මලල ක්‍රීඩා දැවැන්තයෙක් ක්‍රිකට් පිටියට!

58

මීටර 100 ධාවන ඉසව්වේ හිටපු ලෝක ශූරයෙක් වන ජැමෙයිකානු ක්‍රීඩක යොහාන් බ්ලේක් දෙසැම්බර් මස 1 වැනිදා සිට 5 වැනිදා දක්වා ඉන්දියාවේ සංචාරය කරමින් එළඹෙන වසරේ මුම්බායි හිදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක ප්‍රචාරණය සඳහා සහභාගී වන බව වාර්තා වේ.

මුරලි, බ්‍රෙට් ලී, තෙන්දුල්කාර් නැවතත් ක්‍රිකට් වලට?

සචින් තෙන්දුල්කාර්, බ්‍රෙට් ලී, මුත්තයියා මුරලිදරන්, බ්‍රයන් ලාරා වැනි ලෝක ක්‍රිකට් දැවැන්තයන් සහභාගි වන…………..

සචින් තෙන්දුල්කාර්, බ්‍රෙට් ලී, මුත්තයියා මුරලිදරන්, බ්‍රයන් ලාරා වැනි ලෝක ක්‍රිකට් දැවැන්තයන් සහභාගි වන මෙම විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමේ අරමුණ වී ඇත්තේ මාර්ග අනතුරුවලින් ආරක්ෂා වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ 2021 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා යම් ප්‍රචාරණයක් ලබා දීමයි.

තරගාවලිය සඳහා ජැක් කලීස්, විරේන්ද්‍ර ශෙවාග් මෙන්ම ශිවනරීන් චන්ද්‍රපෝල් ද සහභාගි වීමට නියමිතය. ESPNcricinfo වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට මෙම තරගාවලිය එළඹෙන වසරේ පෙබරවාරි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා වන කාලය තුල දී මුම්බායි හිදී පැවැත්වීමට නියමිතය. ඒ සඳහා India Legends, Australia Legends, South Africa Legends, Sri Lanka Legends හා West Indies Legends ලෙස කණ්ඩායම් 5 ක් සහභාගි වනු ඇත. 

එම තරගාවලියේ මූලික අදියර මෙසේ පෙබරවාරි මාසයේ දී පැවැත්වෙන අතර ඔහු ඉන්දියාව තුල දී එම තරගාවලියේ ප්‍රචාරණ වැඩසටහන් කිහිපයකටම සහභාගී වෙමින් මාර්ග අනතුරුවලින් ආරක්ෂා වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සිදු කරනු ඇත. 

ශ්‍රී ලංකා ආධිපත්‍ය මෙවර පාකිස්තානය ඩැහැගනී

ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඊයේ (23) බංග්ලාදේශයේ මීර්පූර්හි ශේරේ බංග්ලා……………

බ්ලේක් ක්‍රිකට් ක්‍රීඩාව සමඟ ඉතාමත් සමීපයෙන් සිට තිබෙන අතර ඔහු සිය උසස් අධ්‍යාපන කටයුතු අතරතුර (St Jago High School) සිය උසස් අධ්‍යාපන ආයතනයේ ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කර තිබේ. කෙසේ නමුත් ඔහු ලොවම ආදරය කරන තරුවක් බවට පත්වූයේ ධාවන පිටියේ විශේෂයෙන්ම කෙටිදුර ධාවන පිටියේ දැක්වූ දස්කම් නිසයි.

ඔහුට එළඹෙන පෙබරවාරි මස දී පැවැත්වෙන මේ ක්‍රිකට් තරගාවලිය සඳහා ද සහභාගී වන ලෙස විවිධ ඉල්ලීම් ලැබී තිබෙන නිසාවෙන් බ්ලේක් ද මේ තරගාවලිය ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබේ. ඔහු මීට පෙර ද මෙවැනි ආකාරයේ ප්‍රචාරණ ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගී වී ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<