“Dambulla Viiking නායකයා කවුද කියලා දැන්ම කියන්න බැහැ” – පුහුණුකරු

ලංකා ප්‍රිමියර් ලීගය - Coverage powered by My Cola

498

පළමු වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන කණ්ඩායම් 5ම මේ වන විට හම්බන්තොට Shangri-La හෝටල් පරිශ්‍රය වෙත ළඟා වී ඇත.

කෙසේ නමුත් පුහුණු සැසියක් පැවැත්වීමකින් තොරව Dambulla Viiking කණ්ඩායමේ නායකයා කවුද කියා නිසි ලෙස නම් කිරීමට නොහැකි බව එහි ප්‍රධාන පුහුණුකරු Owais Shah පවසා සිටියි.

Dambulla Viiking කළමනාකාරිත්වය තරගාවලිය අතරතුර කණ්ඩායමට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න පිළිබඳව තවමත් අවසන් තීරණයකට පැමිණ නොමැත.

අනෙක් ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය මෙන්ම සිය නිරෝධායන කාලය ගත කරමින් සිටින Dambulla Viiking ප්‍රධාන පුහුණුකරු Owais Shah වෙත යොමු කළ ප්‍රශ්න කිහිපයක දී ඔහු මෙසේ පිළිතුරු ලබා දී තිබුණි.

ඔබට ලැබී තිබෙන සංචිතය ගැන මොකද හිතෙන්නේ?

දේශීය හා විදේශීය ක්‍රීඩකයින් සමන්විත අපගේ සංචිතය තුල තරුණ හා අත්දැකීම් සම්මිශ්‍රණයක් තිබෙනවා. මම තරගය ජය ගැනීම සඳහා කණ්ඩායමට මඟ පෙන්වන අතරම ඔවුන් සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.

තවත් ක්‍රිකට් පුවත්

මෙවර LPL තරගාවලියට සහභාගී වෙන අනෙක් කණ්ඩායම් කොහොමද?

දක්ෂ දේශීය හා විදේශීය ක්‍රීඩකයින් රැසක් අනෙක් කණ්ඩායම්වලත් ඉන්නවා. ඒක නිසා මේ තරගාවලිය ඉතාමත් ඉහළ මට්ටමේ තරගකාරී තරගාවලියක් වේවි, මම ඒ අභියෝගය බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මෙවර LPL තරගාවලියේ දී Dambulla Viiking කණ්ඩායමේ නායකයා කවුරුන් වෙයි ද?

නායකයෙකු තෝරා ගැනීම සඳහා අපගේ සංචිතයේ විකල්ප ගණනාවක් තිබෙනවා. ඒක ඉතාමත් හොඳ දෙයක්. නමුත් අපගේ කණ්ඩායමේ නායකයා කවුරුන්ද කියලා අපි තාමත් තීරණය කරලා නැහැ. අපේ සංචිතයේ නායකයා පත් කිරීමට පෙර මේ ක්‍රීඩකයින් සමඟ පුහුණු සැසි කිහිපයක් තියලා බලන්න මට අවශ්‍යයි.

සිය නිරෝධායන කාලය අවසන් කිරීමෙන් පසුව Dambulla Viiking කණ්ඩායම සහභාගී වන පළමු පුහුණු සැසිය සඳහා හෙට (23) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතය.

Lanka Premier League තරගාවලිය මෙම මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර තරගාවලියේ මුල්ම තරගය Colombo Kings සහ Kandy Tuskers අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සියලු තොරතුරු MyCola අනුග්‍රාහකත්වය යටතේ ThePapare.com හරහා ඔබ වෙත ගෙන ඒමට සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<