රීසා CH සිහින බොඳ කරයි

1147

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතිය ආරම්භ කරමින් CH & FC කණ්ඩායමත්, හැව්ලොක් ක්‍රීඩා සමාජයත් අද (24) කොළඹ තුරඟ තරග පිටියේ දී තරග වැදුණු අතර එහි දී ලකුණු 31-26ක් ලෙසින් තරගය ජය ගැනීමට හැව්ලොක් ක්‍රීඩකයන් සමත් විය.

නාවිකයෝ හැව්ලොක් මෙල්ල කරති

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සති අන්තයේ, නාවික හමුදා ක්‍රීඩා සමාජය හා හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර අද (18) පැවති තරගයෙන් හැව්ලොක්…

 

පැහැදිලි ආලෝක තත්වයක් යටතේ තරගය සවස 03.50ට පමණ ආරම්භ විය. දෙපිලේම ප්‍රේක්ෂකයින්ගේ ඔල්වරසන් සහ දිරිමත් කිරීම් හමුවේ තරගය මිනිත්තුවෙන් මිනිත්තුවට තියුණු විය.

තරගය ආරම්භ කර මිනිත්තු කිහිපයක් ගතවත්ම රීසා මුබාරක් සාර්ථක කර ගත් දඬුවම් පහරකින් හැව්ලොක් කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක විය (3-0).

තවත් මිනිත්තු කිහිපයක් ගත වන විට නැවතත් දඬුවම් පහරක් හැව්ලොක් කණ්ඩායමට ලැබුණු අතර පෙර පරිදිම එයත් සාර්ථකව ගෝල කණු අතරින් ගුවන්ගත කරන්නට රීසා සමත් විය (6-0).

CH කණ්ඩායම සිය තුරුම්පු එක පිට එක පිටියට දමනු දක්නට ලැබුණේ තරගයේ වාසිය හැව්ලොක් පිලෙන් හරවා තම කණ්ඩායම දෙසට නතු කර ගැනීම අරමුණ කරගෙනයි. නමුත් ඒ CH කණ්ඩායමේ හොඳම තුරුම්පුවක් වන ලී කීගල් කහ කාඩ්පතක් ලබා පිටියෙන් ඉවතට යන්නේ කණ්ඩායම තරමක් දුර්වල කරමිනි.

එහි වාසිය මනාව උකහා ගත් හැව්ලොක් ක්‍රීඩක දුලාජ් පෙරේරා සමගින් කෙවින් ඩික්සන් අගනා උත්සාහක දිනුම් දෙකක් එකපිට එක සාර්ථක කර ගැනීමට සමත් වූ අතර රීසා එයට අතිරේක ලකුණු එකතු කරමින් ප්‍රවර්තන ද සාර්ථක කර ගත්තේය (18-00).

රමේෂ් ප්‍රනාන්දු කහ කාඩ්පත් අවවාදයකට යටත් වෙද්දී ලැබුණු අවස්ථාව මනාව ප්‍රයෝජනයට ගනිමින් සසංක ආරියරත්න CH වෙනුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. සැමුවෙල් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් අතර පළමු අර්ධය නිමා වූයේ තරගයේ වාසිය හැව්ලොක් කණ්ඩායම සතු කරමිනි.

පළමු අර්ධය: CH & FC 07 – 18  හැව්ලොක් ක්‍රීඩා සමාජය

දෙවැනි අර්ධයට ද සාර්ථකව අවතීර්ණ වූ හැව්ලොක් ක්‍රීඩා සමාජය තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. දුලාජ් පෙරේරා විසින් ලබා ගත් එම උත්සාහක දිනුමේ ද ප්‍රවර්තනය සාර්ථකයි (25-07).

යෝෂිත රාජපක්ෂගේ මනරම් උත්සාහක දිනුමත් සමඟින් CH & FC ක්‍රීඩකයින් හැව්ලොක් ක්‍රීඩකයින් හඹා යෑම ආරම්භ කරන ලදි. යෝෂිතගේ උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක කරගන්නට මධුවන්ත සමත් විය (25-14).

ඉන්පසුව පිළිවෙළින් CH ක්‍රීඩක සසංක ආරියරත්න හා සජිත් සාරංග තවත් උත්සාහක දිනුම් දෙකක් ලබා ගනිමින් තරගයේ ලකුණු වෙනස එකක් දක්වා අඩු කරන්නට සමත් විය (25-26).

CR & FC ආධිපත්‍ය, CH & FC හමුවේ බිඳ වැටේ

2017/18 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ කරමින් අද (17) CR & FC ක්‍රීඩා සමාජයත්, CH & FC ක්‍රීඩා සමාජයත් තුරඟ තරග පිටියට…

කෙසේ නමුත් තරගය නැවත වතාවක් තියුණු මුහුණුවරක් ගත්තේ CH ක්‍රීඩකයින්ගේ පිබිදීමත් සමඟිනි. තරගය අවසාන වන්නට ප්‍රථම ජයග්‍රහණයක් වෙනුවෙන් කණ්ඩායම් දෙකම තරග කරනු දක්නට ලැබුණු අතර CH ක්‍රීඩකයින්ගේ දුර්වලතා නිසාවෙන් හැව්ලොක් කණ්ඩායමට ලැබුණු දඬුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට හැව්ලොක් ක්‍රීඩකයින් සමත් විය. දඬුවම් පහර ද්විත්වයම රීසා විසින් සාර්ථක කර ගන්නා ලදි (21-26).

අවසන් ලකුණු තත්වය: CH & FC 26 (4T,3C) – 31 (4T,2C,4P) හැව්ලොක් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා: දුෂ්මන්ත ප්‍රියදර්ශන (හැව්ලොක්)

ලකුණු රැස්කළ ක්‍රීඩකයින්

  • CH & FC – සසංක ආරියරත්න 2T, යෝෂිත රාජපක්ෂ 1T, සජිත් සාරංග 1T, සැමුවෙල් මදුවන්ත 3C
  • හැව්ලොක් ක්‍රීඩා සමාජය – කෙවින් ඩික්සන් 1T, දුලාජ් පෙරේරා 2T, රීසා මුබාරක් 2C 4P

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට