“මගේ ඉලක්ක සපුරා ගැනීමට මට තවමත් කාලය තියෙනවා” – ඇන්ජලෝ මැතිව්ස්

170

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඔහුගේ ශාරීරික යෝග්‍යතා මට්ටම්වල සහ ශාරීරික යෝග්‍යතාවයේ කැපී පෙනෙන දියුණුවක් පසුගිය කාලය තුළ පෙන්වීමට සමත් විය. ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟින් මෑතක දී අවසන් වූ සීමිත පන්දුවාර තරගාවලියට ක්‍රීඩා කළේය. මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රවීණයා තම ක්‍රීඩා දිවියේ මුල් භාගයේ දී මෙන් ක්‍රිකට් කතාව නැවත් හැරවීමට සමත් විය. ඔහු දිගු කලක් ආබාධයන් නිසා පන්දු ‍යැවීමෙන් ඉවත්ව සිට එම තරගාවලියේ දී නැවතත් පන්දු යැවීම ආරම්භ කළේය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ට ඩිජිටල් යෙදුමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙරට ක්‍රිකට් පුහුණුකරුවන් සඳහා ‘පුහුණුකරු අධ්‍යාපන යෙදුමක්’ හඳුන්වා දී තිබෙනවා.

ESPNcricinfo Stump Mic podcast සඳහා Andrew Fidel Fernando සමඟින් එක්වෙමින් තම ක්‍රීඩා දිවියේ නව ආරම්භය පිළිබඳව ඇන්ජලෝ මැතිව්ස් පසුගියදා අදහස් දක්වා සිටියේය. මේ එම සම්මුඛ සාකච්ඡාවේ සාරාංශයකි. 

මෙම කාලය ක්‍රීඩාවෙන් තොර හුදකලා කාලයක්. මේ කාලය තුළ ඔබ කරන්නේ කුමක්ද? 

මම දැන් සති 4ක් ගෙදර සිටින්නේ. මට මගේ බිරිඳට ගොඩක් උදව් කරන්න වෙනවා. සාමාන්‍යයෙන් මම බොහෝ දුර ගමන් කරනවා. ඒත් මගේ පවුලේ අය එසේ නොවේ. ඉතින් මෙම විවේකය මට ඒ අහිමි වූ කාලය හසුකර ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා. මගේ බිරිඳ කරන දේ අනුගමනය කරමින් මම ඉවුම් පිහුම් පාඩම් කිහිපයක් ඉගෙන ගැනීමට උත්සාහ කරනවා. 

ඔබ මෑත කාලයේ වෙනස් ක්‍රීඩකයෙකු ලෙස එළියට පැමිණියා. එම ගමන ආරම්භ වූයේ කොහොමද? 

ඇත්ත වශයෙන්ම සැබෑ වෙනස සිදුවූයේ දිනක් ඇතුළත. පසුගිය අවුරුදු කිහිපය තුළ මට බොහෝ ආබාධ සිදුවුනා. එම ආබාධ නිසා විටින් විට කණ්ඩායමට ඇතුළු වීම හා ඉවත් වීමට සිදුවුනා. ඒ කාලය මට නරක කාලයක් වුනා. ඒක මට ගොඩක් කරදර කළා. මම ගොඩක් කලකිරුනා. ඉතින්, දවසක් මම අවදි වී තීරණය කළා මා දැන් කරන දේවල් වෙනස් කළ යුතුයි කියලා. 

නිසැකවම, ඔබට ආබාධ ඇතිවෙන එක සියයට සියයක් නවත්වන්න බෑ. නමුත් මට කළ හැකි වෙන්නේ වෙහෙස මහන්සි වෙලා එය සිදුවීම අවම කිරීමට උත්සාහ කිරීම. 

ඊටපස්සේ මම මගේ පුහුණුකරු දිල්ෂාන් සමඟ කතාබහක යෙදුනා. අපි තීරණය කළා එදින සිට ආහාර සම්බන්ධයෙන් අතිශයින් විනයගරුක විය යුතුයි කියලා. මට අවශ්‍ය දේ සාක්ෂාත් කර ගැනීම සඳහා සෑම දෙයක්ම කපා දමා, මා සහ මගේ ආහාර වේල බලා ගැනීමට මට සිදුවුනා. 

2020 IPL ශ්‍රී ලංකාවේ?

මේ දිනවල පැතිර යන නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය නිසා ලොව පුරා ක්‍රීඩා තරග කල් දැමීමට හෝ අවලංගු…..

අපි ජිම් එකේ විවිධ දේවල් අත්හදා බැලුවා. මේ මාස තුන විශිෂ්ටයි. එහි ප්‍රතිඵලය ක්ෂේත්‍රය තුළත් ඉන් පිටතත් දැකගන්න පුළුවන් වුනා. මට දැන් සැහැල්ලු හා වේගවත් බවක් දැනෙනවා. මේ සියල්ලේම ස්තූතිය සියලු භෞත චිකිත්සකවරුන්, පුහුණුකරුවන් සහ මට උදව් කළ සහ සහාය දුන් සියලු දෙනා වෙත යා යුතුයි. මම කැමතියි මට හැකි පමණින් මෙය දිගටම කරගෙන යන්න. 

මම මගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සතුටක් ලබනවා. මේ දිනවල යෝග්‍යතාවය පවත්වා ගන්න එක අංක එක බව මම දන්නවා. එය අනිවාර්යයෙන්ම දිගු කාලීනව මට උපකාරී වේවි.  මම ඒ තීරණය ගැනීම ගැන සතුටුයි. 

මේ විදිහට ඔබේ කෑමවේල් පාලනය කිරීමත් එක්ක ඔබට වැඩිපුරම මග හැරෙන්නේ මොන වගේ කෑම ද? 

මගේ ශරීර යෝග්‍යතාවයට අනුකූල වීමට මට අවශ්‍ය වුනා. ඒ නිසා මම සමබර ආහාර වේලක් ගන්නවා. මම රසකැවිලි ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම නතර කළේ නෑ. එය කරන්න අමාරු දෙයක්. මම සීමිත පරිමාණයෙන් රසකැවිලි සහ බැදපු දේවල් ආහාරයට ගන්නවා. නමුත් මම ඒ වගේ දේවල් ගන්නවා නම් මම ජිම් එකට ගිහින් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට වග බලා ගන්නවා. 

ඔබේ යෝග්‍යතා ඉලක්කය සපුරා ගත් පසු ඔබට ඒ පිළිබඳව හැඟෙන්නේ කොහොමද? 

මා කලින් කිව්වා වගේ මට දැන් වඩා සැහැල්ලු හා වේගවත් බවක් දැනෙනවා. ඒ සියල්ලම මා කළ පුහුණුව සහ ආහාර වේල නිසා. මා විසින්ම එය අත්දැක්කා. එය දිගටම කරගෙන යාමට මට අවශ්‍ය වෙන්නේ ඒ නිසා. විශේෂයෙන් මේ කාලවල දී අපට නිදහසේ වාඩි වී සිටීමට, විවේකීව සිටීමට සහ ආහාර ගැනීමට ඉතා පහසුයි. නමුත් අපි වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. 

IPL ගැන සංවිධායකයින් අවසන් තීරණයකට!

ඉන්දියාව තවදුරටත් වසාදැමීමකට යොමුවීමත් සමඟින් අප්‍රේල් 15 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය….

ඔබ මෙම තීරණය ටිකක් කලින් ගත්තා නම් කියලා ඔබට හිතෙනව ද? 

ඔව්, අනිවාර්යෙන්ම. මීට පෙර මම ගොඩක් වෙහෙස මහන්සි වී වැඩ කළා. නමුත් මම මෙම යෝග්‍යතා මට්ටමට පැමිණියේ නෑ. අවංකව කියනවා නම්, මම මගේ ආහාර ගැන සියයට සියයක්ම විනයගරුක වුනේ නෑ. මීට පෙර මට මෙය කරන්න තිබ්බා නම් කියලා මම ප්‍රාර්ථනා කරනවා. නමුත් පසුතැවීමක් නෑ. මගේ ඉලක්ක සපුරා ගැනීමට මට තවමත් කාලය තිබෙනවා. 

ඔව්, මගේ කොටසක් පවසන්නේ මා මීට පෙර මෙය කළ යුතුව තිබූ බව. නමුත් මට අතීතය වෙනස් කළ නොහැකි නිසා මම පසුතැවෙන්නේ නෑ. 

බටහිර ඉන්දීය කොදෙව් තරගමාලාවේ ඔබේ පන්දු රැකීම සමඟ ඔබ විශාල බලපෑමක් ඇති කළා. ඔබේ පන්දු රැකීම වැඩි දියුණු කළේ කෙසේ ද? 

මම හිතන්නේ එය එළියට ආවේ මගේ යෝග්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස. මම ඒක වෙනස් කළා. වයස අවුරුදු 20-21 වන විට මම හිටිය මට්ටමට ළඟා වෙන්න මට පුළුවන් වුනා. පන්දු රැකීමේ ඕනෑම අයෙකු මෙන් මම වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඇත්තෙන්ම සතුටට කරුණක්. එය ක්‍රීඩාවේ වැදගත් අංගයක්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<