SAG යන පාපන්දු කණ්ඩායම නම් කෙරේ

84

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාපන්දු තරගාවලිය සඳහා සහභාගි වන ක්‍රීඩකයන් 20 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් අද (13) නම් කළා. දකුණු ආසියානු පාපන්දු තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 1 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 

පාපන්දු කණ්ඩායමේ SAG ගමන අවිනිශ්චිත තත්වයක?

එළඹෙන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා පාපන්දු…

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වන වියදම් අඩු කිරීම සඳහා පාපන්දු හා තවත් ක්‍රීඩාවන් කීපයක් සඳහා කණ්ඩායම් සහභාගි නොකිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර ඇති බවට පසුගිය දා ප්‍රචාර කීපයක් පැතිර ගොස් තිබූ නමුත් තරගාවලිය සඳහා සහභාගි වන කාන්තා හා පිරිමි සංචිත නම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. 

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපන්දු තරගාවලිය වයස අවුරුදු 23න් පහළ තරගාවලියක් ලෙස සීමා කර ඇති අතර එයට අමතරව ක්‍රීඩකයන් දෙදෙනෙකු පමණක් ඇතුළත් කිරීමට අවසර ලබා දී ඇත. මොහොමඩ් ෆසාල්, සුජාන් පෙරේරා, ඩක්සන් පුස්ලාස් ශ්‍රී ලංකා කණ්ඩායමට එලෙස එක්වන ක්‍රීඩකයන් වේ. 

තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 20 දෙනෙකුට සීමා කර ඇති අතර එයට නිලධාරීන් සිව්දෙනෙකු ද ඇතුළත් කර ඇත. ප්‍රධාන පුහුණුකරු වන නිසාම් අලී හා කළමනාකරු වන සුනිල් සේනවීර කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඉටු කරනු ඇත. 

දැඩි සටනකට පසු වසීම් රාසික් ගැන අවසන් තීරණයක්!

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම 2022 FIFA ලෝක කුසලාන තරගාවලියේ දෙවන වටයේ මීළඟ තරගය සඳහා…

පසුගිය දා නිමා වූ ආසියානු කුසලාන 18න් පහළ සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය සඳහා සහභාගි වූ කණ්ඩායමේ නායක ශබීර් රසූනියා හා මොහොමඩ් සාජිඩ් මෙම සංචිතයට ඇතුළත්ව නැත. මෙම සංචිතයට ඇතුළත් ක්‍රීඩකයන් 20 දෙනා පසුගිය මාස 20ක කාලය තුල 2022 FIFA ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සඳහා පුහුණුව ලැබූ ක්‍රීඩකයන් වීම විශේෂත්වයකි. 

නම් කල සම්පූර්ණ සංචිතය 

මොහොමඩ් ෆසාල් (නායක), සුජාන් පෙරේරා, ඩක්සන් පුස්ලාස්, නුවන් ගිම්හාන, පැතුම් විමුක්ති, දිලිප් පීරිස්, චමෝද් ඩිල්ශාන්, මනරම් පෙරේරා, මොහොමඩ් ආකිබ්, ජෝයි නිතුශාන්, මොහොමඩ් ඉශාන්, මොහොමඩ් මුස්ටාක්, මොහොමඩ් ශහීල්, අමාන් ෆයිසර්, ධනංජය ප්‍රනාන්දු, ඇල්ෆ්‍රඩ් තනේශ්, සුන්දරාජ් නිරේශ්, සසංග දිල්හාර, නවීන් ජූඩ්, ජූඩ් සුමාන්

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<