‘රාවල්පිණ්ඩි එක්ස්ප්‍රස්’ගෙන් මැරුම් කන්න ගොස් බේරුණු පාකිස්තාන නායකයා

13324

වත්මන් පාකිස්තාන පිතිකරු බලඇණියේ කොඳු නාරටිය කවුරුන් දැයි යමෙක් ඔබගෙන් විමසුවහොත් නිතැතින්ම ඔබේ මුවඟට එන පිළිතුර වනුයේ අන් කවරෙකුත් නොව වත්මන් එක්දින කණ්ඩායම් නායක බාබර් අසාම්ගේ නාමයයි. 

ප්‍රබලයින් දෙදෙනෙක් හරවා යවමින් ඉරණම වෙනස් කරගත් ඉන්දියානුවා!

මෑතකාලීනව ඉන්දියානු වේගපන්දු බලඇණිය සවිබල ගැන්වූ ක්‍රීඩකයින් අතළොස්ස අතරින් උමේෂ් යාදව්ගේ

Cricbuzz ක්‍රීඩා මාධ්‍ය ජාලය සමඟ පසුගිය දා පැවති සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමින් බාබර් සඳහන් කර සිටියේ ක්‍රීඩකයෙකු වශයෙන් තමන් යම් සාර්ථකත්වයක් මේ වන විට අත්පත් කරගෙන ඇත්නම් තිරය පිටුපස සිට ඒ සඳහා උදව් උපකාර කළ විශාල පිරිසක් තමන් සමඟ සිටින බවයි. ඔහුගේ ක්‍රීඩා දිවිය ආරම්භයේ සිටම සිදු වූ රසබර සිදුවීම් කිහිපයක් ද ප්‍රේක්ෂකයින් සමඟ බෙදා හදා ගැනීමට බාබර් අමතක නොකළේය.

කුඩා කළ සිට කවර් ඩ්‍රයිව් පහරට උමතුවෙන් මෙන් පෙම් බඳින බාබර් එය පන්දු යවන්නන් මෙල්ල කිරීමට යොදා ගන්නා තම ප්‍රබලතම අවිය ලෙස හැඳින්වූවාට වරදක් නැති බව පවසා සිටියේය. නමුත් එම පහර නිසා මුහුණ දීමට සිදු වූ අකරතැබ්බයන් කිහිපයක් පිළිබඳවද හෙළි කළ බාබර් ඉන් කිසිදා අමතක නොවන එක් සුවිශේෂී සිදුවීමක් සම්බන්ධයෙන් අත්දැකීම් නරඹන්නන් සමඟ බෙදා හදා ගැනීමට මෙසේ මුල පිරුවේය.

“මම ඉස්සර ඉදලම කැමති පන්දුවට පහර දෙන්න තමයි. පොඩි කාලේ එක පාරක් පාකිස්තානයයි දකුණු අප්‍රිකාවයි අතර තිබ්බ තරගෙක දී හතරේ සීමාව ගාව පන්දු ඇහිඳින ළමයෙක් විදියට ඉන්න මට අවස්ථාවක් ලැබුණා. අන්න එදා තමයි මම පළවෙනි පාරට ශොයිබ් අක්තාර් පන්දු යවනවා ඇස් දෙකෙන් දැක්කේ. ඔහු පන්දුව යොමු කරන්න දුවන් එන විදිය වගේම ඊට පස්සේ ඒ පන්දුව පිතිකරුවා පසු කරගෙන යන වේගය දැක්කම මම ඇත්තටම පුදුම වුනා.”

මේ නිසා පන්දු යවන්නන් රොබෝවරු වේවි – වසීම් අක්‍රම්

ක්‍රිකට් ක්‍රීඩාව තුල පන්දු ඔපදැමීම සඳහා ඛේටය තහනම් කිරීම පන්දු යවන්නන්ට

“ඊට පස්සේ මට මතකයි ඒ දවස්වලම වගේ පාකිස්තාන A කණ්ඩායමට හෝ නැඟී එන කණ්ඩායමට පුහුණු කඳවුරු කිහිපයක් සංවිධානය කළා. ඉතින් සමහර වෙලාවට අවුරුදු 15න් පහළ සෙල්ලම් කරපු අපි වගේ අයටත් අවස්ථාවක් හම්බෙනවා ඒ අයත් එක්ක පුහුණුවීම් කටයුතු කරන්න. මට මතකයි සමහර දවස්වලට මුදාසර් නසීර් අයියා අපිට කියනවා ගිහින් බැට් කරන්න ලෑස්ති වෙලා එන්න කියලා පුහුණුවීම් පටන් ගන්නත් කලින් ඉඳලම. එහෙම කරේ පන්දු යවන ක්‍රීඩකයින්ට සැසිය පටන් ගන්න කලින් තමන්ගේ රිද්මය ගොඩ නඟා ගන්න උදව්වක් විදියට.”

කලාතුරකින් ලැබෙන මෙවැනි අවස්ථාවන්ගෙන් උපරිම ඵල නොලා ගත යුතු බව අවබෝධ කර ගත් බාබර් හට ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන් සතු වේගය මෙන්ම ඔවුන් පන්දු යැවීමේ දී භාවිත කරන විවිධ සංකලනයෙන් පිළිබඳ තේරුම් ගැනීමට එම  සැසිවාරයන්ගෙන් ලැබුණු දැනුම බෙහෙවින් උපකාරී විය. ඔය අතර දිනක් ශොයිබ් අක්තාර් ද ඔවුන් පුහුණුවීම් කටයුතු කරමින් සිටි අවස්ථාවක එම ක්‍රීඩා පිටියට පැමිණ තිබේ.

“සමහර දවස්වලට අපේ පුහුණුවීම් ඉවර වෙන්න ළං වෙනකොට ශොයිබ් අක්තාර් එනවා පන්දුවාර කිහිපයක් යවලා පොඩ්ඩක් ශරීරය උණුසුම් කරගන්න. ඔය වගේ දවසක මුදාසර් අයියගෙන් ඔහු ඇවිල්ලා ඇහුවා පන්දු යවන්න පිතිකරුවෙක් තෝරලා දෙන්න කියලා. ඒ වෙලාවෙම මුදාසර් අයියා මං දිහා බලලා මාව ඒ වැඩේට තෝරගත්තා.

මට එවෙලේ ලොකු සතුටක් දැනුණා. මම එක්මනට ඇඳගෙන ගියා දැල ගාවට පන්දුවට පහර දෙන්න.”

“ස්ටොක්ස් වෙනුවට බට්ලර්ට නායකත්වය දුන්නොත් මොකද?”

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින්

“එතකොට අක්තාර් සර් කියනවා ඇහුණා ‘ළමයා, මම කෙටි පන්දු යවන්නේ නැහැ. ෆුල් පිච් කරලා එවන්නේ. ඩ්‍රයිව් කරන්න යන්න එපා. බ්ලොක් කරන්න.’ කියලා. මමත් ඉතින් ඔළුව වනලා වැඩේ පටන් ගත්තා. කිව්වත් වගේ පළවෙනි පන්දු දෙක බ්ලොක් කරලා තුන්වෙනි පන්දුව ඩ්‍රයිව් කරා. ඊට පස්සේ දිගටම මම නවත්තන්නේ නැතුව සමහර පන්දුවලට ඩ්‍රයිව් කරන්න ගත්තා.”

“මට ටික වෙලා යනකොට තේරුණා අක්තාර් සර්ට හොඳටම කේන්ති ගිහින් ඉන්නේ කියලා. ඔහු ඊට පස්සේ කෑ ගහන්න ගත්තා ‘ මට අලුත් බෝලයක් ගේනවා. මම පෙන්නන්නම් මෙයාට හොඳ වැඩ කෑලි ටිකක්.’ කියලා. එවෙලෙම මුදාසර් අයියා මට කෑ ගහලා කිව්වා ‘ඉක්මනට දැලෙන් එළියට එන්න නැත්තන් ඔයාට මැරුම් කන්න තමයි වෙන්නෙ.’ කියලා. ඊට පස්සේ ඔහු මාව එළියට එක්කගෙන ආවා.”

“කොහොම හරි ඊට පස්සේ අක්තාර් සර් ආපු හැමවෙලාවකම මට තමයි කිව්වෙ පන්දුවට පහර දෙන්න කියලා. ගොඩක් වෙලාවට පන්දුව ෆුල් ලෙන්ත් එකේ යොමු කරාට කලාතුරකින් මූණ ගාවින් යන්න කෙටි පන්දුවක් යවන්නත් ඔහු අමතක කරේ නැහැ. දවසක් මම අනූ නවයෙන් බේරුණේ. බෝලෙ ඔළුවට උඩින් ගියේ නැත්තන් මොනවා වෙයි ද කියලා හිතාගන්න බෑ.”

බාබර් සමඟ පැවති මෙම විනෝදබර සාකච්ඡාවේ තවත් ඉතාමත් රසවත් කොටස් කිහිපයක් ඉදිරියේ දී ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<