23න් පහළ කාන්තා T20 පිටියට වර්ෂාවෙන් බාධා

NSL Womens U23 T20 Tournament 2024

116
NSL Womens U23 T20 Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දවසේ තරග ද්විත්වය ම වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණ තරග ලෙසින් ප්‍රසාද ලකුණු පුවරුවට එක් වුනා.

අද (15) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබූ  Dambulla සහ Colombo අතර තරගයත් සහ Kandy සහ Galle අතර තරගයත් මෙසේ අතහැර දැමුණා.

කෙසේ වෙතත් Dambulla සහ Colombo අතර තරගය පන්දු වාර 15.5ක් දක්වා පැවැත්වීමෙන් අනතුරු ව නතර කෙරුණ අතර සහ Kandy සහ Galle අතර තරගය එකඳු පන්දුවක් හෝ අතහැර දැමුණා.

Dambulla සහ Colombo අතර තරගය

කාසියේ වාසිය දිනා ගත්   දඹුලු ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද එය එතරම් ම සාර්ථක වූයේ නැහැ. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඔවුන්ට රැස් කරගත හැකි වූයේ කඩුලු 6ක් දැවී ලකුණු 38ක් පමණයි. ඒ වෙනුවෙන් ඔවුන් පන්දු 95කට මුහුණ දී තිබුණා.

ඔවුන් මේ ලකුණු ප්‍රමාණය ලබා ගත්තේ අතිරේක ලකුණු 12ක් ද සමඟිනුයි.

කෙසේ වෙතත් ඉනිමේ වැඩිම ලකුණුලාභීන්  ලෙසින් විශ්මි සොයිසා පන්දු 27කට මුහුණ දෙමින් ලකුණු 5ක් ද සහ නිලක්ෂි කාවින්ද්‍යා පන්දු 25කට මුහුණ දෙමින් ලකුණු 5ක් ද ලබා තිබුණා.

එතෙක් පැවැති ඉනිමේ කඩුලු ලබා ගැනීමේ දී හෂිනි ලියනගේ, දිනිති සේනානායක, නෙත්මි සංජනා සහ තරුෂි තත්සරණි කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

Dambulla Women’s – කඩුලු 6ක් දැවී 38 (15.5) නිලක්ෂි කාවින්ද්‍යා 5, හසිනි ලියනගේ 1/06

තරගයේ විසඳුමක් නෑ.

National Super League වයස අවුරුදු 23න් පහළ විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් මේ මස 20 වැනිදා පැවැත්වෙන අතර එම තරග ද්විත්වය ද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<