Home Sinhala ශ්‍රී ලංකාව පැරදවූ බංග්ලාදේශය අපරාජිතව අවසන් පූර්ව වටයට!

ශ්‍රී ලංකාව පැරදවූ බංග්ලාදේශය අපරාජිතව අවසන් පූර්ව වටයට!

198

මෙවර යොවුන් ආසියානු කුසලානයේ පළමු පරාජයට මුහුණ දීමට අද (10) ශ්‍රී ලංකා පිළට සිදුවිය. ඒ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි. කෙසේ නමුත් ඔවුන් මූලික වටයේ අනෙක් තරග වලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය පරාජය කිරීමට සමත් වූ නිසා අවසන් පූර්ව වටයට පිවිසීමට ඔවුන් මේ වනවිටත් සුදුසුකම් සපුරා අවසන්ය.

ඇෆ්ගනිස්තාන යොවුන් පිළෙන් ඉන්දියාවට හොඳ සටනක්!

නුදුරු අනාගතයේදීම ජගත් ක්‍රිකට් පිටියේ දිදුලන්නට බලා සිටින නවක ක්‍රීඩකයින් එකිනෙක ගැටෙන යොවුන්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය

මේ දක්වා B කාණ්ඩයේ අපරාජිතව සිටි ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද එකිනෙකා සමඟ තරග වැදුනේ තවදුරටත් තම අපරාජිත බව රැක ගැනීමේ අටියෙනි. ඒ මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේදීයි. එහිදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ නායකයා මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව තමන් සතුකර ගැනීමට තීරණය කළේය. ඒ දිවා තරගයක උදෑසන හිරු එළිය යටතේ ඉනිමක් ආරම්භ කිරීම පීඩනයකින් තොරව ලකුණු රැස් කළ හැකි සාර්ථක උපක්‍රමයක් නිසාවෙනි.

එම තීරණයට උපරිම සාධාරණයක් ඉටු කළ බංග්ලාදේශ පිතිකරුවන් පන්දුවාර 50ම පිටියේ රැඳෙමින් අද ලකුණු 273ක් වාර්තා කර ගැනීමට සමත් විය. ඒ කඩුලු 7ක් පමණක් කැප කරමිනි. මෙම මෙහෙයුම සඳහා මූලිකත්වය ගත්තේ තවමත් වයස 18 පසු වුවද මේ වනවිටත් අවස්ථා කිහිපයකදීම බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූ ක්‍රීඩකයෙකු වන මොහමුදුල් හසනුයි. ඔහු අද අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් ලකුණු 126ක් රැස්කර ගත්තේය. ඒ පන්දු 138කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර ද්විත්වයක් එල්ල කරමිනි.

මෙම සාර්ථක ඉනිම නිසා ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද තරමක් පසුබෑමට ලක් වෙද්දී අනෙක් අන්තයේ සිට ඔහු හා ලකුණු සබඳතා ගොඩ නැගීමට සෙසු පිතිකරුවෝ උත්සුක වූහ. ඉන් වඩාත් කැපී පෙනුනේ දකුණත් මැදපෙළ පිතිකරු තවුහිද් රිදෝයි ලබාගත් අර්ධ ශතකයයි. ඔහුගේ දායකත්වයෙන් තුන්වැනි කඩුල්ල සඳහා ගොඩ නැගුණු ශතක සබඳතාවය අවසන් වනවිට බංග්ලාදේශ ඉනිම දැක්වුනේ ලකුණු 177කට කඩුලු 3ක් ලෙසයි. බංග්ලාදේශයට අද ශ්‍රී ලංකාවේදීම ඔවුන්ව පරාජය කිරීමට හැකිවීමේ තීරණාත්මක සන්ධිස්ථානය වූයේ හසන් සහ රිදෝයි අතර ගොඩ නැගුණු මෙම සබඳතාවයයි.

බංග්ලාදේශ ඉනිම අඩු ලකුණකට සීමා කිරීමට හැකි තරමේ තර්ජනාත්මක පන්දු යැවීමක් අද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් පෙන්නුම් නොකෙරුණු අතර ඔවුන් කඩුලු දවා ගන්නා මොහොත වනවිට අශ්වයා ඉස්තාලය හැරගොස් තිබුණි. කෙසේවෙතත් වමතින් වේග පන්දු යවන දිල්ශාන් මධුශංක බිඳ හෙලූ කඩුලු 3ත්, දකුණත් පිට දඟ පන්දු යවන ඇශියන් ඩැනියෙල් බිඳ හෙලූ කඩුලු 2ත් බංග්ලාදේශ ඉනිම ලකුණු 300 සීමාවට ලඟා වන්නට නොදී නවතා ගැනීමට උපකාරී විය.

රෂීඩ් ඇතුළු ඇෆ්ගන් ක්‍රීඩකයෝ ලෝක ක්‍රිකට් ඉතිහාසය අලුත් කරති

රෂීඩ් ඛාන් ඇතුළු ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ලෝක ක්‍රිකට් ඉතිහාස පොතේ වාර්තා කිහිපයක්ම අලුත් කරමින් බංග්ලාදේශය සමඟ පැවති එකම ටෙස්ට් ක්‍රිකට්

මෙම ඉලක්කය ජය ගැනීමට උත්සාහ කළ ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් රැසක් හොඳ ආරම්භයක් ලබා ගත්තද ඉනිම පුරාවට කැපී පෙනුනු එක් අඩුපාඩුවක් විය. ඒ බංග්ලාදේශය වෙනුවෙන් මොහමුදුල් හසන් ක්‍රීඩා කළ ආකාරයේ දීර්ඝ ඉනිමක් කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවෙකුට ක්‍රීඩා කිරීමට නොහැකි වීමයි. කණ්ඩායම වෙනුවෙන් අද වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ලකුණු 42ක් ලබා ගත්තේ අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි රොහාන් සංජයයි. මීට අමතරව නායක නිපුන් ධනංජය ලකුණු 36ක් ද, කමිල් මිශාර සහ අහන් වික්‍රමසිංහ ලකුණු 33 බැගින් ද රැස් කළද ශ්‍රී ලංකා පිළට අවශ්‍ය දේ ලබා දීමට ඔවුන්ට හැකිවූයේ නැත.

ඒ අනුව බංග්ලාදේශය නිරන්තරයෙන්ම කඩුලු දවා ගනිමින් ශ්‍රී ලංකාවට ලකුණු වේගය වැඩි කිරීමට අවස්ථාවක් නොදීමේ ප්‍රතිඵලය බවට පත්වූයේ ඉනිමේ අවසන් කොටසේ දී පසුපෙළ පිතිකරුවන් දැඩි පීඩනයකට ලක් වීමයි. ඒ නිසාවෙන්ම ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 47යි පන්දු 4ක් අවසානයේ නිමාව දුටුවේ ලකුණු 231කටයි. ඒ අනුව බංග්ලාදේශයට ලකුණු 42ක පහසු ජයක් හිමිවිය. පන්දු යැවීමේ දී රකිබුල් හසන් කඩුලු 3ක් ද, අශ්රාෆුල් ඉස්ලාම් සහ ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් ද බිඳ හෙලූහ.

මෙම ජයග්‍රහණයත් සමඟින් බංග්ලාදේශය B කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණ ගත්තේ ප්‍රසාද ලකුණු 6ක් සමඟිනි. ඒ අනුව ප්‍රසාද ලකුණු 4කට පමණක් හිමිකම් කියූ ශ්‍රී ලංකාවට දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදුවිය. අද ලැබූ පරාජය නිසා ශ්‍රී ලංකාවට විඳින්නට සිදුවන බලවත්ව පාඩුව වන්නේ ඔවුන්ට අවසන් පූර්ව වටයේදීම ඉන්දියානු යොවුන් පිළ හා තරග වැදීමට සිදුවීමයි. එසේම අද තරගය ජය ගැනීම නිසා බංග්ලාදේශයට අවසන් පූර්ව වටයේ දී මුණ ගැසෙන්නේ සාපේක්ෂව දක්ෂතාවය අතින් අඩු ඇෆ්ගනිස්තානු කණ්ඩායමයි.

Result


Sri Lanka U19
231/10 (47.4)

Bangladesh U19
273/7 (50)

Batsmen R B 4s 6s SR
Tanzid Hasan c Kamil Mishara b Dilshan Madusanka 17 28 2 0 60.71
Mahmudul Hasan c Kavindu Nadeeshan b Navod Paranavithana 126 140 12 2 90.00
Parvez Hossain lbw b Ashian Daniel 10 18 1 0 55.56
Tawhid Hridoy b Kavindu Nadeeshan 50 75 4 0 66.67
Shamim Hossain b Ashian Daniel 22 17 1 1 129.41
Akbar Ali c Kavindu Nadeeshan b Dilshan Madusanka 14 11 1 0 127.27
Shahadat Hossain not out 12 9 0 1 133.33
Mirttunjoy Chowdhury b Dilshan Madusanka 4 3 1 0 133.33
Rakibul Hasan not out 4 1 1 0 400.00


Extras 14 (b 0 , lb 0 , nb 2, w 12, pen 0)
Total 273/7 (50 Overs, RR: 5.46)
Fall of Wickets 1-30 (7.5) Tanzid Hasan, 2-56 (12.5) Parvez Hossain, 3-177 (38.5) Tawhid Hridoy, 4-209 (44.2) Shamim Hossain, 5-244 (46.3) Mahmudul Hasan, 6-264 (49.1) Akbar Ali, 7-269 (49.5) Mirttunjoy Chowdhury,

Bowling O M R W Econ
Ashian Daniel 9 0 39 1 4.33
Dilshan Madusanka 10 0 54 3 5.40
Chamindu Wijesinghe 5 0 27 0 5.40
Rohan Sanjaya 10 0 47 0 4.70
Kavindu Nadeeshan 10 0 76 1 7.60
Navod Paranavithana 6 0 30 1 5.00


Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Akbar Ali b Shoriful Islam 17 19 4 0 89.47
Kamil Mishara b Rakibul Hasan 33 51 4 0 64.71
Ravindu De Silva c Tanzid Hasan b Ashraful Islam 17 35 1 0 48.57
Ahan Wicrkamasinghe c & b Shamim Hossain 33 43 2 1 76.74
Nipun Dananjaya st Akbar Ali b Ashraful Islam 36 45 2 0 80.00
Avishka Tharindu c Parvez Hossain b Shoriful Islam 22 28 2 0 78.57
Kavindu Nadeeshan c Mahmudul Hasan b Rakibul Hasan 0 3 0 0 0.00
Chamindu Wijesinghe c Ashraful Islam b Rakibul Hasan 1 4 0 0 25.00
Rohan Sanjaya c Shahadat Hossain b Mirttunjoy Chowdhury 42 36 4 2 116.67
Ashian Daniel run out (Shamim Hossain) 5 5 1 0 100.00
Dilshan Madusanka not out 13 17 1 1 76.47


Extras 12 (b 0 , lb 8 , nb 0, w 4, pen 0)
Total 231/10 (47.4 Overs, RR: 4.85)
Fall of Wickets 1-22 (4.6) Navod Paranavithana, 2-65 (15.4) Kamil Mishara, 3-79 (18.5) Ravindu De Silva, 4-132 (28.5) Ahan Wicrkamasinghe, 5-151 (34.4) Nipun Dananjaya, 6-152 (35.2) Kavindu Nadeeshan, 7-162 (37.1) Chamindu Wijesinghe, 8-176 (38.6) Avishka Tharindu, 9-183 (40.5) Ashian Daniel, 10-231 (47.4) Rohan Sanjaya,

Bowling O M R W Econ
Shoriful Islam 9 0 39 2 4.33
Shamim Hossain 10 0 40 1 4.00
Mirttunjoy Chowdhury 8.4 0 38 1 4.52
Ashraful Islam 10 0 47 2 4.70
Rakibul Hasan 10 0 49 3 4.90



එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලය අතර තරගය 

යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ මේ දක්වා පැවති තරග සියල්ලම පරාජය වූ කණ්ඩායම් දෙකක් අතර B කාණ්ඩයේ අවසන් තරගය ක්‍රියාත්මක වූයේ කොළඹ වෙළඳ සංගම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. එහිදී එම තරගයෙන් පහසු ජයක් හිමි කරගත් නේපාල යොවුන් ක්‍රිකට් කණ්ඩායම ගෞරවය බේරා ගනිමින් තරගාවලියෙන් සමු ගැනීමට සමත් විය. නමුත් ඔවුන් තරම් වාසනාවන්ත නොවූ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරගාවලියෙන් ඉවත් වන්නේ තමන් සහභාගි වූ තරග 3න්ම පරාජය භාර ගනිමිනි.

මෙම තරගයේ අරාබි පිළේ ඇරයුමට අනුව මුලින් පන්දුවට පහර දුන් නේපාලය කඩුලු 9කට ලකුණු 285ක් රැස් කරගත් අතර බොහෝමයක් පිතිකරුවන් අද තම යුතුකම් කොටස ඉටු කරනු දැක ගන්නට ලැබුණි. එහිදී මූලිකත්වය ගත්තේ මෙම තරගාවලිය පුරාවට ලකුණු අතර සිටි රෝහිත් පවුඩෙල් නම් ඔවුන්ගේ නායකයායි. ඔහු අද පන්දු 83කට මුහුණ දෙමින් ලකුණු 67ක් රැස් කළේ හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමඟයි. පන්දු යැවීමේ දී ආකාශ තහීර් සහ සංචිත් ශර්මා කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

රවීගේ වැටුප කෝටි දෙකකින් පමණ ඉහළට!

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සිය කොන්ත්‍රාත්තුව දිගු කළ රවී ශාස්ත්‍රී හට 20%ක වැටුප් වැඩි වීමක් ලබා දීමට ඉන්දීය ක්‍රිකට් පාලක

මෙම දැවැන්ත ඉනිම පසුපස හඹාගිය එක්සත් අරාබි එමීර් පිළට රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 125ක් පමණි. එහිදී සාගර් දාකර් කඩුලු 3ක් බිඳ හෙලද්දී සූර්‍යා තාමන්, රශීඩ් කාන් සහ පවන් සරෆ් කඩුලු 2 බැගින් බිඳ හෙලමින් ඉක්මන් තරග ජයක් තම කණ්ඩායමට ගෙන දුන්හ. ඒ අනුව නේපාල යෞවනයින් මෙම තරගය ජය ගත්තේ ලකුණු 160ක දැවැන්ත පරතරයකිනි.

නේපාල යොවුන් පිළ – කඩුලු 9ක් දැවී ලකුණු 285 (පන්දුවාර 50)

රෝහිත් පවුඩෙල් 67, සුන්දීප් ජෝරා 48, අසීෆ් ශෙයික් 45, රශීඩ් කාන් 44, කමල් සිං 41, සංචිත් ශර්මා 3/26, ආකාශ තහීර් 3/62, පලනියපන් මෙයියප්පන් 2/67.

එක්සත් අරාබි එමීර් යොවුන් පිළ – සියල්ලන්ම දැවී ලකුණු 125 (පන්දුවාර 34.4)

ව්‍රිතිය අරවින්ද් 28, අලිශන් ශරෆු 21, ඔසාමා හසන් 16, සයිඩ් හයිඩර් 15, සාගර් දාකර් 3/20, සූර්‍යා තාමන් 2/18, රශීඩ් කාන් 2/26, පවන් සරෆ් 2/26.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<