මේ නිසා පන්දු යවන්නන් රොබෝවරු වේවි – වසීම් අක්‍රම්

814

ක්‍රිකට් ක්‍රීඩාව තුල පන්දු ඔපදැමීම සඳහා ඛේටය තහනම් කිරීම පන්දු යවන්නන්ට විශාල බලපෑමක් කරනු ඇති බව වසීම් අක්‍රම් පවසා සිටියා.

පාකිස්තානයේ හිටපු ප්‍රබල වේගපන්දු යවන ක්‍රීඩක වසීම් අක්‍රම් පසුගිය බදාදා අනතුරු ඇඟවූයේ කොරෝනා වයිරසය පැතිරීම වළක්වා ගැනීමට පූර්වාරක්ෂාවක් ලෙස ක්‍රිකට් නිලධාරීන් තාවකාලිකව පන්දුව ඛේටය සමග ඔපදැමීම තහනම් කිරීමෙන් පසුව පන්දු යවන්නන් “රොබෝවරු” බවට පත්වන බවයි.

පන්දු යවන්නන් සාම්ප්‍රදායිකව දහඩිය හෝ ඛේටය භාවිතා කරමින් පන්දුවෙහි එක් පැත්තක් ඔපදමන අතර එමගින් ඇති වන බැබලීම නිසා පන්දුව එක් දිශාවකට චලනය කිරීමට හෝ වාතය තුල පැද්දීමට ඔවුන් සමත් වේ.

එංගලන්ත ක්‍රීඩකයින්ට නිල් අත් පටියක්

කොරෝනා වයිරසය වසංගතයක් ලෙස පැතිර යෑම ආරම්භ වීමත් සමඟින් ලොව පුරා සියලු තරග අවලංගු කිරීමට සිදු විය. නමුත් මේ වන විට රටවල් කීපයක් මෙම වයිරසය සාර්ථකව පාලනය කර ඇති පසුබිමක ඉක්මනින් නැවතත් ජාත්‍යන්තර තරග පැවැත්වීම ආරම්භ වනු ඇත.

කෙසේ වෙතත්, ඉදිරි සතිවල දී කණ්ඩායම් නැවත තණතීරු වෙත යාමට සූදානම් වන බැවින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වයිරසය සම්ප්‍රේෂණය වීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබේ. මේ නිසා ඛේටය යොදාගෙන පන්දුව ඔපදැමීමේ හැකියාව තාවකාලිකව තහනම් කර තිබේ.

නමුත් තවමත් ක්‍රීඩකයන්ට දහඩිය යොදාගෙන පන්දුව ඔපදැමීමේ හැකියාව පවතී. 

“එමඟින් පන්දු යවන්නන් රොබෝවරු බවට පත්වේවි. මොකද ඔවුන්ට දෝලනයෙන් තොරව පන්දු යැවීමට සිදුවන නිසා” අක්‍රම් AFP වෙත පැවසීය.

පන්දු යවන්නන්ට ඉවසිලිවන්තව සිටිය යුතු බවත්, පන්දුව ස්වභාවිකව වයස්ගත වන තෙක් බලා සිටිය යුතු බවත් අක්‍රම් තවදුරටත් පවසා සිටියා.

“මම හැදී වැඩුණේ පන්දුව ඔපදමන්නට හා එය දෝලනය කරන්න ඛේටය භාවිතා කරමින්. ඒ නිසා මේක ටිකක් අමුතු දෙයක් වේවි.”

“මම මේ සියලු දුෂ්කර කාලවල දී ගන්නා පූර්වාරක්ෂක උපක්‍රම අනුමත කරනවා. එබැවින් පන්දු යවන්නන්ට පන්දුව පරණ වන තෙක් බලා සිටිය යුතු වේවි.”

සමහර රටවල පවතින අධික ශීතල කාලගුණය හමුවේ දහඩිය පමණක් යොදාගෙන පන්දුව දෝලනය කිරීම කළ නොහැකි බව අක්‍රම් පැවසීය.

“දහඩිය යනු අතුරු අමුද්‍රව්‍යක්. පන්දුවේ ඉහළට යොදන දෙයක්. අධික ලෙස දහඩිය භාවිතා කිරීමෙන් ක්‍රිකට් පන්දුව තෙත් වේවි” ඔහු පැවසීය.

ටෙස්ට් 414ක් සහ එක්දින ජාත්‍යන්තර කඩුලු 502ක් ලබා ගත් අක්‍රම් විශ්වාස කරන්නේ කෘත්‍රිම ද්‍රව්‍යයක් යොදා ගනිමින් විකල්පයන් සෙවීම සඳහා නිලධාරීන් දිරිමත් කිරීම වැදගත් බවයි. එය ප්‍රයෝජනවත් විය හැකි විකල්පයක් බව ද ඔහු කියා සිටියා.

“ඔවුන්ට සාධාරණ විසඳුමක් සොයා ගැනීමට අවශ්‍ය වනු ඇතැයි මම විශ්වාස කරනවා. වැස්ලින් වැනි කෘතිම ද්‍රව්‍ය පන්දුව පැද්දීම සඳහා භාවිතා කළ හැකි නමුත් එයින් කොපමණ ප්‍රමාණයක් යොදාගන්නව ද කියන එක අමාරු තීරණයක්.”

COVID නිසා දැම්ම අලුත් යෝජනාවලට ICC අනුමැතිය

“අපි බලමු. එංගලන්තය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගාවලියට මේ තත්ත්වයක් උරගා බලන්න උපකාරී වේවි, මෙම ඒක බලාගෙන් ඉන්නවා. මම මේ වගේ අත්දැකීමක් දැකලා නෑ.”

කොරෝනා වයිරස නිසා මාස 3ක් පමණ පැවති තරග ඉඩෝරය නිමා කිරීමට එංගලන්තය සූදානම් වේ. ඒ බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට්  තරගාවලියක් පවත්වමිනි.

සීමිත පන්දු තරගයක දී පන්දු පළුදු කිරීමට ඉඩ දිය යුතු බවට යෝජනා ද නිලධාරීන් විසින් සලකා බැලිය යුතු බව අක්‍රම් පැවසීය.

“ඔබට පන්දුව ඔප දැමීම කළ හැක්කේ කුමන අවස්ථාවේ දී ද? පළමු ඕවරයේ සිටම හෝ ඕවර 20-25කට පසුව ද? ඔවුන්ට වාඩි වී සාකච්ඡා කිරීමට අවශ්‍ය වනු ඇත” ඔහු පැවසීය.

“තරගය මේ වන විටත් පිතිකරුවන්ට වඩාත් නැඹුරු වී ඇත.”

මේ මස අග දී එංගලන්තය විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ටෙස්ට් තරගමාලාවකට සත්කාරකත්වය සැපයීමත් සමඟ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<