුණ ගැසුනේ ගුජ්‍රන්වාලා නගර සභා ක්‍රීඩාංගනයේදීය. පළමුව පන්දුවට පහර දුන් කොදෙව්වන් කඩුළු 7ක් දැවී ලකුණු 243ක් රැස් කර ගත්තේය. රිචී රිචාර්ඩ්සන්ගේ විශිෂ්ඨ පිතිහරඹය කොදෙව්වන් හට වාසිදායක වුවත් ඔවුන් හට මුහණ දීමට සිදු වූයේ ඉතාමත් තඳ පන්දු යැවීමකටය. අවසාන ඕවර 10ය ඇතුලත කොදෙව්වන් ලකුණු 92ක් රැස් කර ගත්ත්තේ ගස් ලොගී සහ රිචී රිචාර්ඩ්සන්ගේ ලකුණු 49 සහ ලකුණු 24 නිසාවෙනි.පිළිතුරු ඉණිම ක්‍රීඩා කල එංගලන්ත කණ්ඩායම සෙමෙන් තම ඉණිමේ ලකුණු රැස් කිරීම ආරම්භ කල අතර, ඩෙරික් ප්‍රින්ගල් ලකුණු 83 රැස් කරගත් අතර ඔහුගේ අවසාන් ඕවරයේදී පමනක් ඔහු ලකුණු 22ක් රැස් කර ගැනීමට සමත් විය. නායක ගැටින් හා ග්‍රහැම් ගූච් ඕවර 9ක් ඇතුලත් ලකුණු 58ක් රැස් කර ගත්තේය. ඔවුන්ගේ සබදතාව බිඳ වැටුනේ කාර්ල් හූපර් එංගලන්තය කඩුළු 5ක් දැවී ලකුණු 123ක් රැස් කරගෙන් සිටිනා විටදී ගැටින්, ගූච් හා ප්‍රින්ගල්  පිලිවෙලින් දවාගත් පසුවය. ඇලන් ලැම්බ්, ජෝන් එම්බරි හා ෆිල් ඩෙෆ්‍රිටාස්ගේ ආගමනයට පෙර කොදෙව්වන් හට තරඟයේ ජය නියත වී තිබුණි. ඔවුන් ඉතාමත් උද්යෝගිමත් ආකාරයෙන් පන්දුවට පහර දෙමින් ලකුණු රැස් කිරීම ආරම්භ කලේ ඕවර 7කින් ලකුණු 67ක් රැස් කරමිනි.ඔවුන්ගේ වර්ණවත් පිති හරඹය නිසාවෙන් අවසන් වර 3දී එංගලන්තයට රැස් කරගත යුතුව තිබුනේ ලකුණු 35ක් පමණි. පැටර්සන්ගේ අවසන් ඕවරයේදී ඔහු රැස් කර ගත්තේ ලකුණු 6ක් පමණි, කෙසේ නමුත් තරඟයේ අවසන් ඕවරයේදී රැස් කර ගත යුතුව තිබුණු ලකුණු 13 රැස් කර ගනිමින් වැල්ශ් එංගලන්තය කඩුළු 2කක ජයග්‍රහණයක් කරා ගෙන ගියේය.ක්‍රීඩා පිටියේ ඉන්දියානු වික්‍රමය.
 
ක්‍රීඩා පිටියේ ඉන්දියානු බොලිවුඩ් චිත්‍රපටිය.
 
ඔක්තෝබර් 9වන් දින චෙන්නායි හිදී පැවති ඉන්දියාව හා ඔස්ට්‍රේලියව  අතර තරඟය හුදෙකුත් එක් තරඟයක් නොවිය. ඉන්දියානු නායක කපිල් දේව් කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දු රකින්නට තීරණය කලේ ය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ජියෝෆ් මාර්ශ් හා ඩේවිඩ් බූන් ලකුණු 110ක් රැස් කරගත්තේ ය, රවී ශාස්ත්‍රී බූන් ලකුණු 49කට දවා ගෙන එම ලකුණු රැස් කිරීමට තිත තැබුවේය. එහෙත් මාර්ශ්, ඩීන් ජෝන්ස් හා ඇලන් බෝඩර් ද සමඟ එකතුවී  ශතකයක් වාර්තා කර ගත්තේය. පැය තුනක් තිස්සේ අව්වට හා තඳ රස්නයට මුහුණ දෙමින් සිටි මාර්ශ් ලකුණු 110කට දැවී ගියේ ය.එහෙත් පන්දු 35කින් ඩීන් ජෝන්ස් ලබාගත් ලකුණු 39ත් සමඟ එංගලන්ත කණ්ඩායම සය දෙනෙකු දැවී ලකුණු 270ක් ලබා ගත්තේය. එදින සිඳු වූ තවත් විශේෂිත සිදුවීමක් වනුයේ ඩීන් ජෝන්ස්ගේ හයේ පහරවල් දෙකක් විනිසිරු විසින් හතරේ පහරවල් ලෙස තීරණය කල අවස්ථාවේදී කපිල් දෙව්ගේ මැදිහත් වීමෙන් නැවතත් සයේ පහර දෙකක් ලෙස නියම කිරීමයි. මනෝජ් ප්‍රබාකර් කඩුළු දෙකක් ද, රොජර් බිනී, මනින්ද්‍ර සිංග් හා ශාස්ත්‍රී කඩුල්ලක් බැඟින් දවාගත්තේ ය. පිළිතුරු ඉණිමේදී ඉන්දියානු කණ්ඩායම කඩුළු දෙකක් පමණක් දැවී ලකුණු 200ක් ඉතා පහසුවෙන් රැස් කර ගත්තේය. ශ්‍රී කාන්ත්ගේ ලකුණු 70 නවෝට් සින්ධු තවත් ශක්තිමත් කලේ ලකුණු 73ක් එකතු කරමිනි. ඉන්දියාව ලකුණු 207දී ක්‍රේග් මැක්ඩර්මොට් විසින් සිධු දවා ගැනීමෙන් පසුව ඉන්දියානු කණ්ඩායමේ මැඳ පෙල පිතිකරුවන් එකින් එක බිඳ වැටීමට පටන් ගැනුණි. කෙසේ නමුත් කඩුළු හතරක් අතැතිව සිටි ඉන්දියානු කණ්ඩායට තරඟය ජයග්‍රහණය කිරීමට අවසාන ඕවර 4 ඇතුලත අවශ්‍යව තිබුනේ ලකුණු 15ක් රැස් කර ගැනීමට පමණි. එහෙත්, අවසාන් ඕවරය එලඹෙනවාත් සමඟම ඉන්දියානු කණ්ඩායමේ කඩුළු දෙකක් බිඳ වැටුණි. ස්ටීව් වෝග් දවා ගත් ඉන්දියානු පිළේ අවසාන පිතිකරු වූ මනීන්ද්‍ර සිංග් ලකුණු දෙක බැඟින් 4ක් රැස් කර ගැනීමට සමත් වුවත් අවසාන් ඕවරයේ රැස් කර ගත යුතුව තිබූ ලකුණු 6ක ප්‍රමාණය ලඟා කර ගත නොහැකි වීමෙන් එංගලන්තයට එම තරඟයේ ජයග්‍රහණය හිමි විය. තරඟය තුලදී ඉන්දියානු නායක කපිල් දේව් දැක්වූ ක්‍රීඩාශීලීත්වය අගය කෙරුණු අතර ඔහුගේ එම ස්වභාවය තරඟයේ ප්‍රථිඵල වලටද දැඩිව බලපෑවේ ය.
 
නායක විවියන් සිංහයන් මුලුමනින්ම පරදවයි.
 
ඔක්තෝබර් 19වැනි දා කරච්චි හිදී කොදෙව්වන් ශ්‍රී ලංකාව හමුවේ ලකුණු 191ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත්තේ ය. කොදෙව් කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 45ක් ලබා සිටියදී පිටියට පිවිසි රිචර්ඩ්ස් සහ ඩෙස්මන්ඩ් හේයින්ස්, ශ්‍රී ලංකා පිලේ පන්දුයවන්නන්ට ඉතා ප්‍රබල ලෙස ප්‍රති ප්‍රහාර එල්ල කලෝය. කොදෙව් කණ්ඩායම ලකුණු 105ක් ලබා සිටියදී ගුරුසිංහ හේයින්ස් දවාගත්තද රිචර්ඩ්ස් පන්දු වාර 125කින් ලකුණු 181ක් ලබා ගෙන ලෝක කුසලාන් ඉණිමක වැඩිම ලබා ගත් තැනැත්තා බවට පත් විය.  ඔහුගේ ලකුණු අතර  හයේ පහර 7ක්ද හතරේ පහර 16ක් ද විය. ඉන් පසු පිටියට පිවිසි විවියන් කොදෙව් පිලේ ලකුණු තත්වය 360ක් දක්වා නඟා සිටවූ අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකා පිලට සිව් දෙනෙකු දැවී අවසානයේ රැස් කර ගත හැකි වූයේ ලකුණු 169ක් පමණි. 
 
“බිලී” පකිස්තානය පරාජය කරද්දී එංගලන්තය ඉන්දියානු කුසලාන සිහිණය බොඳ කරති. 
 
පකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර නොවැම්බර් 4වැනි දින පැවති අර්ධ අවසන් පූර්ව වටය ලාහෝර් හීදී පැවැත්වුනි. ඔස්ට්‍රේලියාව මෙම තරඟයේදී අට දෙනෙකු දැවී ලකුණු 267ක් රැස් කරගත්තේ ඩෙවිඩ් බූන්ගේ වේගවත් ලකුණු 65ත් සමඟය. මයික් වැලෙට්ටා, ඩීන් ජෝන්ස් හා ගියෝෆ් මාර්ශ් ද පිළිවෙලින් ලකුණු 48ක්, 38ක් හා 31ක් ලබා ගෙන එංගලන්ත ලකුණු අතරට එක් කලේ ය. සලීම් ජෆාර්ගේ පන්දු වාරයේදී පමණක් ලකුණු 18ක් රැස් කරගත් ස්ටීව් වෝග් පන්දු 28කදී ලකුණු 32ක් රැස් කර ගත්තේය. පකිස්තානයේ පිලිතුරු ඉණිම ආරම්භයේදී ඵලදායී නොවිනි. පළමුවන ඕවර 10දී ඔවුන් හට කඩුළු 3ක් අහිමිවිය. මැක්ඩර්මොට් මන්සූර් අක්තර් හා වොග්ගේ පන්දුවක් රැක ගනිමින් සලීම් මලික් දවා ගත්තේ ය් අ. නායක ඛාන් හා මියන්ඩාඩ් තරඟයට නව පණක් ලබා දෙමින් ලකුණු 112ක් සබධතාවක් ඕවර 26ක් ඇතුලත ගොඩ නැඟුවේ ය. ඛාන් ලකුණු 58කට දැවී ගියත් මියන්ඩාඩ්, බෲස් රීඩ්ගේ පන්දුවකට දැවී යන් විට ලකුණු 70ක් රැස් කරගෙන සිටියේ ය. මැක්ඩර්මොට්, එසේත් නැත්නම් “බිලී” පකිස්තානු කඩුළු 5ක් ලකුණු 44ක් තුලදී බිඳ දැමුවේය. ඕවර 50 අවසානයේ පකිස්තානු කණ්ඩායම ලකුණු 249ක් රැස් කරගත් අතර, ඔස්ට්‍රිලියාව එම තරඟය ලකුණු 18කින් ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව තරඟයට දෙවන වරටත් සුදුසුකම් ලැබීය. පකිස්තානය තෙවන වරටත් අර්ධ අවසන් පූර්ව තරඟයෙන් ඉවත්ව ගියේ ය.
 
කිරුළ වෙනුවෙන් ඉන්දියානු කණ්ඩායමේ තිබූ බලාපොරොත්තුව බිඳ වැටී ගියේ ඔවුන් එංගලන්තය විසින් ලකුණු 35කින් පරාජය කිරීම නිසාවෙනි. එංගලන්තය හා පසුගිය ලෝක ශූරයන් අතර තරඟය බොම්බායේ වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. දඟ පන්දු යවන්නන්ට වඩාත් සුදුසු වූ මෙම පිටියේ ක්‍රීඩා කිරීම ඉන්දියාවට වාසිදායක වේයැයි අනුමාන කෙරුනත්, ගූච් හා ගේටින් ඕවර් 19ක් ඇතුලත ලකුණු 117ක් එංගලන්තය වෙනුවෙන් රැස් කරගත්තේ ය. පන්දු 136ක් ඇතුලත ගූච් ලබාගත් ලකුණු 115 එංගලන්ත කණ්ඩායම හය දෙනෙකු දැවී ලකු 254ක් දක්වා උසස් කර තැබී ය.ලකුණු 254ක් ඉලක්කය සපුරා ගැනීමට අසරුඩීන්ගේ ලකුණු 64ත් දේව් ගේ ලකුණු 30ත් ප්‍රමාණවත් නොවිණි. ඉන්දියානු කණ්ඩායමට සියල්ලන් දැවී ඕවර 45.3කදී රැස් කර ගත හැකි වූයේ ලකුණු 219ක් පමණි. එංගලන්තය වෙනුවෙන් ලකුණු 52ක් තුලදී හෙමින්ග් කඩුළු 4ක් බිඳ හෙළුවේ ය. මෙම තරඟයේ ප්‍රථිඵලත් සමඟින් එංගලන්තය ඔස්ට්‍රේලියාව සමඟින් අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබී ය.
 
ඔස්ට්‍රේලියානුවෝ ක්‍රිකට් රඟමඩලේ සන්තෝෂ වෙති.
 
1987 නොවැම්බර් 8 වැනි ඉරිඳා දින ප්‍රතිවාදීන් වන එංගලන්ත පිල හා ඔස්ට්‍රිලියානු පිල අවසාන මහා තරඟය සඳහා කල්කටාහි මහේශාක්‍ය ඊඩන් ගාර්ඩන් ක්‍රීඩාංගණයට එක් රොක් වුයේ  නරඹන්නන් 70,000ක් ද මධ්‍යයේ ය. කාසියේ වාසිය දිනා ගනිමින් ඇලන් බොර්ඩර්, තරඟාවලියේ මින් පෙර සිටි සියළු දෙනා මෙන්ම පළමුව පන්දුවට පහර දීමට තීරණය කලේ ය. ඩේවිඩ් බූන් හා ගියෝෆ් මාර්ශ් පළමුවන් ඕවර 10 තුලදී ලකුණු 52ක් රැස් කර  ගත්තේ ය. මාර්ශ් ලකුණු 24ක් ලබා සිටියදී ෆොස්ටර් ඔහුව දවා ගනිමින් එංගලන්ත කණ්ඩායමට සිදුවූ අලාභය පියවන්නට පටන් ගත්තේය. එහෙත් බූන් දිගින් දිගටම ලකුණු රැස් කරමින් ඔස්ට්‍රෙලියානු කණ්ඩායමේ ලකුණු තුලට ලකුණු 75ක් එක් කලේය. එක් අයෙකු පමණක් දැවී ලකුණු 151ක් ලබා සිටියදී ලකුණු 33ක් ලබා සිටි ඩීන් ජෝන්ස් හෙමින්ග්ගේ පන්දුවකට දැවී ගියේ ය. හෙමින්ග් ඉන් පසුව බූන් ද දවා ගත්තේ කඩුළු රකින්නා වූ පෝල් ඩවුන්ටන්ගේ පන්දු රැකීමෙනි. පසුව නායකයා සමඟ මයික් වැලට් එකතුව පන්දු 31කින් ලකුණු 45ක් ලබා ගෙන පස් දෙනෙකු දැවී ඔස්ට්‍රේලියානු ලකුණු 253ක් දක්වා උසස් කරවිය. 
 
එය එංගලන්ත කණ්ඩායමට ඉතා පහසු ඉලක්කයක් විය. දෙදෙනෙකු පමණක් දැවී ලකුණු 135ක් ලබා සිටි එංගලන්තය හට, ඉන්පසු නායක ගේටින්ගේ අතින් සිදු වූ බරපතල වරදක් නිසාවෙන් කඩුල්ලක් පමණක් නොව බොහෝ දේ අහිමි විය. නායක ගේටින් ක්‍රීඩා කිරිමේදී අවදානමක් ගන්නා පුද්ගලයෙකු නොවිය. එහෙත් ඔහු ඇලන් බෝඩර් හට පසුපස පිතිහරඹයක් එල්ල කිරීමට තැත් කිරීමේදී ග්‍රෙග් ඩයර් එම පන්දුව රැක ගැනීම නිසාවෙන් දැවී යෑමට සිදු විය. එතැන් පටන් එංගලන්ත කණ්ඩායමට ලකුණු රැස් කිරීම පහසු නොවිය. කෙසේ නමුත් ඇලන් ලෑම්බ් මෙම තත්වය යටතේ ලකුණු 45ක් රැස් කලේ ය. එංගලන්තය තරඟය අවසානයේ අට දෙනෙකු දැවී ලකුණු 246ක් රැස් කරගනිමින් තම ඉලක්කයට ලකුණු 7ක් අඩුවෙන් තරඟවලියෙන් පරාජය විය. වෝග් සහ බෝඩර් කඩුළු දෙක බැඟින් දවා ගත්තේ ය. 
තරඟයේ වීරයා ලෙස ඩේවිඩ් බූන් නම් කෙරුණු අතර, ග්‍රහැම් ගූච් ලකුණු 471ක් ලබා ගනිමින් තරඟාවලියේ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා බවට පත් විය. මැක්ඩ්‍රමොට් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළ්වෙනි සිඨානයට පත් වූයේ කඩුළු 18ක් දවා ගනිමිනි.
 
ආරම්භක තරඟාවලිය පරජය වූ ඔස්ට්‍රිලියාව හට නැවතත් එයම බාර ගැනීමට සිදු විය. තරඟාවලිය ආරම්භයේදී කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ බෝඩර් සහ ඔහුගේ කණ්ඩායමේ ඔවුන්ගේ තුන් ඉරියව් දක්ශතා නිසාවෙන් ඔවුන් ලෝක ශූරයින් වූවා පමණක් නොව ලෝක ක්‍රිකට් කරලියේ නව පතාක යෝධයන් බවටද පත් විය.