Home Sinhala ආබාධ පරදා B-Love Kandy මංගල LPL කිරුළ දිනයි!

ආබාධ පරදා B-Love Kandy මංගල LPL කිරුළ දිනයි!

507
Dambulla Aura vs B-Love Kandy

තරගාවලියේ මුල් කොටසේදී ප්රසාද ලකුණු සටහනේ පතුලේ සිටිමින්, කණ්ඩායම සතු ප්රබල තුරුම්පු රැසක් ආබාධයට ලක්වීම කලමනාකරණය කර ගනිමින් මංගල LPL කුසලානයේ පහස විඳ ගැනීමට ඊයේ (20) B-Love Kandy කණ්ඩායම සමත් වුනා 

මුලසිටම සාර්ථක ගමනක් ප්රබල Dambulla Aura කණ්ඩායම කඩුලු 5කින් පරාජය කරමින්. ඉතිහාසයේ වැඩිම ප්රේක්ෂක ආකර්ශණයක් තිබූ තරගාවලිය ලෙස අවිවාදයෙන්ම සඳහන් කළ හැකි සිව්වැනි LPL තරග සමයේ අවසන් මහා තරගය නැරඹීමට ඊයේ ප්රේක්ෂකයින් අතුරු සිදුරු නැතිව ආර්. ප්රේමදාස පිටියට පිවිස සිටියා. 

තරගය වෙනුවෙන් අලුත් තණතිල්ලක් සූදානම් කර තිබූ නිසා Dambulla Aura නායක කුසල් මෙන්ඩිස් මුලින් පිතිකරණයේ යෙදීමට තීරණය කළා. පසුගිය තරගයේ පිත්තෙන් සහ පන්දුවෙන් සුපිරි දස්කම් දක්වමින් Kandy කණ්ඩායම අවසන් තරගය දක්වා ගෙන වනිඳු හසරංග පාදයේ ආබාධ තත්ත්වය නිසා අවසන් තරගයට සහභාගි වුනේ නැහැ 

ඔහුගෙන් හිස්වුනු නායකත්වය ඊයේ ඇන්ජෙලෝ මැතිව්ස්ට හිමිව තිබුනා. තරගය ඇරඹී යැවූ තුන්වැනි පන්දුවාරයේ දීම තරගාවලියේ වැඩිම ලකුණු ලාභීන් අතර සිව්වැනි ස්ථානයේ සිටි අවිශ්ක ප්රනාන්දු දවා ගැනීමට නුවන් ප්රදීප් සමත් වුනා. පන්දු 10කට මුහුණ දී අවිශ්ක රැස්කළේ ලකුණු 5ක් පමණයි 

දෙවැනි කඩුල්ලට අර්ධ ශතක සබඳතාවයක් එක් කිරීමට නායක කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්රම සමත් වුනත් ඔවුන් වෙනුවෙන් පන්දු 47ක් වැය කිරීම ගැටලුවක් වුනා. වෙනදාට ප්රවේගකාරී ඉනිම් කරා යොමුවන කුසල් මෙන්ඩිස් ඊයේ පන්දු 23කට මුහුණ දී ලබා ගත්තේ ලකුණු 22ක් පමණයි. මෙය Dambulla Aura කණ්ඩායමේ පසුබෑමට හේතු වූ බව තරගයෙන් පසුව මෙන්ඩිස්ම ප්රකාශ කළා. 

Dambulla නායකයා මෙන්ම පන්දු 30කින් ලකුණු 36ක් ලබා සිටි සදීර සමරවික්රමගේ කඩුල්ලත් බිඳ දැම්මේ වනිඳු හසරංගගේ සහෝදරයා වන චතුරංග සිල්වායි. ඉනිමේ අවසන් කොටසේදී අවස්ථාවේ හැටියට සාර්ථක ඉනිමක් ක්රීඩා කළ ධනංජය සිල්වා පන්දු 29කින් ලකුණු 40ක් රැස් කළා. ඔහු Mohommad Hasnain පිට පිටම හයේ පහර 2ක් එල්ල කිරීමට සමත් වීම විශේෂත්වයක්. 

කුසල් ජනිත් පෙරේරා පන්දු 25කින් නොදැවී ලකුණු 31ක් ලබා ගනිද්දී Dambulla Aura කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 147ක් ලකුණු පුවරුව මත සටහන් කිරීමට හැකිවුනා. කෙසේවෙතත් ඔවුන් තවත් වේලාසන ප්රහාරයට යොමු වූවානම් තම පිතිකරණ ලැයිස්තුවෙන් උපරිම ප්රයෝජන ගැනීමට හැකි වන්නට ඉඩ තිබුනා. තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වන වනිඳු නොමැතිව ප්රතිවාදීන් ලකුණු 150 අඩුවෙන් රඳවා ගැනීම Kandy කණ්ඩායමට විශාල සහනයක් වුනා. 

සාමාන්යයෙන් ලකුණු 147ක් යනු විස්සයි විස්ස තරගයක අඩු ලකුණු සංඛ්යාවක් වුවත් මෙවර LPL තරගාවලිය පුරාවට ආර්. ප්රේමදාස පිටියේදී හඹාගොස් ජයගෙන තිබූ වැඩිම ලකුණු සංඛ්යාව වූයේ ලකුණු 146ක් පමණයි. එබැවින් අවසන් තරගයක පීඩනය යටතේ මෙම ලකුණු සංඛ්යාව ප්රවේශමෙන් හඹා යාමේ අවශ්යතාවය දැඩිව දැනුනා. සඳහා කදිම ආරම්භයක් Mohommad Haris සහ කමිඳු මෙන්ඩිස්ගෙන් ලැබුනා. 

පවර්ප්ලේ පන්දුවාර 6දී කිසිදු කඩුල්ලක් ප්රතිවාදීන්ට ලබා නොදුන් ඔවුන් පළමු කඩුල්ලට ලකුණු 49ක් එකතු කළා. දුර්වල පන්දු වලට ඉදිරියට පැන වැරෙන් පහර දුන් Haris අවසානයේ Noor Ahmedගේ පන්දුවක් කඩුල්ලේ වැදී දැවී යනවිට පන්දු 22කින් ලකුණු 26ක් ලබා සිටියා 

හොඳින් පන්දු යවමින් සිටි Noor Ahmed රිවර්ස් ස්වීප් පහරකින් ලකුණු 4ක් ලබාගත් කමිඳු, ප්රේක්ෂකයින් දැඩි පෙළඹවීම මත නැවතත් එවැනිම පහරක් කරා උත්සාහ කිරීමේදී දැවී ගියේ Kandy කණ්ඩායම අනවශ් පීඩනයක් කරා යොමු කරමින්. වනවිට පන්දු ගණනට ලකුණු ගණන අවශ් කළ නිසා කමිඳුට මෙම තරගය පහසුවෙන්ම අවසන් කිරීමටද ඉඩ තිබුනා. 

පන්දු 37කින් ලකුණු 44ක් ලබාගත් කමිඳු දැවී යනවිට B-Love Kandy ඉනිම දැක්වුනේ ලකුණු 94 කඩුලු 2ක් ලෙසයි. ප්රතිවාදීන්ගේ අත්වැරදීම් වලින් වාසි ගත් Dambulla Aura කණ්ඩායම එතැන් පටන් ප්රබල ලෙස තරගයට අවතීර්ණ වුනා. ලකුණු 24ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල්ව ඔවුන් දවා ගන්නේ වේගයෙන් හතරේ සීමාව කරා ඇදී යමින් තිබූ පන්දුව ප්රමෝද් මදුශාන් විසින් ශරීරයේ සමබරතාවයද විශිෂ්ට ලෙස රඳවාගෙන හතරේ සීමාව අසල සිට ඩැහැගත් නිසයි. 

ලකුණු වේගය වැඩි කිරීමේ අටියෙන් පිටියට පිවිසි චතුරංග සිල්වා ඊයේ ලකුණු නොලබාම දැවී යාමත් සමඟ Kandy කණ්ඩායමට තරගය ජය ගැනීමට නම් පන්දුවාරයකට ලකුණු 10 බැගින් අවශ් කෙරුනා. පීඩනය උපරිමයෙන් ඉහළ නගිමින් තිබූ මේ මොහොතේ පාකිස්තානු ක්රීඩක Asif Ali පන්දු 10කින් ලකුණු 19ක් ලබා ගැනීම තරගයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස නම් කළ හැකියි. 

අවසානයේ කුසල් පෙරේරා ශෝට් තර්ඩ්මෑන් හි සිට විදුලි වේගයෙන් අහසට පැන ලබාගත් අති විශිෂ්ට උඩපන්දුවක් නිසා මෙම හඹා යාමේ සම්පූර්ණ වගකීම පැවරුනේ ඇන්ජෙලෝ මැතිව්ස්ටයි. ඔහු තම වසර 15 ජාත්යන්තර අත්දැකීම් සියල්ල යොදා ගනිමින් අවශ්යම මොහොතේ හතරේ සීමාව කරා පන්දුව යොමු කරමින් B-Love Kandy කණ්ඩායම සාර්ථකව ජය කණුව කරා රැගෙන ගියේ ඉනිම නිමා වීමට තවත් එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදීයි. 

තීරණාත්මක ඉනිම ක්රීඩා කළ ඇන්ජෙලෝ මැතිව්ස් තරගය අවසන් වනවිට පන්දු 21කින් නොදැවී ලකුණු 25ක් ලබා සිටියා. පන්දු යැවීමේ දී Dambulla Aura කණ්ඩායම දෙසට තරගය හරවා ගන්නට ප්රබල උත්සාහයක් දැරූ Noor Ahmed කඩුලු 3ක් බිනුර ප්රනාන්දු කඩුලු 2ක්ද දවා ගත්තා. LPL තරග ඉතිහාසයේ මුල් වරට අවසන් තරගයක් සඳහා සුදුසුකම් ලැබූ B-Love Kandy කණ්ඩායම එම අවස්ථාවේදීම කුසලානයට හිමිකම් කීම විශේෂත්වයක්. 

Result


B-Love Kandy
151/5 (19.5)

Dambulla Aura
147/4 (20)

Batsmen R B 4s 6s SR
Avishka Fernando c Mohammad Haris b Nuwan Pradeep  5 10 0 0 50.00
Kusal Mendis c Dinesh Chandimal b Wanindu Hasaranga 22 23 3 0 95.65
Sadeera Samarawickrama b Wanindu Hasaranga 36 30 5 0 120.00
Kusal Janith not out 31 25 2 1 124.00
Dhananjaya de Silva c Angelo Mathews b Mohammad Hasnain 40 29 0 3 137.93
Alex Ross not out 2 3 0 0 66.67


Extras 11 (b 0 , lb 3 , nb 0, w 8, pen 0)
Total 147/4 (20 Overs, RR: 7.35)
Bowling O M R W Econ
Angelo Mathews 2 0 11 0 5.50
Mujeeb ur Rahman 4 0 24 0 6.00
Nuwan Pradeep  4 0 30 1 7.50
Chaturanga de Silva 4 0 25 2 6.25
Mohammad Hasnain 4 0 38 1 9.50
Kamindu Mendis 2 0 16 0 8.00


Batsmen R B 4s 6s SR
Mohammad Haris b Noor Ahmad  26 22 3 1 118.18
Kamindu Mendis c Sadeera Samarawickrama b Noor Ahmad  44 37 3 1 118.92
Dinesh Chandimal c Pramod Madushan b Binura Fernando 24 22 3 0 109.09
Angelo Mathews not out 25 21 3 0 119.05
Chaturanga de Silva c Hayden Kerr b Noor Ahmad  0 4 0 0 0.00
Asif Ali c Kalana Perera b Binura Fernando 19 10 2 1 190.00
Lahiru Madushanka not out 5 3 1 0 166.67


Extras 8 (b 0 , lb 6 , nb 0, w 2, pen 0)
Total 151/5 (19.5 Overs, RR: 7.61)
Bowling O M R W Econ
Binura Fernando 4 0 31 2 7.75
Dhananjaya de Silva 3 0 16 0 5.33
Pramod Madushan 2.5 0 20 0 8.00
Hayden Kerr 3 0 30 0 10.00
Noor Ahmad  4 0 27 3 6.75
Dushan Hemantha 3 0 21 0 7.00



ත්යාග ප්රදානෝත්සවයේ බොහෝ සම්මාන වෙන්කර පැවතුනේ බොහෝ වෙහෙස මහන්සි වී තමන් නායකත්වය දැරූ කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන වනිඳු හසරංගටයි. ඔහුට තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා, වැඩිම ලකුණු ලාභියා මෙන්ම වැඩිම හයේ පහර ලාභියා ලෙසින්ද අඛණ්ඩව සම්මාන පොකුරක් හිමිවුනා. 

අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන හිමිවුනේ පන්දුවාර 2ක් ලකුණු 11කට ක්රියාත්මක කිරීමෙන් අනතුරුව පිත්තෙන් B-Love Kandy කණ්ඩායම සුරැකිව ජයග්රහණය කරා රැගෙන ගිය ඇන්ජෙලෝ මැතිව්ස්ටයි. මීට අමතරව හොඳම නැගී එන ක්රීඩකයා ලෙස Galle Titans කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේත්, තරගාවලියේ හොඳම පන්දු රකින්නා ලෙස Jaffna Kings නියෝජනය කළ David Millerත් සම්මානයෙන් පිදුම් ලැබුවා. 

මීට අමතරව ක්රිකට් ආයතනය විසින් කොළඹ රිජ්වේ ආර්යා රෝහල වෙනුවෙන් රුපියල් කෝටි 10 දැවැන්ත මූල් ප්රදානයක් ලබා දීමද ඊයේ ත්යාග ප්රදානෝත්සවය අතරතුරේ සිදු කෙරුනා. විචිත් වර්ණයන්ගෙන් හෙබි අලංකාර මල් වෙඩි සන්දර්ශනයකින් කොළඹ අහස ඒකාලෝක වෙද්දී B-Love Kandy කණ්ඩායම කුසලානය දෝත දැරුවේ ඊයේ මධ්යම රාත්රිය ආසන්න වෙද්දීයි 

ප්රේක්ෂක සහභාගිත්වය අති විශිෂ්ට වූ ඉතිහාසයේ අති සාර්ථකම LPL අදියරක් මේ අයුරින් උත්සවශ්රීයෙන් අවසන් කෙරුනේ ලබන වසරේ තව තවත් හැඩවැඩ ගැන්වී නැවත හමුවීමේ බලාපොරොත්තු ඇතිවයි. තවත් උණුසුම් ක්රීඩා ප්රවෘත්ති වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම! 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<